කුලප්පු වු අලියෙකුට පයින් ගැසු ජනක ඉණිමන්කඩ

ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹිම සදහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ “කුලප්පු වෙච්ච අලියෙකු “මෙන් ඇවිද ගියා යැයි ජනක ඉණිමන්කඩ ඔහුගේ මුහුණු පොතේ ඵල කරන ලද අදහස්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ ෆැෂිස්ට් නඩ පමනක් නොව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ද ඔහුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නට වුහ.

ඉණිමන්කඩ විදර්ශන ප්‍රකාශකයින්ගේ සංගමයේ අධිපති වේ .

“ළමා පොත් පිළිබද ජාතික ප්‍රතිපත්ති යෝජනාවලියේ කෙටුම්පත්” එළිදැක්විමේ ජාතික සමුළුවේදී එම කෙටුම්පතක් ජනාධිපති දිසානායකට පිරිනමා ඇති අතර පසුව පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ජනා‍ධිපතිවරයාට ඇරයුුුම් කර ඇත.

ජනාධිපති අනුර දිසානායක පොත් ප්‍රදර්ශනයේ පැවති බී ශාලාවට ඇතුල් වී ඇත්තේ,ආරක්ෂක අංශ නිලධාරීන් විශාල පිරිසක්, මාධ්‍යකරුවන් පිරිසක් සහ මහජනයා ද පිරිවරාගෙනය පැමිණ ඇති බවත් ආරක්ෂක නිලධාරීන් පාර දෙපස තිබු පුටු එවා අසල කුටි තුළට විසිර කළ බව ඉණිමන්කඩ ලියා තිබුණි . ජනාධිපතිවරයා පැයට කි.මි. සීයක වේගයෙන් ඇවිද ගියේ පෙරහැරක කුලප්පු වෙච්ච අලියෙකු විලසින් බව ඔහු සදහන් කරයි.

“හැමෝම කිව්වේ එක දෙයකි .මොකක් ද යකෝ ඒ වුණේ. ජනාධිපතිවරු කී දෙනෙක් මේ පොත් ප්‍රදර්ශනය ඇවිල්ලා ඇද්ද ඒ කිසිම කෙනෙක් මෙහෙම පිස්සු නැටුවේ නැතැයි” ඉණිමන්කඩ මුහුණු පොතේ වැඩිදුරටත් සදහන් ඇත.

අපේ මිත්‍ර ඉණිමන්කඩ ස‍හෘදයා තැබු සටහන සත්‍ය ද අසත්‍ය ද යන්න සොයා බලන්නේ නැතිව ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතෛෂියෙකු යැයි පමනක් නිගමනය කර ඔහුට බැණ තර්ජනය කර බියවද්දා සත්‍ය යටපත් කර දැමීමට ජාජබයට සහ ජවිපෙට සම්බන්ධ පිරිසක් කටයුතු කළහ. තර්ජන ගර්ජන හමුවේ ඉණිමන්කඩ විසින් එම සටහන මුහුණු පොතෙන් ඉවත් කර ගත්තේය .

ජාජබයේ සහ ජවිපෙ සමාජිකයින් කියන විධියට ඉණිමන්කඩ රනිල් වාදියෙකු නිසා ජනාධිපති අනුර දිසානායක අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් තැබු සටහනක් ද නැතිනම් ඔහු කියන්නේ සත්‍යයක් දැයි ලියුම්කරු විසින් සොයා බැලුුුුවේය.

ආරක්ෂක අංශ විසින් විසි කරන ලද පුටුවක් වැදි ඇත්තේ රාජ්‍ය සම්මානයට පාත්‍ර වු ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ ඇගේය. ඇය ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුුර දිසානායක සමග අමනාප නැති අතර රාහුබද්ධ එය සමන්‍ය සිද්ධියක් ලෙස සැලකුවාය. මා ඔහු සෙව්වෙමි . මා ඔහු දුටුවේ නැත. ඔහු ද මා දුටුවේ නැත යනුවෙන් දිසානායකව දැක බලා ගැනීමට සහ කතා බස් කිරීමට නොහැකි විම ඇගේ සන්තාපය ප්‍රකාශ කළේ ඒ අයුරින්ය.

ඔහු දැක බලා ගැනීමටත් කතා බස් කිරීමටත් බී ශාලාවේ සිටි ප්‍රකාශකයන් මෙන්ම ලේඛක, ලේඛිකාවන් විශාල පිරිසක් සැදිපැහැදි සිටියත් ඒ අවස්ථාව දිසානායකගේ වේගයත් ඔහු වටකරගෙන පිරිස නිසාත් අහිමි කෙරිණ.

ජනාධිපති දිසානායක නිසා බී පොත් ප්‍රදර්ශන කුටියේ ඇති වු තබදය සහ කාලගෝට්ටිය එම ප්‍රදර්ශන කුටියේ සිටි බොහෝ දෙනා කළ විචේචනය කාටවත් ඇසුණේ නැහැ . නමුත් ඉණිමන්කඩ මුහුණු පොතේ ලියපු නිසා කවුරුත් එක දැන ගත්තා. ඔහු බොරුවක් ලිවිවා යැයි ඉණිමන්කඩ වටකරගෙන පහර දෙන්න දුන්නා . හැබැයි ඔහු ලිවිවේ සිදු වු සිද්ධිය බව ලේඛිකා රාහුබද්ධ ලියුුුම්රු සමග පැවසුවාය.

ඉණිමන්කඩ මුහුණු පොතේ ඵල කළ අදහස සම්බන්ධයෙන් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිදු කළ ප්‍රකාශය භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට තහංචි පැනවීම වගේම තම සමාජිකයාව අනතුරකට ඇද දැමීමකි.

“ජනාධිපතිතුමා විසින් සැමරුම් පොතෙහි සටහන් තබන අවස්ථාවේ මාධ්‍යවේදීන් සහ මහජනයා රොද බදිමින් තෙරපෙමින් ජනාධිපතිතුමාට සුභ පතන්නට වු අතර අනතුරුව ඒ ශාලාවට සහ බී ශාලාවට ද සුභ පතන්නන් අතරින් පැමිනියේ අසීරු තත්වයක් බව සත්‍යයකි” යැයි පොත් ප්‍රකාශකයින් සංගමය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් කොට තිබේ .

ජනාධිපති දිසානායක පොත් ප්‍රදර්ශන පරිශ්‍රයට ඇතුල් වු පසු පරිශ්‍රයේ සහ පරිශ්‍රයට ඇතුල්විම සදහා පෝලිම් වල සිට අයගේ වෘෂණ කෝෂ පවා මිරිකා ආරක්ෂක අංශ පරික්ෂා කළ බව සමහරු පවසති . පරික්ෂා කිරීම සම්බන්ධයෙන් මහජනයාගෙන් දැඩි විරෝධයක් එල්ල වි තිබිණ.

ජනාධිපති දිසානායක පැමිණිමත් සමග ඇති වු තත්වය සත්‍ය බව පිළිගන්නා පොත් ප්‍රකශකයින්ගේ සංගමය ජනාධිපති දිසානායකගේ පැමිණිම නොරිස්සු එක් ප්‍රකාශකයෙකු විසින් සමාජ මාධ්‍යයට මුද්‍රහල අදහස පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප්‍රකාශ කරන එම සංගමය ඉණිමන්කඩ දිසානායකගේ ජයග්‍රහණය දරා ගත නොහැකි කුහකයෙකු යැයි දමා ගසයි.

පොත් ප්‍රකාශයින්ගේ සංගමයේ තක්කඩින් පාලකයින් ඉදිරියේ ඔවුන්ගේ දීනකම මෙන් වහල් බව පෙන්වා තම සමාජිකයා පාවා දුන්හ. ජනාධිපති දිසානායකගේ ජයග්‍රහනයත් සමග ඉහල මධ්‍යම පාන්තික ව්‍යාපාරකයින්ගේ චුන් විම සහ මංමුලා සහගත බව පෙන්වන්නකි ඉණිමන්කඩ සිද්ධිය.

ඉණිමන්කඩ සහ ලියුම්කරු අතර සමීප ඇසුරක් නැතත් විවිධ සාහිත්‍ය සහ දේශපාලන සංවාද මණ්ඩප වලදී අප හමු වී ඇති අතර එකිනෙකාගේ දෘෂ්ටිවාදයන් පිළිබද යම් අවබෝධයක් ද ඇත. ඔහු ප්‍රකාශක සමාගම අයිතිකරුවෙකු වන අතර එම සමාගමෙන් පොත් මුද්‍රණය කර ගන්නා සහ ඉණිමන්කඩ වටා රොක් වු විශාල සාහිත්‍ය මිත්‍රයින් පිරිසක් සිටියේය. එම මිත්‍රයින්ගෙන් බහුතරයක් ජාජබයට පෙම් බැදි අතර සමහරු ඉණිමන්කඩ නිවැරැදි බව දැන දැනත් ජාජබයේ බයියන්ට බයේ නිහඩ වුහ. ඉතා සුළු පිරිසක් පමනක් ඉණිමන්කඩ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් වැදුනහ.

සත්‍ය ජය ගන්නා බව අප තොපට නැවතත් කියා සිටින්නෙමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *