සසප යාපන දිස්ත්‍රික් අපෙක්ෂක තිරුඥානවෙල් එල්.ටි.ටි.ඊ. සමාජිකයෙකු හංවඩු ගසා දඩුකදේ ගැසීමේ වෑයමක්!

පොලිස් නිලධාරීන් පිරිසක් සමාජවාදී සමනතා පක්ෂයෙන් නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින රාසරතිනම් තිරුඥානවෙල්ගේ නිවසට නීතිවිරෝධීව ලෙස කඩා වැදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

නාම යෝජනා බාරදුන් දිනයට පසු දින සැප්තැම්බර් 12 වනදා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදනෙකු තිරුඥානවෙල්ගේ නිවසට පැමිණ ඔහු පිළිබදව තිරුඥානවෙල්ගේ මවගෙන් විමසා ඇති බවත් ඔහු නිවසේ නැතැයි කී විට අසල ඥාති නිවසකට ගොස් තිරඥානවෙල්ගේ දුරකතන අංකය ඉල්ලා ගෙන තිබේ.

වේරවිල් උප පොලිස් සථානයෙන් සහ ජයපුරම් පොලිස් ස්ථානයෙන් බව පවසමින් පොලිස් නිලධාරීන් ඔහුට කතා කර ඇති බවත් නිවසේ නොසිටියේ මන්දැයි ප්‍රශ්න කර, එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සමාජිකයෙකු දැයි විමසා ඇති බවත් සසප යාපනය දිස්ත්‍රිකයේ සමාජික ලැයිස්තුවේ සමහර නම් පිළිබදව තොරතුරු විමසා ඇති අතර තිරුඥානවෙල්ගේ ජායාරූපයක් ලබා දෙන්නැයි එම පොලිස් නිලධාරීන් ඔහුට නියෝග කර ඇත.

සසප අපේක්ෂකයින්ගේ සියලු තොරතුරු මැතිවරණ කොමිසමට ලබා දි ඇති නිසා පොලිසියට තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ තිරුඥානවෙල් ඔහු කිසි දිනක එල්.ටි.ටි.ඊ. සමාජිකයෙකු වි නොසිටි බව පවසා ඇත.

සසප සමාජකයින්ගේ තොරතුරු මෙන්ම ජායාරූප එකතු කිර‍ීමට ඔවුන්ට නියෝග කර  ඇත්තේ ඉහල නිලධාරින් බව පවසන පොලිස් නිලධාරීන් අනෙක් අපෙක්ෂකයින්ගේ ජායාරූප ඔවුන් සතුව ඇති නිසා තිරුඥානවෙල්ගේ පමනක් ජායාරූපයක් නොමැති නිසා ඔහුගේ ජයාරූපයක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත.

ඉහල නියෝගයකින් යැයි පවසමින් සසප යාපන දිස්ත්‍රික් අපේක්ෂකයින්ට එරෙහිව ප්‍රජාතන්ත්‍ර විරෝධි සහ නීති විරෝධී එම නියෝගය නිකුත් කළේ මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන්ද?  නැතහොත් දිසානයකද?

උතුරු -නැගෙනහිර ජනතාවට එරෙහිව පැවති සෑම ආණ්ඩුවක්ම ගෙන ගිය මර්දනකාරි පිළිවෙතින් දිසානයකගේ පිළිවෙත වෙනස් නොවන අතර ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය හොබවන්නට පෙර සිටම පැවති වර්ගවාදී ආණ්ඩු වලට රුකුල් දුන්නා පමනක් නොව දෙමළ ජනයාගේ අලුගෝසුවෙකු ලෙස ක්‍රියා කර ඇත.

යාපන දිස්ත්‍රික් සසප අපේක්ෂකයින්ගේ තොරුතු රැස් කිරීම සහ ජායාරූප එකතු කිරීම මර්දනයට පිඹුරුපත් සකස් කිරීමක් වන අතර තිරුඥානවෙල් හිටපු එල්.ටි.ටි.ඊ. සමාජිකයෙකු දැයි විමසීම භායානක තත්වයකි.

යුද්ධයට එරෙහිව වගේම දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා ජිවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් කොන්දේසී විරහිතව අඛන්ඩව සටන් වැදුණු සමාජවාදී සමානතා පක්ෂයට එරෙහිව පොලිස් බුද්ධ අංශ වලින් එල්ල වී ඇති තර්ජන හා මර්දනයට එරෙහි වන්නැයි මෙරට කම්කරු – පීඩිත මහජනයාගෙන් අපි ඉල්ලන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *