ජාජබ ආණ්ඩුව බළලුන් ලවා කොස්ඇට බෑවිම හෙවත් කළු ජනවරිය
මෙරට පාලනය කළ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ඝාතනය කරන ලද හා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද මාධ්‍යවේදින් සංඛාව 125 ක් පමන වේ. ඝාතනය කළ ,පැහැරගෙන ගොස් අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදින් හට යුක්තිය ඉටු කරන්නැයි ජාතික ජන බලවේග ආණ්ඩුවට බල කර ජනවාරි 29 වනදා සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවති “ජනවාරිය තවමත් කළු” යන මැයෙන් පැවති විරෝධතා උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට පොලිසිය සහ කොටුව දුම්රිය ස්ථානයේ සමාන්‍යාධිකාරී විජේතිලක නැමැත්තා නිර්ලැජ්ජිත් උත්සහයක නිරත වුණි.
වර්ෂ 2012 සිට එම මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම මෙන්ම ඝාතනයන්ට සහ පැහැර ගැනීම් වලට එරෙහිව මහජනයා දැනුවත් කිරීම සදහා අඛණ්ඩව පවත්වගෙන ආ “ ජනවාරිය තවමත් කළුය “ යන විරෝධතා උද්ඝෝෂණයට පැවති ආණ්ඩු අකමැති වුවත් එය බරපතළ ලෙස එළිපිටට ගලා අවේ නැත. නමුත් ජාජබ ආණ්ඩු යටතේ පැවත් වු ජනවාරිය තවමත් කළුය යන උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට පොලිසිය සහ රාජයේ නිලධාරියෙකු කුමන්ත්‍රණකාරී ලෙස දෑරු උත්සහය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බලවත් ප්‍රහාරයක් වන අතර ඊට එරෙහි වන්නැයි කම්කරු පීඩිත ජනයාගෙන් මෙන්ම ප්‍රගතිශීලි ජනතාවගෙන් අපි ඉල්ලමු.
විරෝධතා උද්ඝෝෂණය පැවැත්වීම නියමිත තිබුණේ පස්වරු 4 ටය. ලියුම්කරු ඇතුළු ශ්‍රි ලංකා වෘත්තිය ජන මාධ්‍යවේදින්ගේ සංගමයේ විධායක් කම්ටු සමාජිකයින් කිපදෙනෙකු දහවල් 01ට පමන කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සැරසිලි කටයුතු ආරම්භ කළහ. මරා දමන ,අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන්ගේ ජායාරූප දුම්රිය පරිශ්‍රයේ සවිකර යකඩ වැටවල් වල එල්ලමින් සහ කළු කොඩි බදිමින් සිටියදී උප පොලිස් පරික්ෂකයෙකු පැමිණ එම ජායාරූප සහ කොඩි ගලවන්නැයි අපෙන් ඉල්ලීමක් කළේය . පැය දෙක තුනක වැඩක් කරදර කරන්න එපා යැයි අපි කාරුණිකව ඔහුගෙන් ඉල්ලා සිටියෙමු . ගැලෙව්වෙි නැතිනම් ගලවන්නට සිදු වන බව උප පොලිස් පරික්ෂවරයා අපට පැවසීය . අපි ගලවන්නෙත් නැහැ ගලවන්න දෙන්නෙත් නැතැයි අපේ විධායක කම්ටු සමාජියෙකු පෙරළා ඔහුට පැවසීය . මෙතැන සැරසිලි කරනවා නම් කොටුව දුම්රිය සමානාධිකාරීවයාගේ අවසරය ගත යුතු බව උප පොලිස් පරික්ෂවරයා අපට කීය.
“පසුව සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලියුම්කරු කොටුව දුම්රිය අධිකාරීවරයා මුණ ගැසුණි. දුම්රිය පරිශ්‍රය ඇතුළේ කර ඇති සැරසිලි වහාම ඉවත් කරන්නැයි ඔහු අපට නියෝග කළේය . සෑම වසරකම මෙම ස්ථානයේ එම විරෝධතාවය පවත්වා ඇති බවත් ඒ කිසිම අවස්ථාවක මේ වැනි බාධා කිරීමක් සිදු නැතැයි අප ඔහුව දැනුවත් කළ ද ඔහු වෙනදා සැරසිලි කළාට මේ පාර කරන්න දෙන්න බැරි යැයි සමාන්‍යාධිකාරීවරයා අප සමග පැවසීය. ඔහු මුල දී ඉහලින් ආ නියෝගයක් බවට අප සමග පැවසුවත් අප එම නියෝගය දුන් ඉහල නිලධාරියාගේ දුරකතන අංකය අප ඉල්ලද්දිත් සැර බාල කර ඒවැනි නියෝගයක් නොදුන් බවත් කීය . එම ස්ථාන සැරසිලි ඉවත් කරන්නැයි ඔහු නැවත අපෙන් ඉල්ලා සිටිමින් කියා සිටියේ ඔගොල්ලන්ගේ කැමැත්තට කරලා ප්‍රශ්නයක් වුනොත් ස්ථානාධිපතිවරයා හැටියට තමා වගකියන්නේ නැතැයි පැවසිය. ඔයා වගකියන්න ඔ්නේ නැහැ අපි බලා ගන්නම් යැයි කිය අපි කාමරයෙන් එළියට එද්දි, ලියුම්කරුගේ සහ සභාපති සම්පත්ගේ නම් ඉල්ලා ලියා ගත්තේ අපට කෙලවන්නැයි හිතාගෙනය.”
ජුලි 09 අරගලයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව උද්ඝෝෂණ ,විරෝධතා සහ පා ගමන් වලට මොනතරම් භය වුනා ද කියනවා නම් පොලිසිය සහ මිලිටරිය යොදාගෙන ගත්තැනම විරෝධතා කඩාකප්පල් කරන්න කටයුතු කරන ලදි. ජාතික ජන බලවේග ආණ්ඩුවටත් වික්‍රමසිංහගේ අරගල භීතිකාව වැළදි ඇත. වික්‍රමසිංහ මෙන් නොව ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ආණ්ඩුව බළලුන් ලවා කොස්ඇට බෑමට පටන්ගෙන ඇත.
සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ සිසුන්ගේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිළිවෙල පරාජය කරන්නේ කෙසේද? යන මැයෙන් පැවැත්වීමට නියමිත තිබු දේශනය එම විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් තහනම් කරන ලදී. එම දේශනය උප කුලපතිවරයා විසින් තහනම් කරන ලද්දේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අභියෝගයට ලක් කළ නොහැකි බව පවසමින්ය. ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ජනමාධ්‍යවේදීන්, ශ්‍රාස්ත්‍රාලිකයින් සහ බුද්ධිමතුන් ප්‍රශ්න කරද්දි, ඔවුන් ඊට සම්බන්ධ නැතැයි පැවසුහ.
මියන්මාර් සංහාරකයින්ගෙන් මිදී පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින් නැවත මියන්මාරයට භාර නොදෙන්නැයි ආණ්ඩුවට බල කර මුලතිව් දිස්ත්‍රික් ලෙකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සංවිධානය කළා යැයි යාර්ල්සන් සහ නිශාන් මධුෂානාට කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ වෙළදාම් හා ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානධිපති 2024 01 31 දින පැමිණ හමුවන්නැයි ලිඛිතව දැනුම් දී තිබේ.
පාසල් සංවර්ධන ආර්ථික නිලධාරීන්ගේ සංගමය තම සමාජිකයින් ගුරුවරු ලෙස බදවා ගන්නැයි ජාජබ ආණ්ඩුවට බල කර කොළඹ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට ආණ්ඩුව පොලිසිය දමා පහර දි විරෝධතාකරුවන් පලවාහැරීමට උත්සහා කළේය . එම උද්‌ඝෝෂණය මැදට හමුදා බුද්ධි නිලධාරීන් යොදාවා පොලිසියට පිහි වලින් ඇණ උද්ඝෝෂකයින් පිටපැටවීමට ආණ්ඩුව දැරු උත්සහය ඒ මෙහොතේම හෙළි විය. එසේ හෙළි නොවන්නට ආණ්ඩුව මහජන විරෝධතා වලදී මිට වඩා භායනක උපාය උපක්‍රම අනුගමනය කරන්නට ඉඩ තිබුණි.
ජාජබ ආණ්ඩුවේ ගාමක බලවේගය වුයේ කම්කරු- පිඩිත මහජනයා නොව විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන්ය. ආණ්ඩුව මේ වන විටත් යුනිෆෝම් ලා ගත් නිලධාරීන්ට වඩා සිවිල් ඇදුමෙන් සැරසුණු ඔත්තුකරුවන් විශාල සංඛ්‍යාවක් මහජනයා අතර අතුරුවා ඇත. ජාජබ ආණ්ඩු කම්කරු -පිඩිත මහජනයාගේ කිසිදු සමාජ ආර්ථික ප්‍රශ්නයක් විසදීමට අපොහොසත්ව ඇතුවා පමනක් නොව ඔවුන්ට ඒ සදහා අදහසක් ද නැති බව කම්කරු -පීඩිත මහජනයා අවබෝධ කරගෙන ඇත.
ජාමුඅ මුදලේ කප්පාදු වැඩ පිළිවෙල ක්‍රියාවට දැමීමට යෑමේ දී මහජනයා නැගිටිතැයි බියෙන් ආණ්ඩු මිලිටරි ආඥඥාදායක පාලනයක් දෙස ගමන් කිරීමට නියමිතය. සහල් විකිණීමේදී සහ වී මිල දී ගැනිමේදී රජයේ පාලන මිල අනුගමනය නොකරන වී මෝල් හමුදා පාලනයට ගන්නා බව ජනාධිපතිවරයා සිරස නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවේදී පැවසීය.
1964 ඉල්ලීම් 21ව්‍යාපාරය පාවාදී සමසමාජ පක්ෂය සිරිමවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් 1965 පිහිට වු ධනපති ආණ්ඩුවට රිංගා ගැනීමත් සමග එම වර්ෂයේම ජනතා විමුක්ති පෙරමුණ බිහි වීමට අවශ්‍ය වෛෂික තත්වයන් නිර්මානය කෙරිණ. ජවිපෙ මාවෝවාද , කැස්ත්‍රෝවාද සහ ස්ටැලින්වාද කලතා ගත් සිංහල බෞද්ධ සුළු ධනේශ්වරය මත පදනම් වු ධනපති පන්තියේ අවතේවකරුවෙකු ලෙස හැදි වැඩී වර්ධනය වුණි. රතු පොරවාගත් ජවිපෙ මාක්ස් ලෙනින්වාදී වාග් පාඨ හරඹ කරමින් ලක්ෂයක පමන තරුණ තරුණියන් පිරිසත් 1971 සහ 1988 ධනපති ගහලයන්ට කොටුකර දුන්නේය. ජවිපෙ වර්තමානයේ ව්‍යාජ වාම සළුපිළි හැර පිය තමන්ගේ ධනපති ගැති ස්වභාවය මොණරෙකු පිල්විදහා පෙන්වන්නාසේ ජවිපෙ පෙන්වා ඇත.
ධනපති අර්බුදය හමුවේ නන්නත්තාර වු මධ්‍යම පාන්තික කොටස් රැලිකර ගත් ජවිපෙ ජජබය නමින් ආණ්ඩුවක් පිහිටුවා ගෙන ධනපති ක්‍රමයට යළි නගාසිටුමේ ප්‍රතිගාමී කටයුත්තක නිරතව සිටි. අවුරුදු 70 පමන කාලයක් වාම රැඩිකල් සටන් පාඨ තොරෝම්බල් කරමින් මෙරට කම්කරු -පීඩිත ජනයා නොමග යවමින් මාකස්වාදයට හතුරුව ක්‍රියා කර ඇත.
ධනපති ක්‍රමය උපතින්ම ජාත්‍යන්තර ක්‍රමයක් වන අතර ඒ ලංකාව තුළ පමනක් නොව ලෝක පරිමානව අර්බුදයට ගොස් තිබේ . එම අර්බුදය කොතරම් උසන්න වී ඇද්දැයි කීවොත් ලොකය නැවත බෙදා ගැනීමේ තුන්වන ලෝක යුද්ධයක පාමුලට ගමන් කොට ඇත. යුක්ක්‍රෙනය ආක්‍රමණය කිරිමට රුසියාව පොළඹවා , නේටෝ හමුදා රුසියාව ගිල ගැනීමත් ඊශ්‍රාලය ලවා පලස්තිනය පොලොවට සමතලා කර මැද පෙරදිග අත්කර ගැනීමේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදින්ගේ උපායමර්ගය විය.
ධනපති ක්‍රමය ලෝක පරිමානව විස්ථාපනය කර දමා සමාජවාදය ස්ථාපනය කිරිමෙන් මෙපිට කම්කරු -පිඩිත මහජනයා මුහුණ දෙන ප්‍රශ්න වලට හෝ පාරසරික ප්‍රශ්න වලට විසදුම් නැත.