විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය “ශාස්ත්‍රීය නිදහසට” අත නොතබන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලයි
සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය ජනවාරි 03 වනදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබු ජාමුඅ කප්පාදු වැඩ පිළිවෙල පරාජය කරන්නේ කෙසේද? යන දේශනය තහනම් කිරීම හෙළා දකිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් පල වේ
මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය නිදහසට
අත පෙවීම් ෆුටා හෙලා දකී
ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) බලපෑම පිලිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීමට බාධා කිරීමට පේරාදෙනිය උපකුලපතිවරයා ගත් තීරනය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය (ෆුටා) තරයේ හෙලා දකියි. දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය විසින් සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය සමඟ සම්බන්ධීකරනය කරන ලද මෙම සම්මන්ත්රනය 2025 ජනවාරි 3 වැනි දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබුනි. කෙසේ වෙතත්, සම්මන්ත්රනයේ මාතෘකාව වෙනස් කරන ලෙස හෝ රැස්වීම සම්පූර්නයෙන්ම අවලංගු කරන ලෙස උපකුලපතිවරයා සංවිධායකයින්ට උපදෙස් දුන් බව අපට දැනගන්නට ලැබුනි.
මෙම ක්‍රියාව, ශාස්ත්රාලීය නිදහසට නිර්ලජ්ජිත හා අනවශ්‍ය මැදිහත්වීමක් නියෝජනය කරයි. විශ්වවිද්‍යාල යනු විවේචනාත්මක චින්තනය, විවෘත සංවාදය සහ විවිධ අදහස් හුවමාරු කර ගැනීම සඳහා පදනම් අවකාශයන් වේ. පවතින ආඛ්‍යානවලට අභියෝග කල හැකි හෝ විවේචනාත්මක ඉදිරිදර්ශනවලට අභියෝග කල හැකි සාකච්ඡා පැවැත්වීම ඇතුලුව, ශාස්ත්‍රීය අධ්‍යයන ආයතන විසින් පුලුල් විශ්වවිද්‍යාල ප්‍රජාවට තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කල යුතුය.
මෙම සිදුවීමට මැදිහත් වීමට උපකුලපතිවරයා ගත් තීරනය භයානක පූර්වාදර්ශයක් සපයයි. මෙවැනි ක්‍රියා මගින් බුද්ධිමය ගවේෂනයේ සහ නිදහසේ බලකොටු ලෙස සැලකෙන විශ්වවිද්‍යාලවල ආචාර ධර්මවලට හානි පමුනුවයි. විවේචනාත්මක කතිකාවන් යටපත් කිරීම ශිෂ්‍යයින්ගේ හා පීඨයේ අධ්‍යයන අයිතීන් කප්පාදු කරනවා පමනක් නොව, අපගේ උසස් අධ්‍යාපන ආයතනවල, නායකත්වය කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය ද පලුදු කරයි.
ෆුටා, අධ්‍යයන නිදහස ආරක්ෂා කර ගැනීමේ හදිසි අවශ්‍යතාවය සහ වාරනයට හෝ පලිගැනීම්වලට බියෙන් තොරව, අදහස් නිදහසේ විවාදයට ගත හැකි අවකාශයන් ලෙස විශ්ව විද්‍යාල පැවතීමේ අවශ්‍යතාව නැවතත් ප්‍රකාශ කරයි. මේ පිලිබඳව සොයා බැලීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල තුල ශාස්ත්‍රීය නිදහස තහවුරු කිරීමට ඇති කැපවීම යලිත් තහවුරු කරන ලෙසත් අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිමු.
චාරුදත්ත බී. ඉලංගසිංහ
මහ ලේකම්
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆුටා)