තත්කාර්යවාදියෙකුගේ ලිං මැඬි දෘෂ්ටිය: සංජය විල්සන් ජයසේකරට විවෘත ලිපියක්
සසප – වාමාංශික කන්ඩායම
සංජය විල්සන් ජයසේකර සහෝදරයා,
“සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම“ යන හිසින් ඔක්තෝම්බර් 8දා සිට සසප – වම වෙබ් අඩවිය වන socialist.lk පල කරමින් සිටින ලිපි මාලාවට ඉක්මනින් ම ප්‍රතිචාර දැක්වීම ගැන සතුටු වෙමු. අපෙන් කොල්ල කා ගත් thesocialist.lk වෙබ් අඩවියේ 2024 ඔක්තෝම්බර් 14 දින පල කල ලිපියකින් දක්වා ඇති එම ප්‍රතිචාරය ඔබ නම් කර ඇත්තේ, “සුලු ධනේශ්වර ජාතිිිකවාදයට එරෙහිව ජාත්‍යන්තරවාදය: බොල්ෂෙවික්වාදයේ ඓතිහාසික අඛන්ඩතාව සඳහා අරගලය සහ කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීම“ ලෙසිනි.
මේ අමුතු තාලේ, සිංගිරීසි ලිපිය ඔබේ මූලධර්ම විරහිතභාවය සෑම අතින් ම පිලිබිඹු කරන කැඩපතකි. ඉංග්‍රීසියෙන් එක ඡේදයක්, සිංහලෙන් ඊලග ඡේදය, නො එසේ නම් ප්රශ්නය සිංහලෙන් පිලිතුර ඉංග්‍රීසියෙන් යනාකාරයෙන් වචන 8675ක් එහි අමුනා ඇත. මෙය පාඨකයා පිලිබද අතිශය නිග්රහශීලි උද්ධච්චයකුගේ ක්‍රියාවකි. එවන් දේ සිදුවන්නේ පැහැදිලිකම සඳහා සටන් කිරීම නො ව හැකි සෑම අතින් ම දේශපාලන ව්‍යාකූලතා නිර්මානය කිරීම ලියන්නාගේ අවශ්‍යතාව වූ විට ය. එය කම්කරු පන්තියට හතුරු සුලු ධනේශ්වර දේශපාලනයේ අංශයකි. තමන්මත් කරන්නේ කුමක් දැයි නො දන්නා නමුත් කයිරාටිකයන් වන ඔවුන් නිතර නොතේරෙන භාෂාවකින් කතා කිරීමට කැමති ය. ඊට ප්රතිපක්ෂව කම්කරු පන්තිය මත පදනම් වන මාක්ස්වාදය හැම විටම තමා ලියන කියන දේ හා ඒවා ඉදිරිපත් කරන ආකාරය ගැන ඉමහත් අවධානයක් යොමු කරයි.
සැබෑ මාක්ස්වාදී ලේඛකයෙකුගේ කාර්යය පිලිබඳ ව ලියොන් ට්‍රොට්ස්කිගේ උපදෙස් මෙසේ ය: “ඔබ ලියන විට හැකි තරම් පැහැදිලි ව ඔබම මෙසේ චිත්රනය කර ගන්න: ෆැක්ටරියේ ඔබේ ම වැඩ බිමෙහි, නො එසේ නම් ඊලග ෆැක්ටරියෙහි, ඒත් නො වේ නම් සමීපස්ථ වෙන කිසියම් ෆැක්ටරියක ඔබේ ලිපිය හඬ නඟා කියවනු ලැබේ. එය ශ්‍රාවකයන් හට කෙසේ ශ්‍රවනය වනු ඇත් ද? කම්කරුවන් දුසිමක් හෝ ඒ හා සමාන වන ගනනක් නැතහොත් සාමාන්‍ය පුරවැසියන් ඔබේ ලිපියට සවන් දෙන අයුරු පරිකල්පනය කරන්න. ඔබේ ලිපිය ඔවුන් වෙත එලඹ ඔවුන්ගේ විඥානයට ඇතුලු වනු ඇත්තේ කෙසේදැයි සන්සුන්ව හා හෘදය සාක්ෂියට එකගව සිතා බලන්න. … කම්කරු වාර්තාකරුවෙකු සම්බන්ධයෙන් ගත් කල්හි හෘදය සාක්ෂියට එකඟ බව අතිශයින් ම වැදගත් ගුනාංගය වෙයි. එයින් තොරව අන් සියලු ගුනාංගවලින් පලක් නොමැත.“ (දෛනික ජීවිතයේ ගැටලු, පිට 59-60, කම්කරු මාවත ප්‍රකාශන)
ඉහත සඳහන් කල පරිදි දැනටමත් අපි, කොටස් පහකින් යුතු ලිපි මාලාවක් පල කිරීම ආරම්භ කර ඇත්තෙමු. එහි අරමුන වන්නේ ඔබ ත්‍රිත්වයේ මෙම මූලධර්ම විරහිත දේශපානය හෙලිදරව් කිරිමත්, පොරවාගෙන සිටින බොරු ජාත්‍යන්තරවාදී හැවය ගලවා දැමීමත් ය. එය හුදු හෙලිදරවුවක් නො ව කම්කරුවන් හා තරුනයන් මාක්ස්වාදී මූලධර්මවලින් සන්නද්ධ කිරීම සඳහා තැබූ පියවරකි. මෙම ලිපි මාලාව ලිපි 5කින් සමන්විත වන අතර ඔබ විසින් පලකරන ලද උක්ත ලිපියෙන් අපේක්ෂිත ව්‍යාකූලතා කපා හෙලනු ඇති බව අපි විශ්වාස කරමු.
ඔබ සඳහන් කරන 2023 දෙසැම්බර් 25 ඉදිරිපත් කෙරුනු “සසප වම ඉදිරි මග“ ලෙස නම් කල ලීඛිත යෝජනාව ජාත්‍යන්තරවාදයේ නාමයෙන් ප්රකෝපකාරී තත්වයක් නිර්මානය කර කන්ඩායම තුල භේදයක් ඇති කර ගැනීම සඳහා දැනුවත්ව කල මැදිහත් වීමකි. ඒ වන විටත් ඔබ කල්ලිය වෙන්ව වැඩ කිරීමේ පදනම් සකසා ගෙන තිබිනි. 2024 ජුලි ඔබේ පලා යාම සිදු වූයේ ඒ අනුවය. අප thesocialist.lk එවකට අපගේ වෙබ් අඩවියේ පල කල ලිපි ඔබ තිදෙනාගේ ෆේස්බුක් ගිනුම් හරහා ප්‍රචාරය කිරීම නතර කර ඇත්තේ 2023 මැද භාගයේ සිට ය. ඔබ විසින් “ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය“ යන නව සංවිධානයක් සසප වම කන්ඩායමට හොරෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ භේදයට මාස පහකට පෙර, එනම්, 2024 පෙබරවාරි 17දා ය. දේශපාලන ප්‍රශ්න මතු කිරීම හෝ ඒවා විසඳා ගනු නො හැකිව වෙන්වීම එකකි. පිටිපස්සෙන් පිහියෙන් ඇනීමට කුමන්ත්රන කිරීම තවෙකකි.
ඔබගේ දෙසැම්බර් 25 ලිපිය පිලිබද අපගේ නිගමන නිවැරදි බව දැන් හොඳින්ම සනාථ වී ඇත. සතිපතා රැස්වී සාකච්ඡා කරන කන්ඩායමක එම සාකච්ඡා තුල දී විසඳා ගැනීමට අසීරු මට්ටමේ ගැටුමක් මතු වී නැති තතු යටතේ ලිඛිත යෝජනාවක් හදිසියේ ලබාදීම හොද ආදර්ශයක් නො වේ. එය අසාමාන්‍ය සිද්ධියකි. එය බෙදී වෙන් වීමේ සලකුනක් විය හැකි යයි අප කල්පනා කලෙමු. එනිසා ඉතා ප්‍රවේශමෙන් ප්‍රශ්නයට මුහුන දීමට අපි තීන්දු කලෙමු. අප එසේ කලේ ප්රශ්නය සාකච්ඡාවකින් විසඳා ගැනීමට හෝ එය සිදු කල නො හැකි නම් ත්‍රිත්වයේ දේශපාලනය හෙලි දරව් කර ගැනීමට අවශ්‍යය ඉඩ කඩ ලබා ගැනීම සඳහා ය. එය වර්තමාන කම්කරු පන්තියට බල පාන දේශපාලන න්‍යායික ගැටලු අපට මුන ගස්වන බව අපි දැන සිටියෙමු.
අප කන්ඩායමෙන් කිහිප දෙනෙක් ගලවා ගෙන යාමේ අසාර්ථක ප්රයත්නයක් සඳහා ඔබ රැඳී සිටි අතර, ඒ අවස්ථාව තුල ඔබේ දේශපාලනය හෙලිපෙහෙලි කර ගැනීමට අපට හැකි විය. එය අපට අද දවසේ අතිශයින් අවශ්‍ය වන මාක්ස්වාදී මූලධර්ම පැහැදිලි කර ගැනීම සඳහා අපට අවකාශ සලසා දී ඇත.
ඔබේ ලිපිය නිකම්ම යෝජනාවකි. එම යෝජනාව තවත් පැහැදිලි කරමින් ත්‍රිත්වය අප වෙත යොමු කල ලිපිය මෙසේ ප්‍රකාශ කරයි. “සසප -වම සදහා ඉදිරි මග යෝජනාවෙහි හා ඊට පැහැදිලි කිරීම් ලෙස කරන ලද ප්රතිපදානයන්හි, මීලඟ පක්ෂ සම්මේලනයට සසප නායකත්වයේ දේශපාලන පිරිහීම පිලබද ගැඹුරු වෛෂයික විශ්ලේෂනයකින් යුතු, ලංකාව හා ඉංදු උප මහද්වීපය පිලිබද ඉදිරි දර්ශනාත්මක ලිපියක් සම්පාදනය කර සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබිය යුතුය යනුවෙන් කරන යෝජනාවෙන්ම, සසප නායකත්වයට එරෙහි සසප (වම) විසින් ගත යුතු අරගලය දෘඩතර න්‍යායික හා දේශපාලන අරගලයක් බව පැහැදිලිව පෙන්වා දී ඇත.“
ඔබගේ මෙම ඊනියා න්‍යායික දේශපාලනික අරගලයේ ප්‍රථම පියවර වූයේ, කට්ටිවාදී, අවස්ථාවාදී, ප්රතිගාමී, ප්රතිවිප්ලවාදී යන සියලු ආකාරවලින් සසප නායකත්වය හඳුන්වා දීම ය. එම නායකතවය පලවා හැරීමට ද ඔබ යෝජනා කර ඇත. ඒ සමග ම එහි සාමාජිකත්වය ලබා ගතයුතු බව ද ඔබ ලියා ඇත. අප කිසි කලක පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීම ප්‍රතික්ෂේප කර නැති බව ඔබ හොඳින් ම දනී.
නමුත් පක්ෂ නායකත්වය ප්‍රති විප්ලවවාදී වන අතර ට්‍රොට්ස්කිවාදයෙන් විතැන් වී ඇති බව ද ජාත්‍යන්තර කමිටුව රවටා ඇති බව ද ඔබ කියා ඇත. එමෙන් ම එහි සාමාජිකතවය හුදෙක් ම නායකයන් කියන දෙයට අත ඔසවන රූකඩයන් ලෙස ද නම් කර ඇත. එවන් පක්ෂයක් වලලා දමනවා මිස එහි සාමාජිකත්වය ලබා ගැනීම සිහි බුද්ධිය ඇති කිසිවෙක් අනුමත කරනු ඇතැයි සිතිය හැකි ද? එමෙන් ම මෙවන් පක්ෂයක සම්මේලනයකට යෝජනාවක් ඉදිරිපත් කල හැකි ද? එවන් පූර්වාදර්ශයක් තිබේ ද? ඔබේ සිහින ක්‍රියා මාර්ගය යට සඟවා ඇත්තේ කෙසේ හෝ සසප වලලා දැමීමේ මිස ගොඩ නැගීමේ ප්රයත්නයක් වන්නේ කෙසේදැයි ඔබට පෙන්වා දිය හැකි ද? එවන් අවශ්‍යතාවක් ඇත්තේ කාට ද? ධනපතියන්ට ය. ඔබ දැනුවත්ව හෝ නො දැනුවත් ව සේවය කරන්නේ එතැනටය.
විප්ලවවාදී ව්‍යාපාරයක කටයුතු පිලිබඳ ඔබේ ආකල්ප කෙනෙකු තිගැස්සවන සුලු තරම් විශ්මිත ය. ඔබේ ලිපියේ පහත කොටස් දෙස හැරී බැලීම වටී:
- සසප-වම කන්ඩායමේ බහුතරය තිදෙනෙකුගෙන් සමන්විත ඔබේ කල්ලිය විසින් නෙරපා දමන ලදැයි ඔබ කියයි. ඒ ප්රජාතන්ත්රවාදය පෙර නො ඇසු විරූ එකකි!
- thesocialist.lk අරමුදලේ කාඩ් පත ඔබට ලබා නොදුන් බව පැවසීම අතිශය වංචාකාරී කියාපෑමකි. අරමුදලේ කාඩ් පත පරාක්‍රම සහෝදරයා අත තැබීමත්, එම ගිනුම අන්තර්ජාලයෙන් පරිශීලනය කිරීමේ මුරපද ඔබ වෙත තබා ගැනීමත් ලෙස ඔබේම යෝජනාවෙන් එලැඹී පොදු එකඟතාව තම වාසියට විකෘති කර දැක්වීම තත්කාර්යවාදයේ වැරහැල්ලෙන් විලි වසා ගැනීමක් නොවේ නම් අන් කුමක් ද?
- යුක්තිය මෙහෙයුමට එරෙහි උද්ඝෝෂනයට එල්ල වූ රාජ්‍ය මර්දනයෙන් ඉක්බිති ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපියට ප්‍රතිචාර ලෙස නන්දන සහෝදරයා ලියූ ලිපියට ඔබ කන්ඩායම එරෙහි නොවු බවට සාධක ලෙස ඔබ පවසන්නේ නො එසේ නම් එම ලිපිය පල නොකෙරෙනු ඇති බවයි! තමන් කර්තෘවරයා ලෙස තෝරා පත් කර නොගන්නා ලද බව වරෙක පවසන ඔබ දැන් පවසන්නේ ලිපි පල කිරීම හෝ නොකිරීම පිලිබඳ අධිකාරී බලයක් ඔබටත්, ඔබේ සුලුතර කන්ඩායමටත් ඇති බව ය.
- නන්දන නන්නෙත්ති ලියූ, “රාජ්‍ය මර්දනයට එරෙහි කොලඹ ක්‍රියාකාරී කමිටුව හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ භාවිතය“ යන ලිපිය ඔබ විසින් සංස්කරනය කර පල කරන ලද බව ඔබ කියයි. ඔබේ මෙම කියමනේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා හෝ, එකී ලිපියේ සංස්කරනය නොකල පිටපත හා ඔබ විසින් සංස්කරනය කෙරුනු පිටපත, හුදු පාඨකයාගේ සංසන්දනය සඳහා ඉදිරිපත් කල හැකිද?
ඔබ දැන් කියන්නේ පක්ෂ නායකත්වය හා සාමාජිකත්වය අතර අපෝහක සම්බන්ධයක් ඇති නිසා පක්ෂ ගොඩ නගන්නේ හා විනාශ කරනු ලබන්නේ නායකත්වයන් විසින් ය යන අපගේ අදහස වැරදි බව ය. ඒ නිසා සාමාජිකත්වය සමග හවුල් වී පක්ෂය ගොඩ නැගිය හැකි ය. එහෙත් ඔබ ඔබේ අපෝහකයට අනුව එය සිදුවන හැටි පෙන්වා දී නැත. අනෙක් අතින් පක්ෂ නායකත්වය හා සාමාජිකත්වය ඔබ පවසන තත්වයට පත් වූයේ කෙසේදැයි පෙන්වා දීමට ඔබ සමත් වී ද නැත. ඒ වෙනුවට, ඒ හෝ මේ වැරදි හුවා දැක් වීම හෝ අතීත රූපයන් වර්තමාන ක්‍රියාවන් මත පැටවීම ඔබේ විධික්රමය වූයේ ය. පක්ෂයේ ඔබ කියන මේ පරිවර්තනයට ඓතිහාසික විකාශනයක් හෝ හේතුප්‍රත්‍ය හෝ නැත. එය හුදු නායකත්වයේ ‘ප්රතිගාමී’ ලක්ෂනයෙන් සම්භව වී ක්‍රියාත්මක වේ. සාමාජිකයෝ අහේතුක ‘කීකරු කමකින්’ ඊට යටත් වෙති! ඔබට අනුව, මේ අපූර්ව සංවිධානය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියකින් හෝ විශ්ලේෂනයකින් තොර ව ඔබ කරන ප්‍රකාශ දිව්‍ය භාෂිත සේ නිරවද්‍යය. ඒ සඳහා ඔප්පු කිරීමක් අවශ්‍ය නැත.
මේ අභූත ප්රවිෂ්ඨයන් සමඟ මාක්ස්වාදයට මෙලෝ සම්බන්ධයක් නැත. ප්‍රශ්නවලට නිර්ව්‍යාජ මාක්ස්වාදීන් ප්රවිශ්ට වන ආකාරය socialist.lk අපගේ වෙබ් අඩවියේ පලවන ලිපි මාලව තුල පැහැදිලි කර ඇත.
තවද සසප වමේ ක්‍රියාමාර්ගය කෙටුම්පත් කිරීම නන්දන සහෝදරයා විසින් මග හරිනු ලැබුනේ යයි ඔබ චෝදනා කරයි. අප පදනම් වන්නේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය හා ශ්‍රී ලංකාවේ සසප ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ප්‍රකාශය මත බව අප හැම විටම අවධාරනය කර ඇති කරුනකි. අප ක්‍රියා මාර්ගයක් වර්ධනය කල යුතු වන්නේ ඒ මත ය.
ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ඇති රටක තවත් ජාත්‍යන්තරවාදී කන්ඩායමකට සුවිශේෂ ක්‍රියා මාර්ගයක් නිර්මානය කිරීම ගැටලු සහගත කරුනකි. එය මූලිකවම ශ්‍රී ලංකා ශාඛාවේ දේශපාලනික හා න්‍යායික අරගලය ආරක්ෂා කිරීම පිලිබඳ බැරෑරුම් කාර්යයකි. අප වැනි කන්ඩායමක ක්‍රියා මාර්ගය අපගේ අරමුනු හා ඒ සදහා ක්‍රියා කරන අන්දම පැහැදිලි කල යුතු විය. ඊට අවශ්‍යය පැහැදිලිකම අත්පත් කර ගත හැකි වන්නේ අරගලය තුලම ය. ඒ හේතුවෙන් ම එය කල් ඉල්ලා සිටී. අනෙක් අතට අප කන්ඩායමේ අවශ්‍ය දේශපාලන ලිපි මහත් ප්‍රමානය ලිවීමේ වගකීම නන්දන සහෝදරයා දැරුවේ ය. ඔබේ කල්ලියේ කුලප්පුව තවමත් සංක්රමන අවධියේ පවතින ප්‍රපංච මත අවසාන නිගමන පටවා ඒවාට පහර දීම මගින් යමක් අත්පත් කර ගැනීම අපේක්ෂා කරයි.
ට්‍රොට්ස්කි ක්‍රියා මාර්ගය පිලිබඳ ප්රශ්නය වෙත ප්රවිශ්ඨ වූ අයුරු ඔබ නො දන්නවා හෝ වාසිය සඳහා නො තකා හරිනවා විය හැකි ය: “අද වන තුරු අපට ක්‍රියා මාර්ගය නො පැවතියේ යයි කෙනෙකුට කිවහැකි ය. එහෙත් අපි ක්‍රියා කර ඇත්තෙමු. එනමුදු මෙම ක්‍රියා මාර්ගය සකසා ගැනුනේ විවිධ ලිපි හා නොයෙක් යෝජනා ආදිය යටතේ ය. මේ අර්ථයෙන් කෙටුම්පත් ක්‍රියා මාර්ගය, නව නිර්මානයක් නියෝජනය නො කරයි.“
අප කන්ඩායම පක්ෂය තුල ෆැක්ෂන් එකක් ලෙස වැඩ නො කල බව ඔබ වාචාල ලෙස පවසයි. පක්ෂය තුල අප සටන් කලේ එය කඩා බිඳ විසිර වීමේ ප්රතිගාමී උවමනාවකින් නොව. කේඩරයක් වර්ධනය කිරීම සඳහා කල යුතු ව තිබූ අරගලය දුර්වල කිරීමට විරුද්ධව ය. 2015 ජාත්‍යන්තර කමිටුවේ සහභාගීත්වයෙන් කෙරුනු තීරනාත්මක සාකච්ඡාවෙන් පසු, ෆැක්ෂන් එකක් ලෙස අපගේ පැවැත්ම අහෝසි කර ගැනීමට අප හැම විටම උත්සාහ ගත් බව සෑබෑ ය. අපට අවශ්‍ය වූයේ වෙන්ව වැඩ කරමින් පක්ෂය දුර්වල කිරීම නො වේ. නමුත් පක්ෂ නායකත්වය අවශ්‍ය එකමුතුව සඳහා සාකච්ඡා වලකමින් දිගින් දිගටම අපට ෆැක්ෂන් එකක් ලෙස වැඩ කිරීමට බල කෙරෙන තත්වයක් නිර්මානය කලේ ය. මේ සියල්ල ම ලිඛිත සාක්ෂි සහිත ය. අපගේ ව්‍යාපාර වැඩ කරන්නේ ලිඛිත සාක්ෂි මත විනා දේව වාක්‍ය මත නොවේ.
කෙසේ වෙතත් අප දොට්ට දමනු ලැබීමෙන් පසු සසප වම ලෙස සංවිධානය වූයේ අප පක්ෂ අභ්‍යන්තරයේ ගෙන ගිය අතිශය යුක්තියුක්ත අරගලය නො නවත්වා පෙරට ගෙන යාමට ය. නායකත්වය පලවා හැරීමේ න්‍යාය පත්‍රයක් එහි නො වී ය.
අනික් අතට ඔබ මේවා ගැන දන්නා දෙයක් ද නැත. ඔබ දැනගත යුතු පරිදි, ඔබ පක්ෂය තුල විශේෂ එකතු කිරීමක් කර ඇති බවට වාර්තාවක් නැත.
ඒ වෙනුවට 2021 අවසානයේ නායකත්වය සමග ඔබේ ගැටීම තෙක් ම ඔබ අපගේ මුහුනවත් බැලීම ප්‍රතික්ෂේප කරමින් අප කන්ඩායමට විරුද්ධ ව සංවිධානය කෙරුනු කල්ලියක රැඳී සිටියේ ය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අපි ඔබට දොස් නො කියමු. අලුතෙන් පක්ෂයට බැඳුනු බොහෝ සාමාජිකයෝ ඒ ආකාරයෙන් මෙහෙයවනු ලැබුහ. එහෙත් මධ්‍යම කාරක සභාව තුල අප ගෙන ගිය අරගලය හමුවේ ඔබ නිහඬ ව පක්ෂ නායකත්වයේ වැරදි ආරක්ෂා කලේ ය. ඔබ 2022 දක්වා ම, නායකත්වය අපගේ ලිපි යටපත් කිරීමේ දී ඊට විරුද්ධත්වය පෑවේ නැත. අපේ අරගලයට ලිඛිත ඉතිහාසයක් ඇති අතර ඔබට එවැන්නක් නැති බව අපට කිව හැකි ය.
පරාක්‍රම සහ අජිත් සහෝදරවරු නන්දනගේ යාලුකමට සසප වමට බඳවා ගත්තේයැයි මඩ ව්‍යාපාරයකට ද ඔබගේ කල්ලිය පියවර තබා ඇත. එම බඳවා ගැනීම් මාස ගනනක් ගෙන ගිය සාකච්ඡාවල ප්‍රතිඵල බව ඔබ හොදටම දැන සිටී. ඔබ දන්නා පරිදි, පරාක්‍රම සමග සසප ද අප ද එකම කාලයේ දී සාකච්ඡා පවත්වා ඇත. නන්දනගේ මිත්‍රයකු වන පරාක්‍රම නන්දනට යෝජනා කලේ පක්ෂයට සම්බන්ධ වී කෙසේ හෝ පක්ෂය තුලට ගොස් ප්‍රශ්න විසඳා ගන්නා ලෙසයි. මාස ගනනක සාකච්ඡාවකින් පසු ඔහු අප සමග එක් වීමට තීන්දු කලේ ය. ඔවුන් බඳවා ගැනීමට නන්දන සහෝදරයා කල යෝජනාව කිසිදු විරෝධතාවකින් තොරව සම්මත වූ බව ප්‍රතික්ෂේප කල හැකි වන්නේ ඔබ වන්, ආත්මාර්ථය සඳහා ඕනෑම පාවා දීමකට සූදානම් කෙනෙකුට පමනි.
කන්ඩායමේ තීන්දු ගත්තේ ඔබත් නන්දනත් බවත්, අනික් අය කලේ ඒවා අනුමත කිරීම බවත් උක්ත ලිපියේ ඔබ සදහන් කරයි! මෙහි සත්‍යතාව කෙසේ වෙතත් ඒ සා බලගතු ඔබ මෙම බඳවා ගැනීම් සිදු කරද්දී නිහඬ වූවා නම්, ඒ ඇයි?
යාලු කමට සාමාජිකයන් බඳවා ගැනීම දේශපාලන ප්රශ්නයකි. ඔබ එවැන්නකට දැනුවත් ව එකඟ වූයේ නම් දැන් එය පැහැදිලි කල යුතු ය. ඔබ ආත්මීය විඥානවාදියෙකි. ඔබේ විධික්රමය තත්කාර්යවාදයයි. ඔබ කතා කරන්නේ වෛෂයික සත්‍යය නො ව ඔබට දැනෙන දේ ය. නැති නම් ඔබට වාසිදායක දේ ය. ඔබට අනෙක් මිනිසුන් පෙනෙන්නේ ඔබ මෙන් ප්‍රතිපත්ති හා මූලධර්ම නො තකන පුද්ගලයන් ලෙස ය.
වෙබ් අඩවියට අයිතිවාසිකම් කීම යුක්තිසහගත කිරීමට ඔබ බොහෝ උත්සාහ ගනී. එය නිර්මානය කිරීමට මුදල් වැය කලේ අප ය. මාස් පතා එහි නඩත්තු වියදම් ගෙවන ලද්දේ පරාක්‍රම සහෝදරයා විසිනි. ලිපි ලේඛන සම්පාදනයෙන් ද, දේශපාලන හා න්‍යායික වර්ධනය ලෙස ද එය ගොඩ නැගුවේ අප ය. මේ අංශයෙන් එය වර්ධනය කිරිමේ වග කීමට මූලිකව උර දුන්නේ නන්දන සහෝදරයා ය. එහි සත්‍යතාව අවශ්‍යය කෙනෙකුට එම වෙබ් අඩවිය පරීක්ෂා කර බලා දැන ගත හැකි ය. මේ සත්‍යය හමුවේ එය කොල්ල කෑම යුක්ති සහගත කිරීමට ඔබට නො හැකි ය.
අපගේ ලිපි මාලාවේ පලමු කොටසේ දී නිලධාරි මන්ඩලයක් සහිත තන්ත්රයකින් තොරව සමාජවාදී රාජ්‍යකට පවා පැවතිය නො හැකිය යන අදහස නිලධාරී තන්ත්රයකින් යනුවෙන් සඳහන් වීම වාසියට ගෙන එයින් අප නිලධාරිවාදය ගැන කල ඉතා නිවැරදි පැහැදිලි කිරීම යටපත් කිරීමේ ඔබගේ ව්‍යායාමය ද ඔබේ තත්කාර්යවාදී පැවැත්මේ ලක්ෂනයකි. ඔබ දේවල්වල ඔබ කැමති පාර්ශ්වය පමනක් දකින අතර, දේවල්වල මොන ම පරස්පර විරෝධයක්වත් ඔබට නො පෙනේ.
ඔබගේ වෘත්තිය දේශපාලනයට සම්බන්ධ කිරීමෙන් අප මහා වරදක් කල බව ඔබ කියා ඇත. එහි අප සඳහන් කලේ ඔබ නීතිඥයෙකු බව ය. එය අඩුපාඩුවකි. ඔබ මානව හිමිකම් සම්බන්ධ නීතිඥයෙකි. දැටමත් අප ලියූ දෙයින් ඔබ කෙතරම් නම් මානව හිමිකම් වෙනුවෙන් කැප වී ඇත්තෙකුදැයි වටහා ගත හැකි ය. ඔබ මේවා මත යැපෙන්නට ගන්නා උත්සාහය විසින් නැවත නැවතත් වෛෂයික සත්‍යය මග හැර යාමට ඔබ දරන ප්රයත්නය නිරාවරනය වේ.
අපගේ වෙබ් අඩවිය පැහැර ගෙන ඔබ කියන්නේ අප ජාතිකවාදීන් නිසා එය පැහැරගත් බව ය. ඔබේ දේව වාක්‍යය සෙසු අය විශ්වාස කරනවා ඇතැයි ඔබ සිතනවා විය හැකි ය. නමුත් පක්ෂයට බැඳීමට අප සූදානම් නැතැයි යන ඔබේ වංචනික චෝදනාව හැර අන් කවර හෝ කාරනයක් අපගේ ජාතිකවාදයට සාක්ෂි වශයෙන් ඔබ සතුව නැත. ඉදින් අප ජත්‍යන්තර කමිටුවට බැඳීමට සූදානම් නැතිය යන ප්‍රලාපය සත්‍යයක් වී නම්, එය ජාතිකවාදයට හේතුව නො වේ. ජාතිකවාදයේ ප්‍රතිඵලය ය. අවශ්‍ය වන්නේ මේ කියන ‘ජාතිකවාදය’ට හේතු වූයේ කුමක් ද යන්න ය; එය ප්‍රකාශයට පත්වන්නේ කවරාකාරයෙන් ද යන්නය. ඔබට ඒ ගැන කියන්නට යමක් නැත.
වෙබ් අඩවිය කොල්ල කෑම සම්බන්ධයෙන් ගත් කල, එය ඔබ දොඩවන ජාතිකවාදයක් පිලිබඳ කිසිවක් නො වන බව පැහැදිලි ය.
කෙසේ වෙතත් අපගේ මුල් ලිපි දෙකෙන් මතු කල ප්‍රශ්න මග හැර, විකෘතීන් මවා, දේශපාලනික ව උනන්දු පාඨකයා මංමුලා කිරීමේ ඔබ භාර ගෙන ඇති වගකීම ඉටු කිරීමට ඔබට ඉඩ දිය නො හැකි ය. අපගේ ලිපියේ සඳහන් බරපතල දේශපාලන චෝදනාවක් වන ව්‍යාජ වාම පෙරටුගාමී පක්ෂය පිටුපස ගාල් වීමට ඔබ දැරූ නිවට හා ද්‍රෝහී ක්‍රියාව ගැන වචනයක්වත් කීමට ඔබට නො හැකි වී ඇත. මේ ඔබට පිලිතුරු දීමක් නො වේ. ඔබට ප්රශ්නය මුන ගැස්වීමකි. ඔබ ඇතුලු කල්ලියේ දේශපාලනය හෙලිදරවු කරන ලිපි මාලාව ඔබේ ප්රයත්නය බිඳ දමා මාක්ස්වාදී මූලධර්ම තහවුරු කරන බවට අපට සැකයක් නැත.