ජාමුඅ කප්පාදු වැඩ පිළවෙල මහජනයා දැන ගනිතැයි බියෙන් සසතශිසයේ රැස්විම ආණ්ඩුව තහනම් කරයි.

ජාමුඅ කප්පාදු වැඩ පිළිවෙල පරාජය කරන්නේ කෙසේද? යන මැයෙන් ජනවාරි 03 වනදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට සංවිධානය කර තිබු සම්මන්ත්‍රණය එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් තහනම් කරන ලදී.

මෙම සම්මන්ත්‍රණය සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය මගින් සංවිධානය කර තිබු අතර පේරාදෙනිය දේශපාලන විද්‍යා සංගමය ඊට අනුග්‍රහය දැක්විණ.

ජනවාරි 03 උදැසන සමාජ සමානතාව සදහා තරුණයේ සහ ශිෂ්‍යයෝ සංවිධානයට දැන ගන්නට ලැබී ඇත්තේ එම සම්මන්ත්‍රණයේ මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනය ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අභියෝග කරන බැවින්, එය අවලංගු කරන ලෙස පේරාදෙනිය උපකුලපතිවරයා විසින් නියෝග කර ඇති බවයි. පසුව අවශ්‍ය නම් මාතෘකාව වෙනස් කර රැස්විම පැවත්වන්නැයි බලධාරීන් දැනුම්දීම ඇතුලේ උත්සහ කර ඇත්තේ සමාජ සමානාතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය යටකර ගැනීමටය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානී මහචාර්ය උපුල් අබේරත්න දේශනය සදහා අවසරය ලබා දී තිබියදී උපකුලපතිවරයා රැස්විම තහනම් කෙරිණ. එම දේශනය තහනම් කරන ලද්දේ , උපකුලපතිවරයගේ උවමනාවකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ බලපෑම මත සිදු වුවා යන්න සිතීමේ කිසිදු වරදක් නැත.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ නේවාසික , ශිෂ්‍යාධාර ගැටලු සහ දේශන ශාලා මෙන්ම ආචාරයවරු නොමැතිකම ඇතුළු දහසකුත් ප්‍රශ්න වලින් හෙම්බත්ව සිටින සිසුන් ගැන වගේ වගක් නැති උපකුලපතිවරයා ජාජබ ආණ්ඩුවට අභියෝග කරන අය නැවැත්විමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත.

ජාජබ ආණ්ඩුව උපකුලපතිවරයා ඉස්සරහට දමා ගෙන රැස්විම තහනම් කිරීම සමස්තයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස සදහා වන ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියට මෙන්ම සිසුන්ගේ බුද්ධි කලම්භනයට එරෙහිව එල්ල කළ මරු පහරකි.

ජාමුඅ කප්පාදු වැඩ පිළිවෙල සම්පුර්ණයෙන්ම කම්කරු -පීඩිත ජනයා, තරුණයන් සහ ශිෂ්‍යයන් මත පැටවුවක් බව හෙළි වෙතැයි වියරු වැටි ඇති ආණ්ඩුව කම්කරු-පීඩිත මහජනයගේ ප්‍රජාතනත්‍රවාදී අයිතීන් තලා දැමීමකින් තොරව ජාමුඅ කොන්දේශී ක්‍රියාත්මක කළ නොහැකි බවත් දනි.

සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය ජාමුඅ කප්පාදු වැඩ පිළිවෙල පිළිබද ශිෂ්‍යයෝ සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කිරීම සදහා සංවිධානය කර තිබු රැස්විම තහනම් කිරීමත් පාසැල් ආර්ථීක සංවර්ධන නිලධාර‍ීන්ගේ උද්ඝෝෂණයට හමුදා බුද්ධි නිලධාරීන් යොදවා පොලිස් නිලධාරීන් තුවාල කර එහි වගකිම උද්ඝෝෂකයන් පිට පැටවිමට දැරු ප්‍රයත්න මගින් පෙන්නුම් කරන්නෙත් ආණ්ඩුව ආඥාදායකත්වයක් කරා ගමන් කරමින් සිටින බවයි.

ජාජබ ආණ්ඩුව රැස්විම් තහනම් කරමින් සහ උද්ඝෝෂණ කඩාකප්පල් කරමින් ගෙන යන මර්දනයට එරෙහි වන්නැයි මෙරට කම්කරු -පීඩිත මහජනයාගෙන්,විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුගෛන්, තරුනයන්ගෙන් සහ ප්‍රගතිශීලි ජනතාවගෙන් ලංකා ස්කයි වෙබ් අඩවිය ඉල්ලන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *