මහ මැතිවරණයට තරග කළ ආදයම් වියදම් වාර්තා ලබා නොදුන් අපේකෂකයන් 1239 කට වැඩ වරදී
2024 මහ මැතිවරණයට ඉදිරිපත් වී මෙතෙක් ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට පක්ෂ ලේකම්වරුට සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මහ මැතිවරණයේ ආදාළව ආආයම් වියදම් වාර්තා මැතිවරණ ප්‍රතිපල නිකුත් වි දින 21 ක් ඇතුළත මැතිවරණ කොට්ඨාශයේ තේරීම් භාර නිලධාරීන්ට බාරදිය යුතු වුවද මෙතෙක් එම වාර්තා බාර නොදුන් අපේක්ෂකයන් 1239 දෙනෙකුගේ වාර්තාවක් මැතිවරණ කොමිසම් සභාව විසින් පොලිස්පතිවරයාට බාර දී ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.