පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ගොඩනැගීම වචනයෙන් පමනක් නොව ක්‍රියාවෙන් ද පෙන්විය යුතුයි – අග්‍රමාත්‍යවරිය

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ගොඩනැගීම වචනයෙන් පමනක් නොව ක්‍රියාවෙන් ද පෙන්විය යුතුයි - අග්‍රමාත්‍යවරිය

“පොහොසත් රටක් ලස්සන ජිවිතයක්  ගොඩනැගීම” වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ අත්සනින් යුතුව 77 වන ජාතික නිදහස් උළෙල වෙනුවෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සදහන් වෙයි.

එම මාධ්‍ය නිවේදනයේ වැදුරටත් මෙසේ සදහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථීක නගාසිටුවීමට මුල්තැන දෙමින් සියලු දෙනාගේම අදහස් වලට සවන් දෙමින් නිවැරැදි තීරණ ගැනීමේ භාරදුර කාර්ය කළ යුතුව ඇත. සෑම දෙනාගේ අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙස ජිවත් විය හැකි රටක් ගොඩනගන බවට අප ඔබට පොරෝන්දු වෙමු .

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරිත්වය පමනක් නොව ගෞවරවාන්විතව යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජිවත්විමේ අයිතිය තහවුරු කර දීමයි. ඒසේම සැබෑ නිදහස තහවුරු කිරීමේ දි වාර්ගික , ආගමික ,කුල ,ගෝත්‍ර ,සුත්‍රි පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජිවත්විමේ පරිසරයක් තහවුරු කර දිය යතුව ඇත. ඒවිට සමාජ සාධාරණත්වය පිළිබිඹු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *