උතුරු-නැගෙනහිර යුද්ධයෙන් මරා දැමුවන් සැමරීමට ඔවුන්ගේ ඥතීන්ට පරම අයිතියක් ඇත
උතුරේ සහ නැගෙනහිර පසු ගිය යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයාගේ ඥාතීන් සැමරීම එම ජනයා සදහා ඇති පරම අයිතියක් බවත් කොන්දේසී දමා එම අයිතිය වළක්වාලන්ට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බවත් කොන්දේසි දැම්මෙන් ආණ්ඩුව සිදු කරන්නේ දෙමළ ජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතින් උල්ලංඝනය කිරීමක් මෙන්ම එම ජනායාට අවමන් කිරිමක් බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ පවසයි.
මේ ආණ්ඩුව විශ්වාස කරනවා නම් එල .ටි.ටි.ඊ. සංවිධානයේ මත වාදය කොඩි ප්‍රදර්ශනය කිරීම මත නතර කරන්න පුළුවන් කියා හිතනවා නම් එය මිරිගුවක් බවත් එම මතවාදය පරාජය කළ හැක්කේ දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න වලට සැබෑ දේශපාලන විසදුමක් දී මෙන් පමණක් බව නීතිඥ බෝපගේ පෙන්වාදුන්නේය.
බෝපගේ එසේ පැවැසුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල උතුරේ විරුවන් සැමරීම සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසි පිළිබදව ජන අරගල සන්ධානයේ මත විමසු අවස්ථාවේදීය.
ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිටු විමෙන් අනතුරු පවත් වන පලමු විරු සමරුව මෙය වන අතර දෙමළ ජනයා තමන්ගේ ඥාතීන් සමහරන්ටත් පෙර ආණ්ඩුව කොන්දේසි පැන විමෙන් ජනතා විමුක්ති පෙරමුණ අඛන්ඩව දෙමළ ජනයාට එරෙහිව අඛණ්ඩව ගෙන ගිය වර්ගවාදයේ පොලා පැනීමක් බව නීතිඥ බෝපගේ පැවසිය.
මිය ගිය විරුවන් සැමරීම දකුණ , උතුරු භේදයෙන් තොරව සැමටම අයිතියක් තිබිය යුුුතු බවත් උතුරු -නැගෙනහිර ඥාතීන් සැමරීමට කොන්දේසි දමන ආණ්ඩුව දකුණේ එවැනි සැමරුම් කිරීමට කොන්දේසි දමා දැයි බෝපගේ ප්‍රශ්න කර සිටියේය.