ජාත්‍යන්තරයත් සමග කටයුතු කරද්දී, රට වෙනුවෙන් තින්දු තිරණ ගන්න පැකිලෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි

විශේෂයෙන් අපි දන්නවා අපේ රටට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් මේ කලාපයේ කවර බෙදිම් තිබුනත් අප වඩාත්ම වාසිසහගත ලෙස ඒ ඒ රාජ්‍යයන් සමග ගනුදෙනු කිරීමේ අපෙක්ෂාවන් තිබෙන බවත් අපි හුදකලා බවට පත් විය යුතු රාජ්‍යයක් නොවන බවත් ලෝකය සමග සහමුහික ඉදිරියට යා යුතු රාජ්‍යයක් වන අතර ඒ පිළිබදව තින්දු තිරණ ගන්න අප කිසිසෙත්ම පැකිලෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි .

ජනාධිපති දිසානායක එසේ පැවසුවේ ශ්‍රී ලංකා සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නමවන ජනාධිපතිවරයා ලෙස අද (23) පෙරවරු 9.30 ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම් දිමේ උත්සවයෙන් අනතුරුව ජාතිය අමතමින්ය.

අප රට ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට විශාල කාර්ය භාර්යක් පැවරෙන බවත් ඒ වගේම ශක්තිමත්ව රට ගොඩනැගීම සදහා රාජ්‍යයට උදව් කරාවි කියලා අපට ඔවුන් කෙරෙහි විශ්වාසයක් සහ බලාපොරෝත්තුවක් ඇතැයි ජනාධිපති දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .

අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය තමා ජනතාව විසින් තමන්ව පාලනය කිරීම සදහා පාලකයෙක් තෝරාපත් ගැනීම . නමුත් මැතිවරණ පැවත්විමෙන් ජන්ද ප්‍රකාශ කිරීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ . ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක් වුවත් පාලකයෙක් පත් කර ගැනීම , රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත් භාවය වගේම නීතිවල යම් ශක්තිමත් භවයක් අවශ්‍ය වෙනවා .අපි පිළිගන්නවා , ඒ නිසා ප්‍රථම කොටම රටේ ජනතාව දැනුවත් කර ගන්න වෙනවා . මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උපරිම කැපවිම මගේ ධුර කාලය ඇතුළත සිදු කරනවා .

ජනතාවගේ ජන වරම පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පෙන් වු කැපවිම සහ දැකු වු ආදර්ශයට එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා .

රට මුහුණ දී තිබෙන් අර්බුදය අපි ගැඹුරින් තේරුම් අරගෙන තියෙනවා .අපිට ලැබිලා තියෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් . අපේ දේශපාලනය මිට වඩා පිරිසිදු විය යුතුයි. ජනතාව විශාල ලෙස විශ්වාස කරන දේශපාලන සංස්තෘතියක අවශ්‍යතාවයක් තිබෙනවා .  ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැපවෙන්න සුදානම් . අපේ දේශපාලනය සම්බන්ධයෙන් පෙදු පුරවැසියාට තිබෙන්නේ අයහපත් අදහසක් . අපේ පැත්තෙන් උපරිමයෙන් නැවත දේශපාලනය ශක්තිමත් පාලනයක් කෙරෙහි විශ්වාසයක් හැදීම සදහා කටයුතු කරනවා .දේශපාලනය කෙරෙහි මහජන ගෞරවය සහ විශ්වාසය ගෙන එම සදහා අපේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල කරන්න සුදානම් .

අපට ලැබෙන ගැඹුරුතම අර්බුදයේ හුදු ආණ්ඩුවක් හුදු දේශපාලන පක්ෂයකට ,හුදු චුද්ගලයෙක්ට පමණක් පියමං කළ හැකි දේයක් කියලා විශ්වාස කරන්නේ නැහැ . මා මිට පෙරත් ඒ ගැන ප්‍රකාශ කරලා තියෙනවා . මා ඉන්ද්‍රජාලිකයෙක් හෝ මැජික්කාරයෙක් නොවෙයි . මා මේ රටේ ඉපදුනු සමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් වගේම නොහැකියාවන් තිබෙනවා .දන්න දේවල් වගේ ම නොදන්න දේවල් තිබෙනවා . හැබෑයි මගේ ප්‍රමුඛතම කාර්ය හැකයාවන් උරාගෙන දන්න දේ රැස්කරගෙන වඩා හොද තිනදු තිරණ අරගෙන මේ රට මෙහෙවිම. ඒ ව්‍යායාමේ මම සාහමුහික කොටස්කරුවෙක් බවට පත්විම තමයි මගේ වගකිම .

මෙම අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාට සියලුම ක්ෂත්‍රවල වගකිමක් තිබෙනවා . සියලුම දෙනාගේම සහාය අපෙක්ෂා කරනවා ,ඒ වගකිම ඉටු කිරීම වෙනුවෙන් . නමුත් අප තේරුම් අරගෙන තිබෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස එම කාර්යන් මොහෙවිමේදී පලමු කොට සහ ප්‍රධාන කොටම වගකිමක් මා සතුව තිබෙනවා .

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මාව ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා .ඒ තෝරාපත් කර ගැනීම සදහා ජනතාව ජන්දය මට ලබා දී තියෙනවා .අපේ වියග්‍රහනයේ සංයුතිය පිළිබදව අපට හොද අවබෝධයක් තිබෙනවා. මගේ පාලන කාලය තුළ මට පැවරි ඇති කාර්ය තමයි අපිව විශ්වාසය නෙකාරන සහාය නොදුන් ජනතාවගේ සහාය සහ විශ්වාසය දිනා ගැනීම . ඒ කාර්ය සාර්ථකව නිම කළ හැකි කියන විශ්වාසය අපට තිබෙනවා . සියලුම ජනතාවගේ සහායෝගය අපෙක්ෂා කරනවා . සියලුම තේරුවන් සරණයි ! දෙවි පිහිටයි !

ජායාරූපය උපුටා ගත්තේ lankatutha .com වෙබ් අඩවියේ උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *