මහර නඩුවට කළ දේ මේ නඩුවට කරන්න මම ඉඩ දෙන්නේ නැහැ-ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ
ඉන්දික ප්‍රභාට වෙඩි තබා ඝාතනය කරන ලද ඊයේ (05) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැද වු අවස්ථාවේ නීතිපති වරයාට දෙසැම්බර් (18) වනදා එම අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි.ජානක නියෝගය කළේය.
නීතිපතිවරයා විසින් ඉන්දික ප්‍රභාත්ගේ නඩුව ආදාළව කිසිදු පුද්ගලයෙකු කරුණු සහ සාක්කි මගින් අපරාධයක් කර ඇති බවට අනාවරණය වි නොමැති නිසා එම නඩුව සම්බන්ධයෙන් නෛතික පියවර ගැනිමට අපේක්ෂා නොකර බවට ලිපියක් මගින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර තිබියදී , මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත.
මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ හා නීතිඥ සංගමයේ සභාපති අනුර මැදගොඩ නීතිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටිමට නොතිසී නිකුත් කරන්නැයි කළ ඉල්ලීම සලකා බලමින්ය.
නීතිපතිවරයාට නොතිසී නිකුත් කිරීම සදහා නඩුවට සතියකට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා වින්දිත පාර්ශ්වයේ නීතිඥයන්ට දැනුම් දී ඇත.
නීතිපතිවරයා මහර නඩුවට කළෙත් මේ නඩුවට කරන්න යන දේම යැයි කී ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ මා සමග ඒ සෙල්ලම් හරි යන්නේ නැතැයි පැවසීය. නීතිපතිවරයා විසින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව සදහාන් කර එවන ලද ලිපියේ මුල පිටපතක් කොළඹ වොක්ෂෝල් විදීයේ අධ්‍යක්ෂක නීති කොට්ඨාශයට යවා එහි පිටපතක් අධිකරණයට එවා ඇතැයි කී අනුර මැදගොඩ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරන බවත් පැවසීය.
මෙම නුඩුවේ ප්‍රධාන වින්දිතිය වන නාඹටුන්න ආරච්චිගේ පියුමිට මරණ තර්ජන එල්ල වී ඇති නිසා ඇයගේ ජිවිතාරක්ෂාව සදහා ආරක්ෂාව සලසන්නැයි ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළ අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සලකාබලමින් පියුමිට අවශ්‍ය ආරක්ෂාව සලසන්නැයි පොලසියට නියෝග කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නීතිපතිට බලයක් ඇතත්, නඩුවක කරුණු සැලකිලලට ගෙන එම නඩුව ඉදිරියට පවත්වා ගෙන යෑම අනවශය බව නීතිපට තිරණය කළ හැකිවුවත් අපරාධ නඩුවකදී අපරාධයක් ගැන කරුණු වාර්තා වෙලා තිබියදිත් මහේස්ත්රාත්වරයෙකු විසින් අපරාධයක් බවට නිගමනය කර ඇති විට හා ඒ සම්බන්ධ මහේස්ත්‍රාත් විසින් නියෝගයක් ලබා දී තිබියදීත් ඒ වැනි අවස්ථාවක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීම බරපතළ ගැටළුවක් මෙන්ම යුක්තිය සොයා යෑමේ මාර්ගය සම්පුර්ණයෙන් හකුලා දැමිමකි.