දෙමළාට එරෙහිව අටවන යුධ සාහිත්‍ය මරගුල හෙවත් ජනාධිපති දිසානායකගේ පුනරුදය

සාහිත්‍ය මාසය වෙනුවෙන් සෑම අවුරුද්දකම සැප්තැම්බර් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර එය මෙවර ද පැවැත්වේ. එම පොත් ප්‍රදර්ශනය තුළ මිට පෙර දැක නොතිබුනු යුධ සාහිත්‍ය කුටියක් ද විවෘතව කොට තිබේ. යුධ සාහිත්‍ය කලාපයට ඇතුල් වන දොරටුව අබියස මෝටාර් විදිනයක් ද ප්‍රදර්ශනයට තබා ඇත. එම මෝටාර් විදිනයට ආදාළ විස්තරයක් ද එහි පාමුල තබා තිබේ .

යුධ සාහිත්‍ය කුටිය ඉදිරිපිට මෝටාර් විදිනයක් ප්‍රදර්ශනයට තැබුවේ ඇයි ද යන්න කගෙත් කුතුහලය දනවන්නකි.

දශක දෙක හාමාරක කාලයක් ලංකාව වෙලා ගෙන පැවති කූරිරු යුද්ධය අධිරජ්‍යවාදීන්ගේ ද පිටු බලය ඇතිව යකඩින් මර්දනය කිරීම සංකේතවත් කිරීම සදහා එම මෝටාර් අවිය එහි තැබුවා විය හැකිය. නැතිනම් පොත් ප්‍රදර්ශනයට පැමිණෙන මහජනයා ආකර්ශනය කර ගන්නට එම අවිය එහි තබන්නට ඇත.  ඒම මෝටාර් අවිය අයත් වන්නේ කාලතුවක්කු බලකායටය . පොත් ප්‍රදර්ශනය ඇතුළේ මෝටාර් අවියක් තබා ගැනීම සම්බන්ධයෙන් වර්ධනය වු කතා බහා සමග එම අවිය හමුදාව විසින් ඉවත් කරගෙන ඇත.

යුධ සාහිත්‍ය කුටිය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පවත්වාගෙන යන පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ නැති අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පාලනාධිකාරීයේ අවසරයෙන් ඉදි කරන ලද්දකි. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් කුටි පිළිබද විස්තර ඇතුළත් කර මුද්‍රණය කරන ලද පත්‍රිකාවේද යුධ සාහිත්‍ය කුටිය ගැන සදහන් කර නැත.

මෙම පොත් ප්‍රදර්ශනය ඇතුලේ යුධ සාහිත්‍ය කුටියක් පලමු වතාවට විවෘත වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේය. මෙය අහම්බයෙන් සිදු වු දේයකටත් වඩා දිසානායක දැනුවත්ව සිදු වුවකි. ආරක්ෂක ඇමති ජනා‍ධිපති දිසානායක වන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ එම සාහිත්‍ය කුටිය විවෘත කිරීම සදහා සැලසුම් කර තිබුනත් දිසානායක ජනාධිපති වු පසු යුධ හමුදා ප්‍රධානීන් ඒ බව ඔහුව දැනුවත් නොකළා යැයි විශ්වාස කළ නොහැකිය.

උතුරේ ජනයාගේ අරගලය සමුලඝාතනය කිරීමත් සමග බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ යුධ හමුදාවේ අවි මෙන්ම රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගත් එල්.ටි.ටි.ඊ. සංවිධානය නිෂ්පාදනය කළ අවි සහ සම්මැරීම් ද එම පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරිණ.

යුධ සාහිත්‍ය නමින් කරලියට පැමිණියේ දිසානායකලා විසින් නන්දෙඩවු පුනරුද හෙවත් ජාතික පිබීදිමේ ව්‍යාපාරය ද? ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් ලෝක බලවතුන් බවට පත් වුයේ ඒ රටවල සිදු වු ජාතික ව්‍යාපාර වල ගැම්මෙන් බව දිසානායක මැතිවරණයට පෙර පැවසීය. ඇමරිකාව ,ප්‍රංශය , ඉතාලිය සහ බ්‍රිතාන්‍යයේ සිදු වු ධනේශ්වර විප්ලවයත් සමග පෙන් වු ප්‍රගතිශීලි කාර්ය භාර්ය පලමු ලෝක යුද්ධයත් සමගින් අවසන් විය.

ලෙනින් සහෝදරයා අධිරාජ්‍යවාදයේ : ධනවාදයේ ඉහල අවධිය නම් අගනා කෘතියෙන් ධනවාදය අධිරාජ‍්‍යවාදය අවධිය දක්වා පරිවර්තනය විමේදී ජාතික රාජය අවධියේ එනම් ධනවාදයේ යෞවන අවධියේ සිදු කළ ප්‍රගතිශීලි භුමිකාව අවසන් වී ඇති බව පෙන්වා දුන්නේය . පලමු සහ දෙවන ලෝක යුද්ධ  ධනපති ක්‍රමයේ අර්බුදය පුපුරා යැමක් වන අතර තුන්වන ලෝක යුද්ධයක් අද්දරට පැමිණ තිබේ .දිසානායකලා ඊනියා පුනරුද ව්‍යාපාරයක් ගැන කතා කරන්නේ තුන්වන ලෝක යුද්ධයක් ඉදිරිපිටය .

ධනපති ක්‍රමය හැදි වැඩෙන්නේ වැඩවසම් ගර්භාෂය ඇතුළේය. වැඩවසම් ආධිපත්‍යයට එරෙහිව ධනපතියෝ ගෙන යන අරගලය පුනරුද හෙවත් ජාතික ව්‍යාපාර ලෙසද හැදිවිණ. ඊට අමතරව අධිරාජ්‍යවාදීන් යටත් කර ගත් රටවල ජාතික ධනේශ්ව පන්තිය විසින් එම ආධිපත්‍යයෙන් මිදීම සදහා ගෙන ගිය අරගල හැදින් වුයේ පුනරුද හෙවත් ජාතික විමුක්ති ව්‍යාපාර නමින්ය. .

නොනවතින විප්ලවය යනු පෘථීවිගෝලයම නිර්ධන පන්තියේ අණසකට ගෙන සමාජවාදය පිහිටුවිමෙන් පසු කොමියුනිට්ස් අවධිය තෙක් සිදු කරන නොනවතින ක්‍රියාවලියයි. විශේෂයෙන් ධනපති විඥානයට එරෙහිව ගෙන යන නොනවතින අරගලයයි.

 එහි දී ධනේශ්වර විප්ලවය සම්පුර්ණව සිදු නොවු හා පමා වී ධනේශවර සංවර්ධනය සිදු වු පසුගාමි රටවල ජාතික ධනපති පන්තිය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පවා සිදු කිරීමට අසමත් තතු යටතේ එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා විමුක්තිය දිනා ගැනීමේ කර්තව්‍යයන්ට පරිපුර්න කළ හැක්කේ යටත් වු ජාතියේ නයකයා වශයෙන් අන් සියල්ලට ම වැඩියෙන් ගොවි ජනයාගේ  නායකයා වශයෙන් නිර්ධන පන්තිය පිහිටු වු ආඥඥාදයකත්වය තුලින් පමනක් යන්න ලියොන් ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය  යනුවෙන් අවධාරණය කළේය .

ස්ටැලින්වාදීන් ඉදිරිපත් කළ තනි රටේ සමාජවාදය සහ අවධි දෙකේ විප්ලවය එරෙහිව ට්‍රොට්ස්කි අතින් නොනවතින විප්ලවීය න්‍යාය වැඩි දියුණු කෙරිණ . මෙම න්‍යාය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ,මාක්ස් සහ එංගලස් විසිනි .ඒ 1848 ජර්මනියේ ධනේශ්වර විප්ලවයෙන්  අත්දැකිම් හරහා එම න්‍යාය සුත්‍ර ගත කරන ලදි .

ස්ටැලින්වාදීන්ගේ අවධි දෙකේ විප්ලවය යනු පලමු විමුක්තිකාමීන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දේශීය ධනපති පංතියට බලය ගැනීම සදහා සහයෝගය දෙන අතර පසුව කම්කරු -පීඩිත ජනයා එකතු කර ගනිමින් දේශීය ධනපති පංතිය පෙරලා දමා බලය ගැනීමකි.

වසන්ත දිසානායක ඇතුළු ස්ටැලින්වාද‍ීන් සහ මාඔ්වාදීන් හැතිකරය ජනාධිපති අනුර කුමාර බලයට ගෙන අවේ මාක්ස්වාදයට හතුරු දක්ෂිණාංශීක වාම න්‍යාය අත්හදා බැලිමටය .1927 චිනයේ ෂැංහයි වලද‍ි ෂියං කායිෂෙක්ගේ හමුදා විසින් දහස් ගණක් මරා දැමුවේ චින ධනපති පංතිය සමග අධිරාජ්‍යවිදීන්ට එරෙහිව මහජන පෙරමුණු අටවන්නට ගොසින්ය . වසන්තලා එම අත්දැකිමට පිටුපාති. ජනතා විමුක්ති පෙරමුණ ලවා සමාජවාදය ඇති කර ගැනීමට යෑම එළුවාගේ දෙපරන්ද අස්සේ ඇති ඇට දෙක වැටෙනකම් ඌ පිටුපස යෑමකි.

නොනවතින විප්ලවය පාවා දෙමින් , නව සමසමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ඉතුරුපහදු සම්පුර්ණ කිරිම සදහා ධනපති වික්‍රමසිංහ ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් සමග එකතු වී ගමන් කළ යුතු යැයි න්‍යායක් තොරෝම්බල් කළා පමනක් නොව ඔහු වික්‍රමසිංහගේ පක්ෂයෙන් ජන්දයට ද පෙනි සිටියේය. කරුණාරත්න උත්සහ කළේ වික්‍රමසිංහ සමග එකතු වෙලා ධනපති ක්‍රමය ගොඩ නගලා ඊට පස්සේ සමාජවාදී විප්ලවය සිදු කිරීමටය. වික්‍රමබාහු ට්‍රොට්ස්කිවාදය පවා දී ස්ටැන්ලින් මාඔ්විදයට ගමන් කොට ඇත.

ජාජබය සහ දිසානායක අධිරාජ්‍යවාදීන්ට පෙම් බදින ගමන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුල නැමති දං ගෙඩියට කම්කරු -පීඩිත මහජනයා කැන්දන් යන ගමන් පුනරුදයක් ගැන කතා කරන්නේ විශේෂයෙන් දෙමළාට සහ මුසල්මානුවාට එරෙහිවද? යුධ සාහිත්‍ය නමින් කරලියට පැමිනියේ එම පුනරුද ව්‍යාපාරයද?

යුද්ධයේ නියැලි සිටි සෙබලුන්ට සහ නිලධාරීන්ට ඔවුන්ගේ අත්දැකිම් ලියන්නට අයිතියක් ඇත.  නමුත් මෙතැන ප්‍රශ්නය ඇත්තේ දෙමළාට එරෙහි යුධ සාහිත්‍ය ප්‍රවර්ධනය කරන්නේ රජයේ අනුග්‍රහයෙන් නම් එතැන බරපතළ ගැටළුවක්  තිබේ ‍.  දිසානයාක ජනාධිපති විමත් සමග පොත් ප්‍රදර්ශනයට සමගාමීව යුධ සාහිත්‍ය කුටියක් විවෘත විය. මේ ලියවෙන සාහිත්‍ය පොත පත් සුද්දාට එරෙහිව සිද්ධ කළ යුද්ධයක් ගැන නොව අප සමග අවුරුදු දහස් ගණනක සිට එකට ජිවත් වු දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය මිලෙච්ජ යුධය පිළිබදවය. දෙමළ තරුණයන් එම යුද්ධයට ඇද දැමුවේ දකුණේ සිංහල පාලකයෝය වෙති. උතුරෙත්  දකුණෙත් විවිධ හැකියාවන් සහිත විරැකියාවෙන් පෙලුනු දුගී දුප්පත් තරුණයන් යුද්ධයට බිලි වුණු අතර ධනකුවේරයන්ගේ හෝ පාලකයින්ගේ දරුවන් යුද්ධයට උර දුන්නේ නැත.

මේ පොත් වල ලිය වී ඇත්තේ දෙමළාට එරෙහිව යුද වැදුණු සිංහල සෙබලාගේ දුක්ඛ දොම්ම දස්සයන් හෝ යුද්ධයේ නිශ්ඵල භාවය හෝ නොව තුවක්කු බලයෙන් දෙමළාව සමතලා කළ දැමු හැටිය. මේ වැනි සාහිත්‍යයක්  ඇතුලේ සිද්ධ විය හැක්කේ දෙමළ සහ සිංහල කම්කරු – පීඩිත ජනයා තවතවත් ඇත්විීම සහ වෛරයෙන් එකිනෙකා දෙස බැලීමය . සිංහල සෙබලාට ඔහුගේ විර වික්‍රමයන් කියා පෑමට ඇති අයිතිය එල්.ටි.ටි.ඊ. කාඩර්වරයාට නැත. අඩුම තරමේ දකුණේ සිංහල හමුදා සමග සටන්වැද මිය ගිය සගයන් සැමරීමේ අයිතිය පවා ඔවුන්ගෙන් උදුරා ගෙන ඇත.

අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වැදුනු දෙමළ ජනයාගේ අරගලය ඩෝසර් කර දමා එම ජනයාගේ මිනි මත ගොඩනැගෙන සිංහල යුධ සාහිත්‍ය ව්‍යාපෘතිය දකුණේ 1971 ට සහ 1989 ට ආදළව ගොඩ නොගැනෙන්නේ මන්ද? දකුණේ සිංහල ධනපති හමුදාව විසින් 1971 තරුණයන් විසිදාහක්  ක්‍රෑර ලෙස මරා දැමු අතර 1998 යේ ලක්ෂයකට ආසන්න තරණයන් පිරිසක් විවිධ වධබන්ධනයන්ට ලක් කර ටයර් ස‍ැයවල් වල දමා මරා දැමුහ . ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මරා දමපු හැටිත් 1971 කතරගම රූමතියක් වු ප්‍රේමවති මනම්පේරිය ඇතුළු තරුණියන් දුෂණය කර  සහ තරුණයන් ටයර් සෑයවල් වල දමා අළු කළ හැටිත් තෝපේ ඔය යුධ සාහිත්‍යයට ඇතුළත් විය යුතු නැද්ද? ධනපති අලුගොසු හමුදා නැවත මේ ඉව අල්ලන්නේ දෙමළ ජනයාගේ ලේ රස බැලීමටද යැයි බරපතළ සැකයක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *