මීගමුුුවේ වෙඩි තැබිමක්, තිදෙනෙකුට තුවාලයි
මි ගමුව වෙළබඩ පාරේ නිවසකට අද (28) සවස එල්ල කළ වෙඩ් ප්‍රහාරයකින් බස් ව්‍යාපාරියෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල ලබා ඇති අතර ඔවුන්ව මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එම වෙඩි තැබීම සදහා පැමිණි වෙඩික්කරුවන් අතර කාන්තාවක් ද සිටි බවත් වාර්තාවේ.
මෙම වෙඩි තැබීම සදහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය මග දමා ගොස් තිබිසි පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර වෙඩ්තැබීම සදහා භාවිතා කළ එම මෝටර් රථය මග දමා වෙනත් මෝටර් රථයකින් පළා ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.
වෙඩි තබා පළා ගිය ගිය වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි අප කළ විමසුමකදී ඉහල නිළධාරයෙකු පැවසීය