ඔත්තුගල චාමිකලා පාවාදුන් සමන් කුමාර ඇප මත නිදහස්

පොලිස් විශේෂ බලකාය සතු රහස් තොරතුරු හෙළි කළා යැයි සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සබධතා පැවැත්තුවා යැයි අත්අඩංගුවට ගෙන රක්ෂත බන්ධනාගාරගත කර සිටි එම බලකායට අනුයුක්තව සේවය කළ සමන් කුමරව ලක්ෂ දහයක ශ‍රීර ඇපයක් මත මුදා හරින්නැයි කිලිනොච්චිය මහේසත්‍රාත්වවරයා ඊයේ (11) නියෝග කළේය .

ඔහුව අත්අඩංගුවට ගන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවත්තුවා යැයි කියා නොව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වෙඩි තබා මරා දමන ඉන්දික ප්‍රභාත්‌ගේ බිරිද සමග සම්බන්ධතා පවතමින් එම බලකායට අයත් රහසිගත තොරතුරු හෙළි කළා යැයි සැකය මතය.

සමන් කුමාරව ඔක්තෝම්බර් 24 වනදා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ ඔක්තෝම්බර් 27 වනදා වන අතර පසුව කිලිනොච්චිය පොලිසිි මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 05 වනදා දක්වා රක්ෂත බන්ධනාගාරගත කරන ලදී. නොවැම්බර් 05 වනදා නඩුව කැදවු අවස්ථාවේ පොලිස් විරෝධතා හමුවේ මහේස්ත්‍රාත්වරය විසින් නොවැම්බර් 11 දක්වා නඩුව කල් දමන ලදී.

බැලුම්ගල චාමිකලා පැවසු විධියට රට පාවාදුන් ජාතික සහ මහජන ආරක්ෂාව අනතුරේ හෙලු සමන් කුමාරට දින 15 ක් ඇතුළත කිලිනොච්චිය මහේසත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හරින්නැයි නියෝග කිර‍ිම මගින් ජාතිකවාදීන්ගේ හෙළුව පෙන්නට පටන් ගෙන ඇත.

ඉන්දික ප්‍රභාත්ව පොලිස් විශේෂ කර්ය බලකාය මගින් අත්අඩංගුවට ගන්නේ කොස්ගොඩ සුජිගේ ගෝලයෙකුවන වික්ටර්ට වෙඩි තැබුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. වික්ටර් වෙඩි තැබු දවසේ ඔහුව රැගෙන යන ත්‍රිවිල් රියදුරාට වෙඩි තැබුවා යැයි ඉන්දික ප්‍රභාත්ව මාතර කොට්ටේ ගොඩ දී අත්අඩංගුවට ගෙන පසුව ආයුධ පෙන්වන්නට යැයි අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් නාසයට වෙඩි තබා මරා දමන ලදී. පසුව පොලිසිිය සොයා ගත් තොරතුරු අනුව වික්ටර් රැගෙන ගිය ත්‍රිවිල් රියදුරාට වෙඩි තබා අත්තේ මදුෂ් ආබෲගේ ගෝලයෙකු වන දන්කුඩ්ඩාය.

අහුන්ගලලේ RIU සංචාරක හෝටලය ඉදිරිපිට වෙඩි තැබු වෙඩික්කරු වෙඩි හුවමාරුවක දී මිය ගිය බව පොලිස් විශේෂ කාර්ය බලකායෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් දැනුම් ප්‍රකාශ කළ අතර පසුව RIU සංචාරක හෝටලය ඉදිරිපිට වෙඩි තැබු පුද්ගලයා පොලිසියට භාර වු බව පොලිස් මා‍ධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මාධ්‍ය අමතමින් පැවසිය.

පොලිස් විශේෂ කාර්ය බලකාය කොස්ගොඩ සුජිගේ උවමනාව මත ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කර RIU සංචාරක හෝටලය ඉදිරිපිට වෙඩි තැබු වෙඩික්කරු ආයුධ පෙන්වන්නට ගොස් පොලිසියේ ආත්මාරක්ෂාව සදහා තැබු වෙඩිල්ලකින් මිය ගිය බව ප්‍රකාශ කළේය.

ඔත්තුගල ජාති හිතෛශී පරයෝ කියන වි‍ධියට මත්‍ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ මුවවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය කොන්ත්‍රාත් එකට මිනීමැරීම මහ ලොකු ක්‍රියාන්විතයකි. මේ වැනි ජඩ අමන වැඩ වලට විශේෂ කාර්ය බලකාය තුළ හෝ එළියේ හෝ හෘද සාක්කියක් තිබෙන පුද්ගලයෙකු ඊට එරෙහි විම කොහොමද? පරයනි ජාතික සහ මහජන ආරක්ෂාව පාවාදීමක් වන්නේ කෙසේද? මහජන ආරක්ෂාව කියන්නේ මෙරට කම්කරු -පිඩිත මහජනයාගේ ආරක්ෂා වන අතර තෝපි කතා කරන ඊනියා මහජන ආරක්ෂාව ධනපති පාලක පන්තියේ සහ ඔවුන්ගේ ආරක්ෂකයින් වන වරුණ ජයසුන්දරලාගේ ආරක්ෂාව වෙති. මහජනයාට ආරක්ෂාවක් තියෙනවා නම් මහජනයාගේ දරුවන් තැනින් තැන බල්ලෝ පුසෝ වගේ මරා දමන්නේ නැත. පරයනි තෝපි ඔය කියන ඊනියා මහජන සහ ජාතික ආරක්ෂාවට මුවා වෙලා ධනපති පාලකයෝ 971 20.000කුත් 1988-89 -60.000කුත් 2009යේ උතුරු-නැගෙනහිර දෙමළ ජනයා ලක්ෂ එකහමාරක පමන පිරිසක සමුල ඝාතනය කර දැමුුහ. දඩුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ අධිකරණයට පමනයි . වරුණට හෝ වෙන යම් ආරක්ෂ ප්‍රධානියෙකුට දඩුවම් පැමින වීමට අයිතියක් නැත. ඔවුන් නීතිය වෙනුවට කෑලැ නීතිය නම් ක්‍රියාත්මක කරන්නන කැසකවන්නේ තරාතිරම නොබලා අපි සටන් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *