සුගත් වසන්ත සහ ක්‍රිස්ටියාන් බෙයාට්

සරත් මද්දුමාගේ ස්විස් සිට

2024 ලංකාවේ මහ මැතිවරණයේ දී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වන සුගත් වසන්තව ලැයිස්තුවට ඇතුලත් කිරීමට ජාතික ජන බලවේගය ගත් තින්දු සුවිශේෂී එකකි. එය යහපත් ප්‍රවනතාවයකි.

ලංකාවේ ජනග්‍රහනයෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වුවද කාන්තාවන්ට අපේක්ෂකත්වය ලැබි ඇත්තේ මද වශයෙනි. අපේක්ෂකත්වය ලැබු සීමිත කාන්තා පිරිසකට පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලබා දීම ජන්දදායකයා සතු වගකිමකි .

ලංකා ඉතිහාසයේ කාන්තාවක් හෝ පිරිමියෙකු වු පමණින්ම පාර්ලිමේන්තුවේදී  ජනතාවට වගවීම කෙසේ වී දැයි වෙනම කරුණකි.

එය එසේ වුවත් , සුගත් වසන්තව ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කළ බව දුටු මට සිහියට ආවේ ක්‍රිස්ටියාන්ය. උපතින්ම ආබාධිතයෙකු ක්‍රිස්ටියාන් අප ප්‍රාන්ත නියෝජනය කරමින් ස්විස් පෙඩරල් පාර්ලිමේන්තුවේ ජාතික සභාව නියෝජනය කරයි. ෆ්‍රිවුන්ඩිෆෙල්ඩ් දුමිරිය ස්ථානයෙන් ඔහු දුම්රියට යනු මා කොතකුත් දැක ඇත.

2011 දි ඔහු පෙඩරල් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට පෙර නාගරික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු තරග කරන්නේ ක්‍රිස්තියානි ජනතා පක්ෂයෙන්ය. අපේ ප්‍රාන්තයෙන් නියෝජිතයන් 06 දෙනෙක් ජනතා ජන්දයෙන් තොරා පත් කර ගනී. ජාතික සභාවට රටෙන් නියෝජිතයන් 200 කුත් ඊට අමතරව එක ප්‍රාන්තයකට දෙදෙනෙකු බැගින් ප්‍රාන්ත 26 යට රාජ්‍ය සභාවට 60 ක් තොරාපත් කර ගනී. පනතක් සම්මත කර ගනිද්දී, රටේ බහුරතර ජනතාවගේ කැමැත්ත මෙන්ම 50% වැඩි ප්‍රාන්ත වල කැමැත්ත ද අනිව්‍යීය වේ. සමහර ප්‍රාන්ත විශාල වන අතර සමහර ප්‍රාන්ත කුඩා මෙන්ම ජනගහනය අඩුය. එම තත්වය සමතුලිත කිරීම සදහා  පනතක් සම්මත කර ගැනීමේදී ප්‍රාන්ත විසිහයේ කැමැත්ත අනිවාර්‍යීය කර තිබේ.

ජාතික සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරු 260 කැමැත්තෙන් පෙඩරල් ආණ්ඩුවට විවිධ පක්ෂ වලින් ඇමතිවරු 07 දෙනෙකු තොරාපත් කර ගනිති. එම 07 දෙනාගෙන් එක් අයෙකු වසරක් ව්‍යවස්ථානුකුල ඒ රටේ ජනාධිපතිවරයා ලෙස පෙනි සිටි. ඔවුන්ට පමනක් වැටුප් සහ විශ්‍රාම වැටුප් හිමි වන අතර අවශ්‍යතා අනුව අනිකුත් දිමනා ද හිම වෙයි. මොහුන්ගේ ධුර කාලය අවුරුදු 04 ක් වන අතර පාර්ලිමේනතුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත නැවත පත් කර ගත හැකිය. වැටුප් , විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද ලබා දී ඇත්තේ ධුරයේ ගරුත්වය ආරක්ෂා කිරීමටය.

ස්විස් පාර්ලිමේනතුවේ මන්ත්‍රීවරුන්ට පඩි නොගෙවන අතර වාහන හෝ ඉන්ධන ලබා දෙන්නේ නැත. පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි වන මන්ත්‍රීවරුන්ට පැමිණිමේ දිමනාවක් පමනක් ගෙවයි. එම මන්ත්‍රීවරු රැකියවක හෝ ව්‍යාපාර කටයුතු නිරත වන අය වෙති.

තුන්වන වරටත් ඔහු ජනතා ජන්දයෙන් තෝරා ගැනීමෙන් කියවෙන්නේ ඔහු කෙතෙක් දුරට ජනතාවට සේවය කර ඇති ද යන්නයි . මා හරිත පක්ෂයේ අයෙකු වුවද එය කිව යුතුය .

ක්‍රිස්ටියාන් නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම පුවත්පත් සංස්කාරකවරයෙකි. කළක් අප ප්‍රාන්තයේ පුවත් පතෙහි ආර්ථික ,සමාජිය සහ ක්‍රීඩා අතිරේකයේ සංස්කාරක ලෙස ඔහු කටයුතු කළේය.

ක්‍රිස්ටියාන් කොන්ස්ටන්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරා ඇති අතර උසස් අධ්‍යාපන ආයතන කථීකචාරවරයෙකි.

ඔහු 1966 සහ 1998 පැරා ඔලිම්ෆික් ස්විස් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුත කර ඇත.

කලක් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති මෙන්ම ආබාධිත ක්‍රීඩා සම්මේලනයේ සම්මානනීය සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ක්‍රිස්ටියාන් අපට මෙන්ම අප ප්‍රාන්තයට ද ආඩම්භරයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *