ඊශ්‍රායල හමුදා දින පහක් තුළ පලස්තීන දරුවන් 70 දෙදනෙකු ඝාතනය කළ බව -ගසා ඒජන්සීය පවසයි.
ඊශ්‍රායල් හමුදා විසින් උතුරු ගසාවේ ජාබාලියා හි අවතැන් වු පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි පාසලකට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය බව ගාසාවේ සවිල් ආර්ක්ෂක අංශය පවසයි.
පසු ගිය දින පහ ඊශ්‍රායලය හමුදාව අවම වශයෙන් පලස්තීන දරුවන් 70 දෙදනෙකු ඝාතනය කළ බව එම ඒජන්සිය පැවසීය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යානු සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ජා සදහා මොෂාඩ් සහ ෂික් බෙට් ආරක්ෂක ආයතනවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් සාකච්ජා කිරීම සදහා කටාර් වෙත යවා ඇත.
ඊශ්‍රායල සහ හිස්බුල්ලා අතර සටන් විරාම ගිවිසුමක කොටසක් ලෙස ලෙබනයේ හමුදා බහුල ප්‍රදේශ වල ස්ථානගත කිරීමත් සමග ඉදිරියට යමින් සිටින ඊශ්‍රායල හමුදා ලෙබනයේ දකුණු ප්‍රදේශයට තවත් ප්‍රහාරයක් එල්ල කර ඇත.
2023 ඹක්තෝම්බර් 07 වන දා සිට ගසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ජන සංහාරයයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 46,565 ක් මිය ගොස් 109,660 ක් තුවාල ලබා ඇත. හමාස් ප්‍රහාර වල දී ඊශ්‍රායල ජාතිකයින් අවම වශයෙන් 1139 දෙනෙකු මිය ගොස් ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයින් 200 දෙනෙකු රදවාගෙන සිටි.