පුනරුද යුගයක් ගොඩනැගීම සදහා ජනාධිපතිවරයා 77 වන නිදහස් දිනයේ ලංකීය ජනතාවට ආරාධනා කරයි
අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබද වු හද දරමින් බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රවර්තනය කරමින් උතුරු , නැගෙනහිර ,බටහිර ,දකුණ සියලු ජනතාව එක්ව ගොනැගු මහජනතාවගේ ආණ්ඩුවක් සමග අප මේ වන විට අලුත් මගකට පිවිස ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානයක පවසයි.
පසුගිය සියවසේ අපට අහිමි වු සහ අපට මගහැරුණු පොහොසත් රටක් – ලස්සන ජිවිතයක් යළි ගොඩ ගොඩනැගිමේ අභියෝගය සමග අපි සැමදෙනාම සාමුහිකව පොරබදමින් සිටි බවත් පැවති දුෂිත දේශපාලන තන්ත්රයේ දහසක් අවලාද හා බාධා කිරිම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනගන ජනතා රජය ක්රමාණුකුල නමුත් ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව 77 වන ජාතික නිදහස් උළෙල වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සදහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ .
අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථාවරයක් වෙත ඔසවා තැබීය යුතුය. රුහිරෙන් කදුළින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැප කිරිම් වල අපේක්ෂාව වුයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමුහිකවත් අප එකීය පද්ධතියක් ලෙස සමාජිය , පාරිසරික හා අචාර්යධාර්මික මං ඔස්සේ සංවර්ධිත නුතන ශ්‍රි ලංකීය ජාතියක් ගොඩනැගීය යුතුය.
නව රජය ලෙස එහිදි පසුගිය මාස හතර තුළ මුලික වශයෙන් සවිමත් ආර්ථීකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්තෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපානඥයා පිළිබද වු නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවිම් , ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානත්මතාවයෙන් ,ගෞවරවණීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම අපගේ මුඛ්‍ය පරමාර්ථය සාධනය කර ගැනීම සදහා වු ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවධානමට ලක් වු හා ලක් විය හැකි සුභසාධන යාන්ත්‍රණය සැකසීම , අපට මග හැරුණු නව්‍ය විද්‍යා තක්ෂණය දියුණුව අත්පත් කර ගැනීම සදහා ආර්ථික ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දුෂිත පාලකයන් සිටින රටක් ලෙස වු පුර්ව නිගමනය කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැදී විදේස් ප්‍රතිපත්තිය සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.
අපගේ පොරෝන්දු පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රි ලංකාව කැදවාගෙන යෑමට මේ වන විටත් සමත්ව සිටිමු . ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකුලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කර ගැනීම පිළිබද වු ඉතිහාසයේ වඩා නිර්මානශීලීව කාර්ය නොසැලෙන විශ්වාසයකින් යුතුව ඉදිරියට ගෙන යාමයි. ඒ සදහා සියලු ශ්‍රී ලංකීය ජනතාව වඩා විශවාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත් නිදහස පිිබද වු නුතන සුසමාදර්ශයක් ගොඩනැගීමේ කාර්යය හා එක්වන ලෙසත් පුනරුද යුගය සදහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකීය ජනතාවට ආරාධනා කර සිටි.