මූල්‍ය ප්‍රාග්ධනය දුප්පත් රටවල ජීවනාලිය උරා බොයි
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අගෝස්තු 28 දින ‘’Finance capital sucking the lifeblood out of impoverished countries” යන හිසින් පල වූ නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.
විශේෂයෙන්ම කෝවිඩ් අර්බුදයේ බලපෑමට හසු වීම නිසා, වඩා අඩු ආදායම්ලාභී සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගණනාවක පසුගිය වසර හතර තුළ සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති, ණය ආපසු ගෙවීම අබලන් කරවන බලපෑම් දක්වන බ්ලොග් මාලාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇත.
“වසංගතයේ ආර්ථික කැළැල්, ලොව පුරා සිදුවන ගැටුම් සහ ගෝලීය පොලී අනුපාත හදිසියේ ඉහළ යාම” මගින් අඩු ආදායම්ලාභී රටවලට දැඩි ලෙස පහර වැදී ඇති බව මෙම මස මුලදී එය පළ කළ සටහනක සඳහන් විය.
නමුත් මෙය විසින් ඇති කරන දුප්පත්කම, කුසගින්න සහ දුක්ඛිතභාවයේ තවත් පැත්තක් තිබේ. ප්‍රතිලාභ නෙලා ගැන්මේ යෙදෙන මූල්‍ය ප්‍රාග්ධනය යෝධ වැකුම් ක්ලීනරයක් මෙන් මුදල් උරා ගනී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, “මධ්‍යස්ථය වන (median) අඩු ආදායම්ලාභී රටක්, වසර 10කට පෙර ණය සේවා සඳහා විදේශීය ණය හිමියන්ට ගෙවූ තම ආදායමේ කොටස මෙන් දෙගුණයක් — වසර 10කට පෙර සියයට 6 සිට, 2023 අවසානයේ සියයට 14 ක් පමණ වන — වියදම් කරයි ”
සමහර රටවල් සඳහා මෙම අනුපාතය සියයට 25 දක්වා ඉහළ අගයක් ගනී. මෙම වසර ආරම්භයේදී ලෝක බැංකුව වාර්තා කළේ අඩු ආදායම්ලාභී රටවල් සහ ඇතැම් මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වන මුළු ණය සේවාව, දේශීය ණය ආපසු ගෙවීම සමඟ එක්ව ගත් කල ඩොලර් බිලියන 185ක් ලෙස ගණන් බලා ඇති බවයි.
“මෙම අගය, සාමාන්‍යයෙන්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා ඔවුන්ගේ ඒකාබද්ධ රාජ්‍ය වියදම්වලට වඩා ඉහළ අගයක්” බව එය සඳහන් කරයි.
දශක හතරක් තුළ පැවති ඉහළම මට්ටමට ඔසවා ඇති පොලී අනුපාත මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇති විනාශකාරී බලපෑම පෙන්නුම් කරන වාර්තාවක් පසුගිය දෙසැම්බරයේ ලෝක බැංකුව නිකුත් කළේය. ඔවුන්, 2022 දී ඔවුන්ගේ ණය ගෙවීම සඳහා වාර්තාමය වන ඩොලර් බිලියන 443.5 ක් වියදම් කළහ. අඩු ආදායම්ලාභී රටවල්වලින් සියයට 60ක් පමණ ඉහළ අවදානම් සහිත ණය පීඩන තත්වයක හෝ ඊට ආසන්නව සිටින බව එය සොයා ගත්තේය.
පෙර වසර තුන තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරී නය පැහැර හැරීම් 18 ක් සිදුවී ඇති අතර, එය පෙර දශක දෙක තුළ වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩි ය.
පසුගිය ඔක්තෝබරයේ ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර ආධාර ඒජන්සිය වාර්තා කළේ, බිලියන 2.4ක ජනතාවක් වෙසෙන ලෝකයේ දුප්පත්ම රටවලින් සියයට 57කට, ඉදිරි වසර පහ තුළ මුලු ඩොලර් බිලියන 229කින් රාජ්‍ය වියදම් කපා හැරීමට සිදුවනු ඇති බවයි.
“ අද දින දුප්පත්ම රටවල්, ධනවත් ණය හිමියන්ට ණය ආපසු ගෙවීම සදහා සෞඛ්‍ය සේවයට වඩා හතර ගුණයක් වියදම් කරද්දී”, වර්තමානය සහ 2029 අතර, ණය සහ පොලී ගෙවීම සඳහා සෑම දිනකම ඩොලර් මිලියන 500ක් ගෙවීමට අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට බල කෙරී ඇත.
නය අර්බුදය පිලිබඳ ඔවුන්ගේ වාර්තා තුල, එය සමනය කිරීම අරමුනු කර ගෙන ඇතැයි කියා සිටින මුලපිරීම් වෙත ඇඟිල්ල දිගු කරමින් ඒවා ඉහළ නංවන ලෙස IMF සහ ලෝක බැංකුව ඉල්ලා සිටියි. ද්‍රවශීලතා අභියෝගයන්ට මුහුණ දෙන රටවලට උපකාර කිරීමට දැන් කාලය එළඹ ඇති බව IMF සිය නවතම බ්ලොග් අඩවියේ සඳහන් කර ඇත.
එවැනි ඇමතුම් අතීතයේ දී සිදු කර ඇති නමුත් IMF කිසි විටෙකත් අර්බුදය නරක අතට හැරීමට හේතුව සහ එහි විවිධ මුලපිරීම් එතරම් සීමිත වන්නේ මන්දැයි පැහැදිලි නොකරයි.
ඇත්ත වශයෙන්ම, ඔක්ස්ෆෑම් පෙන්වා දී ඇති පරිදි, අර්බුදයට විසඳුමක් ලබා දෙනවාට වඩා, IMF සහ ලෝක බැංකුව යන දෙකම එය උග්‍ර කිරීමට කටයුතු කරයි.
පසුගිය වසරේ මොරොක්කෝවේ මරකෙෂ් (Marrakech) හි පැවති සංවිධාන දෙකේ රැස්වීමකට ආසන්නයේ නිකුත් කරන ලද වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමකදී, ජාත්‍යන්තර අන්තර්කාලීන විධායක අධ්‍යක්ෂ අමිතාබ් බෙහාර් මෙසේ පැවසීය: “ දශක ගණනාවකට පසු පළමු වතාවට ලෝක බැංකුව සහ IMF, එම පැරණි අසාර්ථක පණිවිඩයම සමඟ අප්‍රිකාවට ආපසු පැමිණ ඇත : ඔබේ වියදම් කපා දමන්න, රාජ්‍ය සේවකයින් නෙරපන්න, විශාල මිනිස් පිරිවැය නොතකා ඔබේ ණය ගෙවන්න.”
ඔක්ස්ෆෑම් විශ්ලේෂණයට අනුව, ණය ගෙවීම සඳහා බිමක් සකසා ගැනීම සදහා යන මැයෙන්, අඩු ආදායම්ලාභී රටවල් සමඟ ගිවිස ගත් ණය වැඩසටහන් 27ක්, ඇත්ත වශයෙන්ම වැඩි කප්පාදුවක් සඳහා වූ ධූම කඩතුරාවක් විය. මක්නිසාද යත්, “IMF විසින් සමාජ සේවා සඳහා වියදම් කිරීමට ආන්ඩු දිරිමත් කරන ලද සෑම ඩොලර් 1ක් සඳහාම, කප්පාදු පියවරයන් හරහා ඊට වඩා හය ගුණයක් කපා හරින ලෙස ඔවුන්ට පවසා තිබීම හේතුවෙනි.
“ දුප්පත් රටවලට, වියදම් කපා හැරීමේ, අසමානතාවයේ සහ දුක් වේදනාවේ හාමත් පරිභෝජන රටාවක් සදහා IMF, බලකරයි,” බෙහාර් පැවසීය.
කෙසේ වෙතත්, ගෝලීය ආයතන හෙළා දකින අතරම – ඔවුන් ආධාර ආයතනවලට වඩා මූල්‍ය වැම්පයරයන් වේ – ඔහු ඔක්ස්ෆෑම්හි බංකොලොත් ප්‍රතිසංස්කරණවාදී ඉදිරිදර්ශනය හෙළිදරව් කළේ, “රටවල් අතර පුලුල් වන අසමානතාවයේ රැල්ල ආපසු හැරවීම සදහා ඔවුන්ට සැබෑ ලෙසම වෙනස් විය හැකි බව පෙන්වීම පිනිස ” ඔවුන් වෙත ආයාචනා කිරීමෙනි.
මෙම සමනය කිරීමේ පූචානම් කතා පිරිනමනු ලබන්නේ කිසියම් දැනුම පිළිබඳ අඩුපාඩුවක් නිසා නොවේ – ඔක්ස්ෆෑම් සහ අනෙකුත් එවැනි සංවිධානවල සියලුම වාර්තා මගින් ඒ බව පැහැදිලි කෙරේ- නමුත් අවසාන විග්‍රහයේ දී, ධනේශ්වර දේපල සම්බන්ධතා වල ආරක්ෂාව මත පදනම් වන ඔවුන්ගේ පන්ති ආස්ථානය නිසා ය.
සරණාගතයින් ඇමරිකාවේ ලේ “විෂ” කරන බව පවසමින් ඔහුගේ ෆැසිස්ට් ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගසාකන සරණාගත අර්බුදය පිළිබඳ සැලකිය යුතු දත්ත කිහිපයක් ද ඔක්ස්ෆෑම් විසින් සපයා ඇත.
නිව් යෝර්ක් නගරය කරා පැමිණෙන සරණාගතයින් ගමනාරම්භ කරන රට වලින් ඉහළම රටවල් දහය, වසරකට ඩොලර් බිලියන 82 ක් තරම් සුවිශාල මුදලක් විදේශ ණය හිමියන් හට රාජ්‍ය ණය සහ පොලී ලෙස ගෙවන බව එහි සඳහන් විය. මෙකී ණය හිමියන්ගෙන් බොහොමයක්, ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පක්ෂය හා සමග දේශපාලන නියෝජිතයෙකු වන, එක්සත් ජනපද බැංකු, හෙජ් අරමුදල් සහ අනෙකුත් මූල්‍ය ආයතන වේ.
“මුදල් නැති නිසා” ණය සහ සාගිනි අර්බුදය විසඳිය නොහැක යන ඕනෑම අදහසක් විශාල බොරුවකට අඩු දෙයක් නොවේ..
ජූනි මාසයේ ප්‍රධාන බලවතුන්ගේ G7 රැස්වීම ආසන්නයේ ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂනයේ ඔක්ස්ෆෑම් පැවසුවේ G7 මිලිටරි වියදම්වලින් හුදෙක් සියයට 3ක් පමණක් ගැඹුරු වන ගෝලීය ආහාර හා නය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇති බවයි.
ගෝලීය කුසගින්න තුරන් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 31.7 ක් අවශ්‍ය වන අතර අතිරේකව වසරකට ඩොලර් බිලියන 4 ක් අවශ්‍ය වේ. එවැනි වියදම් G7 බලවතුන්ගේ මුළු මිලිටරි අයවැයෙන් සියයට 2.9ක් පමනක් වනු ඇත.
ඔක්ස්ෆෑම් හි අසමානතා ප්‍රතිපත්තියේ ප්‍රධානී මැක්ස් ලෝසන් මෙසේ පැවසීය: “අද දින යුද්ධයට අරමුදල් සැපයීම සඳහා රජයන් ඔවුන්ගේ සාක්කු ගැඹුරු බව (ඇති තරම් මුදල් ඇති බව) සොයා ගනිමින් ඇත, නමුත් කුසගින්න නැවැත්වීම සම්බන්ධ කාරණාවේදී ඔවුන් සැණෙකින් බංකොලොත් වෙයි.”
ප්‍රධාන බලවතුන්ට , ඔවුන්ගේ යුද වියදම්වලින් සමහරක් සමාජ හා මානුෂීය අවශ්‍යතා වෙත හරවා යැවීමට ආයාචනා කිරීම, IMF සහ ලෝක බැංකුව වැනි ගෝලීය ධනවාදයේ ආයතනවලට ඔවුන්ගේ ගමන් මාවත වෙනස් කරන ලෙස ආයාචනා කිරීම තරම්ම නිෂ්ඵල ය.
මක්නිසාද යත්, මෙම ධාවකයන් බිඳවැටීමක් කරා ශීඝ්‍රව ධාවනය වන ධනේශ්වර පද්ධතියේ වෛෂයික අර්බුදය තුල මුල් බැස ඇති නිසා වේ. දේශපාලන හා ආර්ථික ජීවිතයේ මෙම වෛෂයික සත්‍යය හඳුනාගෙන ක්‍රියා කළ යුතුය.
දිළිඳු රටවල ජනතාවගේ ලේ උරා බොන එම මූල්‍ය බලවතුන් විසින්ම, දියුනු රටවල කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර – සමාජ තත්වයන්ට එරෙහිව නොනවතින ප්‍රහාරය සහ කම්කරු පන්තිය මිලිටරි වියදම් සඳහා ගෙවිය යුතු බවට කෙරෙන බල කිරීම මෙහෙයවයි.
ධනවාදයේ අර්බුදය, වත්මන් බල අධිකාරීන් විසින් විසඳිය නො හැකි වනවාක් මෙන්ම, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන එක්සත් අරගලය තුල – දියුනු රටවල හා දුප්පත් රටවල එකසේ – කම්කරු පන්තිය එක්සත් කිරීම මගින් පමනක්ම විසදිය හැකි වේ.
thesocilist.lk වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.