අමාත්‍ය මණ්ඩල තිරණ
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම වලට ලක් වු රෝගීන් 17 දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි විම නිසා එම රෝගීන් සදහා වන්දි මුදලක් ගෙගවීමට ආණ්ඩුව තිරණය කළ බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින් ජයතිස්ස ඊයේ (07) සවස පොල්හේනගොඩ රජයේ ප්රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවති ප්රවෘත්තී සාකච්ජාවේදී පැවසීය.
එම දෘෂ්ටිය අහිමි වු රෝගීන්ට ගෙවිය යුතු වන්දි තීරණය කිරීම සදහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට 2024 පෙබරවාරි 12වනදා රැස් වු අමාත්‍ය මණ්ඩල රැස්විමේදී අනුමැති ලැබි ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර එම කම්ටුව විසින් ආදාළ කරුනු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබද සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
රෝගීන් 17 දෙනා සදහා ලබා දීමට කම්ටුව විසින් නිර්දේශ කරන ලද පහත සදහන් වන්දි මුදල් ජනමාධ්‍ය හ සෞඛ්‍ය අමාත්‍ය නලින් ජයතිස්ස විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනා වලට අනුමැතිය ලැබිණ.
රෝගීන් 12 දෙනෙකු සදහා රුපියල් 1,000,000 වනදි මුදලකුත් රෝගීන් 02 දෙනෙකු සදහා රුපියල් 750,000 ක වන්දි මුදලකුත් එක් රෝගීයෙකු සදහා රුපියල් 700,000 ක වන්දි මුදලකුත් රෝගීන් 02 දෙනෙකු සදහා රුපියල් 250,000 ක වන්දි මුදලකුත් වශයෙන් ගෙවීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු වලදී සහයෝගීතිව සහ අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබද ගිවිසුම
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යේන්‍ය සහාය ලබා ගැනීම පිලිබද ගිවිසුමකට අත්සන් තැබීම පිණිස 2012 නොවැම්බර් 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රස්විමේදී අනුමැතිය ලැබි ඇත. නමුත් ආදළා ගිවිසුම මෙතෙක් අත්සන් කර නැත.
යෝජිත ගිවිසුම මගින් දෙරට අතර වෙළද ගනුදනු වල පිරිවැය අඩු කිරීම , සීමාකිරීම සහ පාලනය කිරීම සම්බන්ධිත රේගුලාසී පැනවීම යන අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
දෙපාර්ශ්වය විසින් එකගවී ඇති ගිවිසුම් සදහා නීතිපතිගේ නිශ්කාශනය ලැබී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර එකී ගිවිසුම අත්සන් තැබීම පිණිස මුදල් ,ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා රජය “එක් චිනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කිරීම.
ශ්‍රී ලංකා රජය “එක් චිනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කර ඇති අතර එමගින් නීත්‍යානුකුල චීනය ලෙස මහජන චීන සමුහණ්ඩුව පමනක් පිළිගන්නා බවත් තායිවානය චිනයේ එක් පළාතක් ලෙස පමනක් පිළිගන්නා බව අදහස් කෙරේ. ඒ ප්‍රතිපත්තිය ඒ අයුරින් ඉදිරියට අනුගමනය කරමින් ඊට අනුගත වන බවට විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදහසට අමාත්‍ය මණ්ඩය එකගතාවය පල කර ඇත.
සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ මහජන චින සමුහාණ්ඩුවේ ආයතන සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම.
දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරම අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින් ජයතිස්ස පහත සදහන් යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ පසු අමාත්‍ය මණ්ඩලයට ඊට අනුමැති ලබා දී ඇත.
01) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සහ මහජන චිනය සමුහාණ්ඩුව ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලනය අතර අවබෝධතා ගිවිසුම.
02)සීමාසහිත එක්සත් ප්රවෘත්තී පත්‍ර සමාගම සම චීනයේ ෂින්හුවා පුවත් නියොජිතයතනය (Xinhua News Agency) අතර අවබෝධතා ගිවිසුම.
03) රජයේ ප්රවෘත්තී දෙපාර්මේන්තුව සහ චීනයේ ෂින්හුවා පුවත් නියෝජිතයන් (Xinhua News Agency) අතර සහයෝගීතා ගිවිසුම.
04) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමුහ (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.
05) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමුහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.