පුනරුදය පුකරුදය කර ගත් සමාජ මාධ්‍යය
![පුනරුදය පුකරුදය කර ගත් සමාජ මාධ්‍යය පුනරුදය පුකරුදය කර ගත් සමාජ මාධ්‍යය](https://www.lankaskynews.com/wp-content/uploads/2025/02/download-16.jpg)
චමිල් ජයනෙත්ති විසිනි
වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇතිතේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රම දායකත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී සමාජ මාධ්‍ය භාවිතාව ආණ්ඩුව පත්වීමට පෙර තිබූ ප්‍රසිද්ධ භාවිතාව දුර්වල වී ඇති නමුත් සුළු ̈ ප්‍රමාණයෙන් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. ජාජබ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබමින් දිනෙන දින වර්ධනය වෙමින් පවතී.
මුලින් අපි විමසා බලමු ජාජබට ආණ්ඩුවට හිතෛෂී විචාරයන් වල ස්වභාවය ගැන. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ජාජබ ආණ්ඩුවේ ස්ථාවරය රකින සටහන් හෝ විඩියෝ හෝ විවිධ පෝස්ට් යටින ඇති අදහස් දක්වන (comment) තීරුවල දැක ගත හැකිය . එහිදී ජාජබ ආණ්ඩුවේ ක්‍රියාවන් අනුමත කරන්නන් එම ප්‍රචාරක පුවරුවට සටහන් අතර ‘අනුරට බුදු සරණයි,’ ‘ආණ්ඩුවට බුදු සරණයි’ යන කොමෙන්ට්ද දැක ගත හැකිය. එවැනි වැකි දමන සිය ̈ දෙනාම මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින පිරිස බව පැහැදිලිය.
ජාජබ ආණ්ඩු ජයග්‍රහණයකින් පෞද්ගලික විමුක්තියක් උදාවන බව දැඩි විස්වාසයක් ඔවුන් අතර තිබී ඇති බව එම ප්‍රකාශ මගින් එත්තු යන්නේය. ඒ ජාජබ ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මාක්ස්වාදී අරුතෙන් සමාජ විමුක්තියක් නොව පෞද්ගලික විමුක්තියක් ලැබිය හැකියැයි යන විශ්වාසය මත පදනම් වීම නිසාවෙනි. ඔවුන් ජාජබ ආණ්ඩුව පත්වී දින 100ත් පසුවන විට කිසිම විමුක්තිකාමී ක්‍රියාවක් නොමැති විට සහ විමුක්තියක් නොපෙනන නිසා එම පෞද්ගලික විමුක්ති මානයෙන් විතැන්ව ආත්මීය විමුක්තියක් කෙරෙහි විස්වාසයක් ඇති කර ගනිමින් පවතින බව එම ප්‍රකාශ මගින් පෙනී යන කරුණකි. එවිට පෙනීයන්නේ ආර්ථිකමය හෝ දේශපාලනමය විමුක්තිය පෙනෙන තෙක් මානයේ සපල නොවන විට පෞද්ගලික විමුක්තිය වෙනුවට භක්තිවාදය මත පදනම්ව ආගමික විමුක්තියකට පල්ලම් බැසීම සිදුකර ගෙන ඇති බවය. දැන් ඔවුන් ආගමික ආත්මීය විමුක්තිය මුලික ප්‍රස්තූතය බවට පත් කරගෙන භක්තිවන්ත ප්‍රකාශ කොමෙන්ට් තීරුවල දමන්නේ ආත්මීය විමුක්තියකින්වත් ජාජබ ආණ්ඩුවට උට්ටානයක් ලැබිවියැයි සිතුවිල්ලෙන් විය හැකිය. දැනට ඉතිරි වී සිටින ජාජබ ආණ්ඩු හිතෛෂීන්ට අඹ සරණ පමණක් ලැබෙන බව ඔවුන්ගේ බුදු සරණයි ප්‍රකාශ තුළින් පැහැදිලි වෙයි.
අනෙක් පසින් ජාතික ජන බලවේග ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගෙන විවේචනය සමාජ මාධ්‍ය යාන්ත්‍රනය තුළ විශාල ප්‍රගතියක් ලබා ඇත. ඒවා තුළ ප්‍රචාරය වන කොමෙන්ට්වල ජනාධිපති අනුර හෝ අගමැති හරිනි හෝ මැති ඇමති හෝ විශාල විවේචනයකට, අපහාසකට හා හාස්‍යයකට ලක් වෙමින් සිටිති. එය පසුගිය දින 100 ඇතුළත දැවැන්ත ප්‍රමාණයකින් එය වර්ධනය වී තිබේ. ජාජබ ආණ්ඩුවේ යම් කෙනෙක් කුමණ හෝ ප්‍රකාශයක් කළොත් ඒවාට විරුද්ධව නිර්මාණය වන පෝස්ට් ප්‍රමාණය අති විශාලය. එම පෝසට් වල සත්‍යතාවයද නිර්මාණශීලී ලෙස ඉතා ඉහළ අගයක් සහිත බව දැක ගත හැකිය. ඒ වගේම ඒවා යටින් ඇති කොමෙන්ට් තීරුවේ ජාජබ ආණ්ඩුට විරුද්ධව පලවන කුණුහරුප ප්‍රමාණය ඉහළ අගයක්ගෙන ඇත. එය හරියට කුණුහරප කුණාටුවක් බවට පරිවත්තනය වී ඇත.
ජාජබ ආණ්ඩුවට විරුද්ධව පහත මාලයේ ජන විරෝධයේ එක් ප්‍රකාශනයක් ලෙස මෙම කුණුහරප කුණාටුව හැඳින් විය හැකිය. ඒ වගේම දිනෙන් දින එම කොමෙන්ට් ප්‍රමාණය ඉහළ යන අතර ඒවා නරඹණ ප්‍රමාණයද ඉහළ අගයක් දක්වාවර්ධන වෙමින් පවතී.
කුණුහරප සමාජයේ දැවැන්ත ලෙස ප්‍රකාශ වෙති. සාමාන්‍යයෙන් නිවෙස් තුළ සිට පුද්ගල විරෝධයන් දක්වා කුණුහරප පිට කිරීම පොඩි ළමයාගේ සිට මහල්ලා දක්වා වාචික අභිනයකි. නමුත් එය ලාංකීය සාහිත්‍යමය සංස්කෘතිය තුළ නොපැවතුන දෙයකි. සමාජ මාධ්‍යවල යම් යම් ආණ්ඩු පිරිහීමේ ලක්ෂණ පටන් ගත් කාලවල විවේචන කිරීම්, අපහාස කිරීම්, හාස්සයට ලක්කිරීම් දැක ගත හැකි වුවත් මෙවැනි ලක්ෂණයක් නොතිබුණි. නමුත් 2022 වන විට ගෝඨාභය රාජපක්ෂය විරුද්ධව යම් සුළු ̈ ප්‍රමාණයකින් කුණුහරප ප්‍රචාරක් දැක ගත හැකි විය. මෙවැනි දැවැන්ත ප්‍රමාණයක් නොතිබුණි.
2025 වන විට (ගෝඨාභට පන්නා දමා අවුරුදු 3ට පසු) ජනාධිපති අනුර දිසානාරකගේ සිට පාර්ලිමේන්තු 159ටම එල්ලවන කුණුහරප කුණාටුවෙන් නොතෙමුන කෙනෙක් නොමැති තරම්ය. එවිට සමාජ මාධ්‍ය භාවිතාව තූළ දැවැන්ත ජාජබ ආණ්ඩු විරෝධයක් පවතින බව දක්නට ලැබෙන සංකේතයකි. එහි පළවන එක් සටහනක් පමණක් සටහනක් පමණක් සටහන් කිරීමට වැදගත් වෙයි.
ජාජබ ආණ්ඩු බලය ලබා ගැනීමට ගෙන ආ වචනයකි ‘පුනරුදය’ යන පදය. දැන් එම වචනය විරෝධාකල්පීය ලෙස ‘පුකරුදය’ යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සැරි සරයි. මේ ආණ්ඩුව ගෙන එන එවැනි වචන අති දැවැන්ත වාචික ප්‍රකාශයන් තිත්ත කුණුහරප දක්වා පරිවර්තන වන්නේ ජාජබ ආණ්ඩු විරෝධයේ ප්‍රකාශනයක් ලෙසය. එය දිනෙන් දිනවර්ධනය වීමට පටන් ගෙන තිබේ. එහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ හිටපු ඇමති කෙනෙක් වන විමල් වීරවංශ ජාජබ ආණ්ඩුවහඳුන්වන්නේ ‘කයි පාලනය’ (කයිවාරු පාලනය) යනුවෙනි. ඔහුද ජාජබ ආණ්ඩුව විවේචනය කරන්නේ එම නාමකරණයද ප්‍රබල ලෙස භාවිතා කරමිණි. ඔහුද ජනතා විමුක්ති පෙරමුණෙ මාළු ටැංකියේ පුහුණු වූ යොධයෙක් වන හිටපු ප්‍රචාරක ලේකම්වරයාය. ඔහුද කයි පාලනයක් ගෙන යන්නට නරුම ධනේශ්වරයට වෙහෙසුන ඇමති කෙනෙකි. ඔහුගේ කයි පාලනයෙන් රටට කරපු දෙයක් නම් නොමැත. දැන් ඔහු අනුරගේ නරුම ධනේශ්වර දෘෂ්ටිමය පාලනය විරුද්ධව හඬක් නගන්නට පටන් ගෙන තිබෙන්නේ නැවත පරණ නරුමයන්ව බලයට ගෙන විත් තමාද එතැනට රිංගා ගැනීමටය. ඔහුගේ ‘කයි පාලනය’ යන වචන හරඹයද කුණුහරප භාෂාවට පෙරලී අවසන්ය.
අනෙක් පැත්තෙන් ජවිපෙ මා ̈ ටැංකියේ හැඳුනු වැඩුනු පෙරටුගාමීන්ද (පෙරටුගාමී සමාජවාදී පක්ෂය) සිටිති. ඔවුන්ද රෝහන විජේවීරගේ උවමනාව ඉටුකරන බලවේගය වශයෙන් පෙනී සිටිති. ඒරෝහන විජේවීර ගෙනා ‘ඉන්දිය ව්‍යාප්තවාදය’ නැවත නව වචන හරඹයකින් ‘ඉන්දීය විජිතකරණය’ යන නාමකරණයෙන් පැළ කිරීමට උත්සාහයක් ගනිමින් සිටිති. විජේවීර ඉන්දියන් ව්‍යාප්තවාදය යනුවෙන් සු ̈ ජාතිකයන්ට විරුද්ධව නරුම ජාතිවාදයක් සහ පැසිස්ට්වාදයක්ද සහිතව ස්ථාපිත කළේය (එම වචන හරඹයද පුනරුදය පුකරුදය බවට පත්වූ විලසින් සකස් කරගෙන ඇත). එම අදහස වෙන නාමකරණයක් යටතේ ගෙන එන්නේ ජාජබ ආණ්ඩුවෙන් ඉවත්වන සිංහල බෞද්ධ ජාතිකවාදය නැවත පෙරටුගාමීන් වටා පෙළ ගැස්මක් ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුව සහිතව විය හැකිය. එය සමාජ පීඩනය නරුමත්ව දිසාවට තල් ̈ කිරීමේ උත්සාහක්ද යන්න විමිසිලිමත් විය යුතුය. අනෙක් කරුණ වන්නේ මානව අයිතීන් මංකොල්ලය අතින් ඉතා තදින් පෙරටුගාමීන් ක්‍රියාත්මක වීමය. එ් මානවගේ විරෝධය දැක්වීමේ පොදු අයිතිය වූ ජන අරගලය පොරටුගාමීන්ගේ බූදලයක් ලෙස ලියා ගැනීමට දරන උත්සාහයයි. ජන අරගලය සටන්පාටයක් ලෙස ගැනීම වැදගත්ය. නමුත් සංවිධාන බෝඩ්ලෑලිකරණය මගින් සිදුවන්නේ ජන අරගලය මංකොල්ල කෑමකි. ජන අරගලය යනු සමස්ත මානවගේම විරෝධය දැක්වීමේ සමාජ අයිතියයි. එය සංවිධාන බෝඩ්ලෑල්ලකට සීමාකර කර ඇතිවන ජන අරගල පෙරටුගාමීන්ගේ බව එ්ත්තු ගැනීවීමට දැඟලීමක් ද මේ කරමින් ඉන්නේ. එවැනි විකෘතියක් දැනටමත් සිදු කර තිබේ. මානවයාට ඇතිවන ප්‍රශ්න සම්බන්ධයෙන් විරෝධය ගොඩනගා ගැනීම සාමූහික ප්‍රයත්නයට පලු̈දු කිරීම මෙම බෝඩ්ලෑලිකරණය හරහා එවිට සිදු වෙයි. සමස්ත මානවයාගේ අරගලය සු ̈ කණ්ඩායමකට පමණක් අයිති නැත. පංති තුළ සමස්ත අරගලයක් කිරීමට පෙරටුගාමීන්ට බලයක් තිබේද? නැත. සුළු ̈ කණ්ඩායමක් විසින් ආයුධ සන්නද්ධ අරගලය මගින් බල ගැනීම මගින් කරන ක්‍රියාවලියක් වැනි ආයුධ කැරුල්ලක් නොවන්නේය ජන අරගලය. එ් වගේම පෙරටුගාමීන් ජාජබ ආණ්ඩුව විවේචනය කරන්නේ නැවත ධනේශ්වර ප්‍රතිසංකරණ සීමාවක සිටිමින්ය. එ් අනුර දිසානායක බලයට පැමිණ ජනතාව ගොනාට ඇන්ද වූවා සේම එම හිඩැස පුරවා තමන්ටද බලයට ඒමේ විකෘති උත්සායක නිරත වීමට ඇති සූදානමක් සහිතව බව පෙනෙන්නට තිබේ. ඔවුන් සමාජ සාමූහිකත්වය පසෙක තබා අධිකාරිවාදී මතවාදයක් ප්‍රචාරය කරමින් සිටිති. එ් අධිකාරීත්වයට කැමති පිරිස් සු ̈ වශයෙන් ඔවුන් සමග එකතු වෙමින් සිටිති. ඔවුන්ද පෙරටුගාමීන්ව ‘පිරිසිදු වම’ ලෙස හඳුන්වති. අනෙක් පැත්තෙන් හිටපු ධනේශ්වර බහුබූතවාදීන් කරන විවේචන වැඩකට නොමැති වුවත් ඔවුන්ද නැවත ජාජබ ආණ්ඩුව පෙරලා බලය ලබා ගැනීමට වෙහෙසෙයි. එය ව්‍යර්ථ උත්සාහයක් වන්නේ ලෝකයේම ධනේශ්වර ක්‍රමය අති විශාල ලෙස අර්බුධයකට නතු වෙමින් පැවතීම පැවතීම නිසාය. ඒඇමරිකාවේ 2008/10 පසුව ගොඩනැගූ බබල් ආර්ථිකය 2025 තුළ දැවැන්ත වේගයෙන් කඩා වැටෙමින් පවතී. එ් වගේම ඇමරිකාවේ ණය ගෙන ඇති ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ටිර්ලියන 32ක දක්වා වර්ධනය වී තිබේ. නිවාස අහිමිවන (homeless) ජනතාව දිනෙන ් දින වැඩි වෙමින් පවතී. එවිට එය කැනඩාව සහ යුරෝපය පුරා ආර්ථික කඩාවැටීමේ ව්‍යාප්තියක් සහිත බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
ආර්ථික විශේෂඥයන් මේ ඇතිවන අර්බුදය හඳුන්වන නාමකරණය පූර්ව-විප්ලවාදී තත්වයක ( A pre-Revolution situation ) ධනේශ්වර යනුවෙනි. එ් නිසා මෙවැනි ධනේශ්වර ප්‍රතිසංස්කරන විසදුම් මගින් ඇතිවීමට යන පූර්ව-විප්ලවවාදී තත්වය සමනය කළ නොහැක. 1770 සිට 1820 විතර කාලපරිච්ඡේදයේ ඇතිවු වැඩවසම් ක්‍රම විරෝධය ධනේශ්වර විප්ලව මගින් පියවූ විලසින් නැවත ධනේශ්වර ක්‍රම විරෝධය ජන නැගිටීම් හරහා නව පරිවර්තනයකට යාමේ ගෝලීය සමාජ අවශ්‍යතාවයක් මතු වෙමින් තිබේ. එය එක් වරක් ලංකාවේ 2022දී සිදුවිය. එය නැවත සක්‍රීය වීමට පරිසරය සකස්වෙමින් තිබේ. එය බංලාදේශයේද සිදුවිය, නැවත සක්‍රිය වීමට පටන්ගෙන ඇත. මේ පැමිණෙමින් තිබෙන්නේ ධනේශ්වර ක්‍රමයෙන් නව සමාජ ව්‍යුහයකට පරිවර්තනයක් සකස් කිරීමේ කාල පරිච්ඡේදයකටයි. එහිදී ගෝලීය පරිමාණව ජන අරගලය ප්‍රමුඛත්වය ගැනීමට ලෝකවාසීන්ට සිදු වනු ඇත.
ලංකාවේදී ඇතිවී තිබෙන ධනේශ්වර විරෝධී ස්වභාවය නැවත ජන විඥානය තුළ විවිධ පැති හරහා විකාශනය වීමට පටන් ගෙන තිබේ. ඒ කුණුහප වර්ෂාව වගේම ජන අරගලය සු ̈ ප්‍රමාණයෙන් පටන් ගෙන තිබේ.
ජාජබ ආණ්ඩුව ගෙන යන ව්‍යාපෘතිවලට එන ජන විරෝධයද තවත් පැත්තකි. ජාජබ ආණ්ඩුවේ සමුපකාර ඡන්ද පරාජයට පත් වෙමින් තිබේ. ජාජබ ආණ්ඩුව පත්කල සභාපතිවරු ඉල්ලා අස්වීම පෙළට සිදුවෙමින් පවතී. එ් වගේම ආණ්ඩුව තව ඡන්ද දෙකක් (ප්‍රාදේශීය සභා සහ පලාත් සභා) තැබීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ජාජබ ආණ්ඩු විරෝධී ජන මතය වේගයෙන් විරෝධාකල්පයක් දක්වා වේගයෙන ් ව3⁄4ධනය වන අතර පසුගිය දින 100ට වැඩි කාලය තුළ ඇතිවු සිය ̈ සිදුවීම් වලින් පෙනී යන්නේ ජන විඥානයේ ආණ්ඩු විරෝධය දැවැන්ත ලෙස බුබු ̈ දමමින් ඉදිරියට පැමිණෙන බවය. එහිදී 2022 මා3⁄4තු 09 දිනය යනු ගෝල්ෆේස් අරගලය පටන් ගත් දිනයයි. එම දිනය සැමරුමක් පැවැත්වීමට අරගලයේ සිටි විවිධ කොටස් උස්සාහයක් ගනිමින් සිටිති. එය සාර්ථක කර ගැනීමට මැදිහත් වීම සිය ̈ විරෝධතාකරුවන්ගේ ජයග්‍රාහී උත්සාහයක් වන්නේය.