අරගලයේ ඉදිරි පෙළ කටයුතු කළ විශ්ව විද්‍යාල සිසුන් පිටු පස පොලිසිය පන්නයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ  නිලධාරීන් යැයි කියා ගත් පුද්ගලයින් දෙදනෙක් මාධ්‍යවේදී අන්තනී වෙරංග පුෂ්පික ප්‍රදේශයේ කුලී පදනම මත නැවාතැන් ගෙන සිටින හිඹුටාන ප්‍රදේශයේ නිවසට පැමිණ එම නිවසේ අයිතිකරුගෙන් ඔහු පි‍ළිබදව තොරතුරු විමසීම සැක කටයුතු බැවින් එම පුද්ගලයන් කවුද යන්න  හෙළි කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී පුෂ්පික මුල්ලෙරියාව පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.

පුෂ්පික කාමරයට නාදුනන පුද්ගලයන් නිතර එනවාද දැයි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් යැයි කියන පුද්ගලයන් දෙදනා එම නිවසට සැප්තැම්බර් 27 වනදා පැමිණ නිවාස හිමියාගෙන් විමසා ඇති බවත් සුම් රැස්විම් පවත්වනවාදැයි සහ කතා කරන්නේ මොනවාදැයි ද වැඩිදුරටත් ප්‍රශ්න කර තිබු‍ණි. 

එම පැමිණිල්ල CIB (02) 151/201අංකය යටතේ මුල්ලෙරියාව පොලිස් පොතේ සටහන් තබා ඇත. පැමිණිල්ල දමා ඇත්තේ 2024 සැප්තැම්බර් 26 වැනිදාය .

මාධ්‍යවේදී පුෂ්පිකගේ යතුරු පැදිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යෑමට උත්සහ කර ඇති බවත් ඔහු වැඩට යෑම සදහා යතුරු පැදිය පණ ගන්වද්දී,  එය ක්‍රියාත්මක වී නැති බවත් පසුව යතුරු පැදිය නඩත්තු කරන ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත්  එහි දී යතුරු පැදිය පරික්ෂා කරද්දී , යතුරු කටේ ව්‍යාජ යතුරක් ගිලා බැස තිබි සොයා ගත් බව පුෂ්පික පවසයි . එම සිද්ධීය සිදු වී ඇත්තේ 2024 සැප්තැම්බර් 25 වනදාය .එදින ඔහු මුල්ලෙරියාව පොලිස් ගොස් පැමිණිල්ලක් දැමීමට කටයුතු කර ඇති බවත් පොලිසිය එම පැමිණිල්ල බාර ගෙන නැති බවත් පුෂ්පික පිටුපස යම් පිරිසක් අවධානයෙන් සිටින නිසා පරිස්සම් වන්නැයි සුළු පැමිණිලි අංශයේ නිලධාරියෙකු ඔහුව දැනුවත් කර ඇත.

මුල්ලෙරියා පොලිසිය 2024 සැප්තැම්බර් 26 දමන ලද පැමිණිල්ල බාර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් කළ ඉල්ලීම මතය.

පුෂ්පික රුහුනු විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වන අතර එම විශ්ව විද්‍යාලය ඇතුලට එවකට අන්තරයේ හිටපු කැදවුම්කරු රැගෙන ගියා යැයි කියා ඔහුගේ සහ එම ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදාරනපතිරණ‌ගේ ද ශිෂ්‍ය භාවය අහෝසි කරන ලදී .

පුෂ්පික ගාලුමුවදොර අරගලයේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරීයෙක් වු අතර 2022 ජුලි 28 කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අවසන් යමින් සිටියදී , නාදුනන පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් දින කිපයක් රදවාගෙන සිට පසුව අධිකරණයට ඉදිරිපත් කළහ.

විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදනෙක් කුරුණෑගල ප්‍රදේශයෙදී කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා විසින් මෙසේ අත්අඩංගුවට ඇතැයි කියන අතර එම සිසුන් දෙදනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය කාලයේ අරගලයට සම්බන්ධ වුවා යැයි චෝදනා කොට බවත් මුහුණු පොගේ ඵල වු අදහසක සදහන් විය. අරගලයට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගන්නැයි රාජයෙන් උපදෙස් ලැබි ඇතැයි සහකාර පොලිස් අධිකාරී සිල්වා පවසා ඇතැයි ද වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *