සැප්තැම්බර් 21ක හෝ ඊට පෙර හෝ පසුව කලබලයක් ඇති වෙතැයි ඇම.රා.දෙපා. නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැන අවධානය යොමු කරන්නැයි පොලිස්පතිට පැමිණිල්ලක්

ඇමරිකන් රාජ්‍ය දෙපාර්මේන්තුව සැප්තැම්බර් 21 වෙනිදාට පෙර හෝ පසුව  ශ්‍රී ලංකාව තුළ කලබලකාරී තත්වයක් ඇති වෙතැයි ඇමරිකන් පුරවැසියන්ට ප්‍රවේසම් වන්නැයි නිකුත් කළ මාධ්‍ය නිවේදනය පිළිබදවත් 2019 වර්ෂයේ සිදු පාස්කු ප්‍රහාරය වැනි භායානක තත්වයක් රට තුළ නිර්මානය විය හැකි බවට කර තිබෙන හෙළිදරව් කිරීම් නිසාත්  ඒ පිළිබදව වහා සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ පොලිස්පතිවරයාට පැමිනිල්ලක් යොමු කර ඉල්ලා සිටි.

ඇමරිකාව කියන්නේ ලෝකයේ තියෙන බලගතුම රාජ්‍යයක් වන අතර සී. අයි.එ. සංවිධානය වැනි රහස් ඔත්තු සංවිධානයක් එම රට සතුව ඇති බවත් අපි පොලිස්පතිතුමාට පැමිනිලි කොට ඉල්ලා සිටියේ ඇමරිකාව වගේ බලගතු රාජයයක් මේ වැනි ප්‍රකාශයක් කිසිදු මුලාශ්‍රයක් නොමැතිව සිදු නොකරන බවත් ප්‍රහාරයට කලින් ඉන්දියාවේ රෝ ඔත්තු සංවිධානය 2019 අප්‍රේල් 21 වනදා බෝම්බ පුපුරවන්න යන බව නීතිය හා සාමය සුරකින ආයතන වලට කලින් දැනුම් දී තිබියදීත් ඒ පිළිබදව අවධානය යොමු නොකිරීම නිසා මහ විපාකයන්ට මුහුණ දෙන්නට සිදු වු බව පසුව සිදු කරන ලද විමර්ශන වල දී හෙළි වී අති නිසාත් විමර්ශන සිදු කර ආදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි හේවාපතිරණ පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියේය .

ඔහු එසේ පැවැසුවේ කොළඹ පොලිස් මුලස්ථානයට පැමිනිල්ල භාර දිමේ අනතුරව මාධ්‍ය අමතමින්ය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්මේන්තුව මගින් නිකුත් කර ඇති නිවේදනය පිළිබදව ඔබතුමගේ අවධානය යොමු කර, රට විනාශ වෙන්න යනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න කිසියම් දේශපාලන කණ්ඩායම්ක හෝ දේශපාලන පක්ෂයක් ක්‍රියා කරනවා නම් එම පුද්ගලයන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන රට බේරා දෙන්නැයි හේවාපතිරණ පොලිස්පතිතුමගෙන් ඉල්ලා ඇත.

1937 සිට භූක්විදි සර්වජන ජන්ද බලය හා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය එරෙහිව පැෂිස්ට් නඩ ක්‍රියාත්මක වෙන්න හදනවා නම්, එම කණ්ඩායම් හෝ පක්ෂ වලින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව හේවාපතිරණ වැඩිදුරටත් සදහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *