අනවසර සංක්‍රමණිකයන් ලක්ෂයක පමන පිරිසක් කඩා වැදීමේ අවදානමක් -මහජන ආරක්ෂක ඇමති

ඉදිරියේ අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් පමන පිරිසක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හෙළි කරයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එකතු වෙමින්ය.

එම අනවසර සංක්‍රමණිකයින් පැමිණීම ගැන බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116ක් රටට ඇතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකවරුන්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.” 

“ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑම බීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා.” 

“දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *