ජනාධිපති අනුර දිසානායකගේ කතාව දෙම‍ළට පරිවර්තනය නොවුයේ , ජාජබයේ වරදක් ද? ජනාධිපති ලේකම් කාර්යාලයේ වරදක්ද?

අනුර කුමාර දිසානයක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ නමවන ජනාධිපති ලෙස දිවුරුම් දිමෙන් අනතුව ,සිදු කළ කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට කටයුතු නොයෙදීම සම්බන්ධනේ ජාතික ජන බලවේගයට විශාල විරෝධතාවයක් ප්‍රගතිශිලී මහජනයාගෙන් එල්ල වෙමින් ඇත.

ජාජබය ජනාධිපති දිසානායකගේ කතාව දෙමළට පරිවරතනය නොවන්න ආසන්න හේතුව ජනාධිපතිවරණයෙදී දෙමළ ජනතාව‌ගේ සහයෝගය එම බලවේගයට නොලැබීම බව පෙන්වා දෙන දේශපාලන විචාරකයෝ ජනතා විමුක්ති පෙරමුණේ සිංහල ස්වෝත්තමවාදයේ පොලා පැනීමක් යැයි ද පවසති .

මෙය උතුරු -නැගෙනහිර , වතුකරයේ ජිවත්වන දෙමළ ජනයාට මෙන්ම මේ රටේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනයාට ද සිදු කළ වෙනස් කොට සැලකිමකි .

මිට පෙර ජනාධිපතිවරු දිවුරුම් දුන් අවස්ථාවල එම කතා ඒ අවස්ථාවේම දෙමළට හෝ ඉංග්‍රීසියට පරිවර්තනය වුවා ද යන්න පිළිබද පැහැදිලි මතකයක් නැති නමුත් ජනාධිපති අනුර කුමාරගේ කතාවෙන් පසුව එම කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කර දෙමළ භාෂාව කතා කරන ජනයාට දැන ගන්නට ජාජබය විසින් සැලැසුවා ද යන්න පිළිබද සොයා බැලිය යුතුය . ජනාධිපති ලේකම් කාර්ය මගින් මිට පෙර එවැනි සම්ප්‍රදායක් අනුගමනය කර නැත්නම් එය අනෙකුත් ජාතීන් නොතකා හැරීමකි . අවුරුදු 26 මෙරට පැවති ජන සංහාරක යුද්ධය අවසන් වී අවුරුදු 15  ගත වී ඇතත් එහි පාඩම් උකහා ගත් බවක් නොපෙනෙයි.

විශේෂයෙන් රටේ නායකයාගේ සහ රාජය මගින් පවත්වන උත්සව සිදු කරන කතා සිංහලෙන් ,දෙමළෙන්  සහ ඉංග්‍රීසියෙන් ප්‍රචාරය කිරීම රාජයේ වගකිමකි.

දකුණේ සිංහල පාලකයන්ට උතුරු -නැගෙනහිර ,වතුකරයේ සහ මුස්ලිම් ජනයා මතක් වන්නේ මැතිවරණයක් ආසන්නයෙදීය. බලය බෙදීම, පොලිස් බලතල, ඉඩම් බලතල සහ සංහිදියා කොමිසන් පිළිබද පොරොන්දු ලබා දෙන පාලකයාට එවැනි පොරෝන්දු ලබා දුන් බවටද වගේ වගක් නැත‍.

ජනාධිපති අනුර කුමාර 2019යේ ජනාධිපතිවරණයේ දී උතුරු -නැගෙනහිරෙන් ලබාගත් ජන්ද ප්‍රතිශයට වඩා මෙවර 12% ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්නට ඔහු සමත් වී ඇත.

දකුණේ සිංහල පාලකයින් විශේෂයෙන් උතුරු -නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය වර්ග සංහාකර යුද්ධයේ ප්‍රමුඛ කාර්ය භාර්යක් ඉෂ්ට කළා පමණක් නොව , දකුණේ සිටි උතුරු- නැගෙනහිර දෙමළ තරුණයන් හමුදා වධකාගාර වලට අල්ලා දීමට ජනතා විමුක්ති පෙරමුණ ඍජුවම කටයුතු කළේය . එවැනි අලුගෝසු ව්‍යාපරයකට දෙමළ ජනයාගේ ජන්දය ඉල්ලන්ට ඇති අයිතිය කුමක්ද?

ජනාධිපතිවරණයට ආදාළව යාපනයේ පැවති රැලියකදී දෙමළ ජනයාට තර්ජනය කළා යැයි ජනාධිපති අනුර කුමාරට චෝදනා එල්ල විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *