පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කළා යැයි රුසියවේ හිටපු ජනාධිපති උදයංග වීරතුංග රිමාන්ඩ්

බටයකින් ඇණ පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කරන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියවේ හිටපු ශ්‍රී ලංකා තානාධිපති උදයංග වීරතුංගව ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි ගංගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විරසිංහ අද (10) නියෝග කළේය.

බිත්තියක් සම්බන්ධයෙන් දේපාර්ශවයක් අතර ආරවුලක් හට ගෙන ඇති අතර සැකකාර වීරතුංග නමැත්තා එස්ලොන් බටයකින් අසල්වැසි නිවසේ පදිංචි ලියනගේ දොන් චන්ද්‍රසිරිට ඇණ තුවාල සිදු කර ඇතැයි පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දිමෙන් අනතුරු සැකකරු රිමාන්ඩ් භාරයේ තබන්නැයි එලෙස නියෝග කර ඇත.

සැකකරු පහරදීම නිසා චන්ද්‍රසිරි නමැත්තාගේ නාහය කැඩි ගොස් ගොස් ඇති බවත් කෝට්ටේ ජයවර්ධන පුර රෝහලේ වාට්ටු අංක 11 යේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට වාර්තා කොට ඇත.

සැකකාර විරතුංග සහ පහර කෑම ලක් වු චනද්‍රසිර යන අය නුගේගොඩ තලපත්පිටිය කනත්තර පාරේ පදිංචිකරුවන් වෙති.

පහර කෑමට ලක් චන්ද්‍රසිරි විසින් බදින ලද තාප්පයක් සම්බන්ධයෙන් දේපාර්ශ්වය අතර ගැටුමක් හට ගෙන ඇති බවත් ජනවාරි 06 වෙනිදා මිරිහාන මුලස්ථානයෛ් විවිධ පැමිනිල් අංශයට පැමිනිල්ලක් ලැබි ඇති බවත් පසුව දෙපාර්ශ්යයම පොලිසියට කැදවා සිද්ධිය සම්බන්ධයෙන් එකගතාවයකට පැමින බිත්තිය සම්බන්ධයෙන් තිරණයක් ගන්නැයි දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *