රෝහින්ග්‍යා සරණාගතයින් මියන්මාරයට පිටුවාහල් නොකරන්නැයි උතුර -නැගෙනහිර ජනයා පාරට බසිති.

රෝහින්ග්‍ය සරණාගතයින් මියන්මාරයට පිටුවාහල් නොකරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා උතුරු -නැගෙනහිර සම්බන්ධීකරණ කම්ටුව (NECC) පෙරේදා (09) මුලතිව් නගරයේ විරෝධතා උද්ඝෝෂණයක් පැවත්විණ.

උතුරු-නැගෙනහිර සම්බන්ධීකරණ කම්ටුව මගින් සංවිධානය කර තිබු එම විරෝධතා උද්ඝෝෂණයට කාන්තා සංවිධාන ,ධීවර සමිති , මානව හිමිකම් සංවිධාන මෙන්ම මාධ්‍යවේදීන් ද සහභාගි වී සිටියහ.

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා සැලකිය යුතු පිරිසක් සහභාගි සිටියහ.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් සංවිධානයේ සමාජික රටක් වන බවත් එම සංවිධානයේ මුලධර්ම වලට තරු කිරීමට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකුල වීමට බැදී ඇති බැවින්,රෝහින්ග්‍ය සරණාගතයන් ඔවුන්ගේ රට වන මියන්මාරයට පිටුවාහල් නොකරන්නැයි ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් විවෘත ආයාචනයක් කරමින් ඉල්ලති.සරණාගතයින්ට ආදළ දිස්ත්‍රික්කයේ සිවිල් පරිපාලනයේ නිරීක්ෂණයෙන් තොරව සති‌ෙ දෙකකට වැඩි කාලයක් මුලතිව් කෙප්පපුලවු ගුවන් හමුදා කදවුරේ තුල රදවාගෙන සිටින බවත් හමුදාකරණ පරිසරයක් යටතේ සරණාගතයන් රදවාගෙන තබාගෙන සිටිම ජාත්‍යන්තර මානුෂීය සම්මතයන්ට හා මුලික මානව වටිනාකම් සමග නොගැලෙපෙන බව උතුරු -නැගෙනහිර සම්බන්ධීකරණ කම්ටුව රජයට යවන ලද ලිපියේ සදහන් කොට ඇත.

ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර ජාත්‍යන්තර සරණාගතයින් රදවා තබා ගැනීමේ මධ්‍යස්ථාථානයක් ලෙස පවත්වාගෙන යන්නැයි නොඉල්ලන බවත් සරණාගතයින්ට ආදළා ජාත්‍යන්තර ප්‍රමතීන්ට අනුව සලකන ලෙස වැඩිදුරටත් ඉල්ලන එම සංවිධානය සුදුසුකම් ලත් රටවල් සමග සාකච්ජා කර රෝහින්ග්‍ය සරණාගතයන් පදිංචි කරන්නැයි ඉල්ලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *