මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන කීර්තිනාමයට කළ හානියට රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලයි.
ශාන්ත විජෙසුරිය විසිනි.
මාධ්‍යවේදී ප්‍රදිප් වික්රමසිංහව අත්තනෝමතිකව අත්අඩංගුවට දින හතක් රදවා තබා ගනිමින් පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු යැයි ප්‍රචාරය කරමින් ඔහුගේ කීර්ති නාමයට සිදු කළ හානියට කෝටි 100 වන්දියක් ඉල්ලා නිව්ස් මධ්‍යස්ථානය, කැළණියේ පොලිස් ස්ථානාධිපති,පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් එන්තරවාසියක් යවන බව අප වික්රමසිංහව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පැවසීය.
නීති විරෝධී කිසිවක් වික්‍රමසිංහගේ වාහනයේ හෝ නිවසේ නොතිබුනු බව පවසන ඔහු පාතාලයට එරෙහිව වගේම පොලිසියේ දුෂණ වංචා, පාතාල සබදතා සහ අපරාධ මාධ්‍ය මගින් හෙළි කිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ පලි ගැනීම සදහා බව ඔහු හෙළි කරයි. ඔහු වාහනය ගෝන වල හන්දියේ දමා ගොස් ඇත්තේ එම වාහනයේ ඉන්ධන අවසන් විම නිසා වන අතර නමුත් පොලිසිය පවසන්නේ ඔහු බිමත්ව සිටි නිසා වාහන එම ස්ථානයේ දමා ගොස් ඇති බවයි.
වික්‍රමසිංහ කියන්නේ වාහනයේ තෙල් අවසන් වු නිසා වාහනය ගෝන වල හන්දියේ දමා කිලෝ මිටර් එකහමාරක පමන දුරක් ඇවිද ගෙන නිවසට ගිය බවකි. පොලිසියට අවශ්‍ය නම් ඔහු කියන කතාව ඇත්ත දැයි පරික්ෂා කරන්නට පුළුවනි. පොලිසිය කියන විධියට වික්‍රමසිංහ බිමත්ව පැමින වාහනය පාරේ දමා යෑම වරදක් ද ? ඔහු බිමත්ව පැමිනියා නම් වාහනය පාරේ දමා යෑම අනතුරු වළක්වා ගැනීම පැත්තෙන් බුද්ධිමත් ක්‍රියාවකි. වික්‍රමසිංහ බිමත්ව පැමිනියා නම් අල්ලා ගැනිම පොලිසියේ වැඩකි. ඔහු බිමත්ව පැමින වාහනය පාරේ දමා ගොස් ඇතැයි පොලිසිය පුන පුනා කියන්නේ වික්‍රමසිංහ වගකිමක් නැති නොසන්ඩාලයෙකු යැයි සමාජයට එත්තු ගැන්වීමටය.
වික්‍රමසිංහ ඔක්තෝම්බර් 18 වනදා රාත්‍රි 12ත් පාන්දර 1ත් අතර ඔහු පැදගෙන ආ සුඛෝපභෝගී වහානයේ ඉන්ධන අවසන් විම නිසා එම වාහනය කැළණිය ගෝනවල හන්දියේ දමා නිවසට පයින් ගොස් ඇති අතර එම සැකකටයුතු වාහනය පිළිබදව පොලිසියට ලැබුනු තොරතුරක් මත පරික්ෂා කරද්දි, එහි තිබි වායු රයිෆලයක්, පිහියක් සහ මදනමෝදක ගුලි හයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මක්තෝම්බර් 18 වනදා උදේ 9.30 පමන ගෝනවල පිහිටි වික්‍රමසිංහගේ නිවසට බලහත්කාරයෙන් කඩා වැද වැදුණු හතලියක පමන පොලිස් බල ඇණියක් ඔහුගේ නිවසේ දොර කඩා ගෙන ඇතුල් මුළු නිවසම පරික්ෂා කර චක්‍රායුධයක් සහ කඩු දෙකාක් අත්අඩංගුවට ගෙන තිබිණ. වික්‍රමසිංහ තරුණ කාලයේ කුන්ෆු කළාව ප්‍රගුන කර ඇති බවත් එම ආයුධ ඒ සදහා භාවිතා කළ ආයුධ බව ඔහු පවසයි. ලක්ෂ ගණනක් වටිනා දොර කඩාගෙන ඇතුල් පොලිස් නිලධාරීන් අවුරුදු 15 ක් පමන වයසැති ඒහුගේ පුතාගේ බෙල්ලෙන් අල්ලා ගෙන නිවසේ පහල මාලයට රැගෙන ගොස් ඇත.
වික්‍රමසිංහට අයත් ඔහු පැද වු වාහනයේ වායු රයිෆලයක්, පිහියක් සහ මදනමෝදක ගුලි හයක් තිබු බව ඔහු විසින් පිළිගෙන ඇත. වික්‍රමසිංහගේ වාහනයේ තිබු කිසිවක් නීති විරෝධි දේවල් නොවන අතර පොලිස් ඇපයක් මත මුද්‍රහැර අවශ්‍ය නම් ඔහුට එරෙහිව නීතිමය පියවර ගත හැකිව තිබුණි. කැලණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් අධිකාරිවරයෙකු වික්රමසිංහව අධිකරණයට ඉදිපත් කර මුද්‍ර හැරීමට කටයුතු කර තිබියදී උඹලාට ලැජ්ජ නැද්ද ඔකා අපිට පොලිස් නපුංසකය කියලා බනිනවා. ඔකාව කෙහොම හරි ඇතුළට දමන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් තර්ජනාත්මකව නියෝග කළ බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .
වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ හිතවතියක් සහ හිතවතෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු බවත් එම අත්අඩංගුවට ගත් කාන්තාවට පොලිස් නිලධාරීන් පරුෂ වචනයෙන් බැණ වැදි ඇති බවත් කැලණි පොලිසියේ සාජන්වරයෙකු මුත් සමග බුදියන් පුළුවන්නම් අපිත් සමග උඹට බුදියන්න බැරි ඇයි දැයි කාන්තාවගෙන් විමසා ඇත. ඇයගේ දරුවන් ඉදිරියේ වේසී යැයි එම මවට පොලිස් නිලධාරීන් බැනවැදුනු කළ බව වික්‍රමසිංහ අප සමග පැවසීය.
අත්අඩංගුවට ගත් වික්රමසිංහව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඔහුගේ දරුවන් පරිවාසයකට යැවීමට පොලිසිය උත්සහ කර ඇත. ඔහුට දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. උඹලාගේ තාත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු නේද යැයි විමසා ඇති අතර එම දරුවන් ඉදිරියේම උඹ බඩුකාරයෙකු නේදැයි වික්‍රමසිංහගේ ප්‍රශ්න කර ඇති පොලිසිය, ඔහුට පරුෂ වචනයෙන් බැනවැදි ඇත.
වායු රයිෆයකට බලපත්‍ර නැති බවත් පොලිසියෙන් එම රයිෆලය මිල දී ගත් බිල ඉල්ලා සිටි බවත් පසුව වායු රයිෆලය පාවිච්චි කර ඇද්දැයි පරික්ෂා කිරිමට අවශ්‍ය බව අධිකරණයට පොලිසිය දැනුම් දුන් බව කී වික්‍රමසිංහ වායුරයිෆලයකට දමන්නේ උණ්ඩ නොව පිලට් බවත් කාන්තාවන් විශාල ප්‍රමානයක් ආශ්‍රය කරන බවට අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ සදහන් කොට ඇති බවත් මා කාන්තාවන් ආශ්‍රය කරන නිසා පොලිසයට ඇත්තේ ලිංගික ඊරිෂ්‍යාවක් බවත් පැවසීය.
වික්‍රමසිංහ යුටියුබ් නාලිකා හරහා දේශපාලකයන් ගැන ,රජයේ දුෂිත නිලධාරීන් පිළිබදව සහ දුෂිත පොලිස් නිලධාරීන් පිළිබද අන්දෝලාත්මක හෙළිදරව් කිරිම් නිසා අනතුරක් තිබියදී වායු රයිෆලයක් තියා කැට පොල්ලක්වත් රැගෙන නොගතු යුතු තත්වයක් ඇතුලේ පිහි සහ වායු රයිෆලයක් ලග තබා ගැනීම අනුමත කළ නොහැකිය. ඔහු කළේ හඩන්න හිටපු පොලිසයට අගිල්ලෙන් ඇනිමකි. අවදානම් ගෙන කටයුතු කරන මාධ්‍යවේදීන්ට මෙය බරපතළ අත්දැකිමකි.
අපි වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදී වික්‍රමසිංහ නීති විරෝධීව අත්අඩංගුවට ගත් , ඔහුගේ හිතවතුන්ට සහ දරුවන්ට පරුෂ වචනයෙන් බැණවැදුනු කැලණි පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නැයි ඉල්ලනෙමු.