ඉන්දියාවේදී අයි.එස් .අයි .එස්. යැයි සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකීකයන් සිව් දෙනා මෙරට ගෙනැවිත් දෙන්නැයි ඔවුන්ගේ ඥාතිහු ජනාධිපතිගෙන් ඉල්ලති

ත්‍රස්ත ක්‍රියාවක් කිරීමේ අරමුණින් ඉන්දියාවට ඇතුල් වී සිටියදී එම රටේ ගුජරාට් ප්‍රාන්තයේ  ත්‍රස්ත මර්දන ඒකකය මගින් අහමදාබද් ජාතයන්තර ගුවන් තොටුපලේ ශ්‍රී ලාංකීයන් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අයි .එස්.අයි .එස් . සංවිධානයට සම්බන්ධ බව ඉන්දියානු ආරක්ෂක අංශ පවසයි.

මොහුන් සිව් දෙනා අහමාදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ගුජරාට් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2024 මැයි 17 වනදාය.  එම සිව් දෙනා ඉන්දිය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මාස නමයකට ආසන්න (09) කාලයක් ගත වි ඇත. ඉන්දිය ආරක්ෂක අං‍ශ යටතේ සිටින එම සිව් දෙනා පිළිබද තොරතුරක් ලබා දෙන්නැයි ඔවුන්ගේ ඥාතීන් විසින් ලංකාවේ විදේශ අමාතයංශයෙන්, ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලා ඇතත් මේ වතෙක්  තොරතුරක් ලබා දීමට කටයුතු කර නැත.

 මෙහොමඩ් නුෂ්රාත් (33) මොහොමඩ් නෆ්රාන් නවුෆර් (27)  මොහොමඩ් රස්ඩීන් අබ්දුල් රසීම් (44) සහ මොහොමඩ් ෆාරිස් මොහොමඩ් ෆාරුක් (27) යන අය ඉන්දියවේ අහමදාබාද් ජත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඉන්දිය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් සිව් දෙනා වෙති.

මොහොමඩ් නුෂ්රාත් මීගමුවේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තිදෙනාම කොළඹ පදිංචිකරුවන අතර ඔවුන් සිව්දෙනාම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුවන් බව පවසති. අයි .එස් .අයි .එස් සමාජිකයින් තදින් ආගම අදහන්නන් වන අතර මත්ද්‍රව්‍ය සහ දුරාචාර ක්‍රියාවන් ඇත් වුවෝය.

ඉන්දියවේ අත්අඩංගුවේ සිටින ලංකීකයන් සිවි දෙනාගේ ඥාතීන් ඊයේ (12) මරදාන සමාජ හා සමයික කේන්ද්‍රයේ ප්‍රව‍ෘත්ති සාකච්ජාවක් පවත්වමින් තම ස්වාමී පුරුෂයා සහ තම පියා මෙරට ගෙනැවිත් දෙන්නැයි ජනාධිපති අනුර දිසානයකගෙන් ඉල්ලා සිටියහ.

මොහොමඩ් නෆ්රාන් නවුෆර්ගේ බිරිද ෆාතිමා සකීර්

මගේ ස්වාමී පුරුෂයා ඉන්දියාවට ගියේ ව්‍යාපාර කටයුතු වලට .නමුත් අයි .එස් අයි.එස් . සංවිධානයට සම්බන්ධයි කියලා මගේ මහත්තයාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මගේ මහත්තයා ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා තියෙන පුද්ගලයෙක් නොවෙයි.  මහත්තයා ජිවතුන් අතර ඉන්නවා ද නැද්ද කියලා දැනුම් දෙන්න කියලා ජනාධිපති ලේකම් කර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යංශයටත් ආරක්ෂක අමාත්‍යංශයටත් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයටත් ලිඛිව දැනුම් දුන්නා නමුත් අපට මේ වන තෙක් කිසිම තොරතුරක් ලබා දීලා නැහැ. පොලිසියෙන් අබෙන් අහනයා මහත්තයා ගෙදර ආවාද කියලා. එහෙම අහන කොට අපට බයක් ඇති වෙනවා එගොල්ලෝ ජිවතුන් අතර ඉන්නවාද නැද්ද කියලා. අපිට ඔවුන් ගෙන් දුරකතන ඇමතුමක්වත් ලැබිලා නැහැ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ අය මෙරටට ගෙනැවිත් දෙන්න කියලා. ගෙදර ආර්ථිකයේ සම්පුර්ණ බර ඇද්දේ මහත්තයා. මහත්තයා නැති නිසා අපි දැන් අසරණ වෙලා . ජිවත් වෙන්න විදියක් නැහැ.

මොහොමඩ් රස්ඩින් අබ්දුල් රසීම්ගේ දුව ෆාතිමා සලීමා

තාත්තාව ඉන්දිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ 2024 මැයි 17 වෙනිදා .මගේ තාත්තා පලමු වතාවට තමයි ඉන්දියාවට ගියේ. තාත්තා ඉන්දියාවට ගියේ ඇදුම් ගෙන්න. තාත්තාව ඉන්දිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියෙක් කියලා. මගේ තාත්තා එවැනි සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයෙකු නොවෙයි.අපි ජිවත් වෙලා ඉන්නේ කොළඹ 03 බාබර් ෂීට් බාබර් වීදියේ. තාත්තා නැති නිසා අපි ගොඩක් අමාරුවෙන් ජිවත් වන්නේ. මට අක්කා කෙනෙක් නංගිලා දෙන්නෙක් සහ මල්ලී කෙනෙක් ඉන්නවා. අපිට තාත්තා පිළිබද ඉක්මන් තොතුරක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *