නීතිපති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කරයි ! ජනවරම ලැබුණේ නීතිපතිට ද අනුර කුමාර දිසානායකටද?

නීතිපති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කරයි ! ජනවරම ලැබුණේ නීතිපතිට ද අනුර කුමාර දිසානායකටද?

ඝාතකයන්ට දඩුවම් පැමිණිය යුතු බවත් එතැන දී ඔබ නගන ප්‍රශ්න අපි අවබෝධ කර සිටින අතර නීතිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයනයක් කරමින් සිටින බවත් ඒ පිළිබදව ආණ්ඩුවේ අදහස ඉදිරියේදි මහජනය හමුවේ තබන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සම්බන්ධයෙන් අපේ රජය ගැන ජනතාව බලා සිටින කාරනාවක් සම්බන්ධ ප්‍රශ්නයක් බව පැවසු අමාත්‍ය ජයතිස්ස ලසන්ත ආදාළ නීතිපතිගේ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය ඉදිරිපත් බවත් කීය.

වර්ෂ 2006 පස්සේ දී දකුණේ පමනක් නොව විශේෂයෙන් උතුරේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමත් , පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබදව නිසි විමර්ශනය කරලා ආදාළ චුදිතයන්ට දඩුවම් කිරිමට අපට ජනවරමක් ලැබි ඇතැයි කී අමාත්‍යවරයා ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදිත් අපට ලබා දුන් ජනවරම ගැන අපට හොද අවබෝධයක් ඇති බවත් පැවසීය.

අමාත්‍ය ජයතිස්ස එසේ පැවසුවේ ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මාධ්‍යවේදින් ඝාතනය වගේ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම වැනි සිද්ධීන් මේ ආණ්ඩුවට බලයට ගෙන එම සදහත් බලපෑවා. ලසන්ත ඝාතනයට ආදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරලා ඉන්න සැකකරුවෝ තිදෙනෙක් නීතිපතිගේ නියෝග මත මුදා හැරලා තියෙනවා. මේක බරපතළ තත්වයක් .මාධ්‍යවේදී ලසන්තව ඝාතනය කළේ මහ දවල් . අපි දන්නා ඇයි ඝාතනය කළේ කියලා .හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලසන්ත ඝාතන කළ අවධියේ ඔහු ආරක්ෂක ලේකම්. ගෝඨාය සිදු කළා යැයි කියන මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් . ලසන්තව ඝාතනය කළා යැයි චෝදනා එල්ල වුණේ හමුදාවට. ගල්කිස්ස පොලිසීය , අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය මේ ගැන පරික්ෂණ කළා .අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් පරික්ෂණ ඉවත් කිරිම ගැනත් බරපතළ සැකයක් තිබුණා. නියෝජ්‍ය පොලිස් අධිකාරී ශානි අබේසේකරලා සැකකරුවන්ව කොටු කර ගත්තා. නීතිපති නොවේ නීතිකති ලසන්තගේ ඝාතකයට ආදාළ සැකකරුවන් තුන් දෙනෙක්ව එම නඩුවෙන් ඉවත් කරලා තියේනවා. පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී ප්‍රශ්න කළ මහ බන්ධනාගාර සිද්ධිය වගේම , බලපිටිය සිද්ධීන් වලදීත් නීතිපති මැදිහත්වෙලා නඩු වසා දැම්මා. මේ නීතිපති පිළිබද ප්‍රශ්නයකටත් වඩා අපි ආණ්ඩුව ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා . ආණ්ඩුවේ අනුදැනුමතක් නැතුව මේවා වෙන්න පුළුවන්කමක් නැහැ. කවුද මේ මිනිස්සු ඝාතනය කළේ. ඔබලා බලයට පත් කළ ජනතාවගේ අභිලාෂයන් ද මේ ඉෂ්ට කරමින් ඉන්නේ. මහජන අභිලාෂයන්ට මොකද වෙන්නේ යනුවෙන් නැගු ප්‍රශනයට පිළිතුරු දෙමින්ය

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු අපේ ආණ්ඩුව මාධ්‍යවේද‍ින් ඝාතනය කිරීම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් අඩත්තෙට්ටම් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ වලට අපි උපරිම සහයෝගය ලබා දෙනවා. අපට තියෙන්නේ පරික්ෂණ කටයුතු වලට සහ නීතිමය කටයුතු වලට රජයක් හැටියට යටිතල පහසුකම් ලබාදීමයි. අධිකරණය මගින් තමයි අවසානයේ තින්දු තීරණ ලබා දෙන්නේ. අපි කිසිසෙත් විශ්වාස කරන්නේ නැහැ ,ඉවත දමන විධියට නඩු පැවරිය යුතුයි කියලා. ඝාතකයන්ට දඩුවම් පැමිණිය යුතුමයි. එතැන දී ඔබ ඇහුව්ව ප්‍රහ්නය අපි අවබෝධ කරගෙන ඉන්නවා. මේ නීතිපතිවරයා මේ තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයනය කරමින් ඉන්නවා. ඉදිරියේදී ඒ ගැන අපි ආ‍ණ්ඩුවක විධියට ප්‍රකාශයක් කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය සම්බන්ධයෙන් ජනතාව අපේ රජය ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. ඒ ප්‍රශ්නයක් අධ්‍ය්‍යනය කරලා අපේ අදහස් ඉදිරිපත් කරන්නනවා.

ජනාධිපතිවරයා මිට සති කිපයකට පෙර නීතිපති දෙපාර්මේන්තුවේ නිලධාරීන් කැදෙව්වා. ඊට පස්සේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ නීතිපති දෙපාර්මේන්තුවේ සමහර ලිපි ගොනු යට ගහගෙන ඉන්නවා කියලා . ලසන්ත ඇතුළු මරා දමපු සහ පැහැරගෙන ගොස් අතුරුදන් කළ මාධ්‍යවේදින් පසුගිය දින කළු ජනවරිය සැමරුවා. නීතිපතිවරයා මේ සැකකරුවන් තුන් දෙනා නිදහස් කරන්නැයි කියලා ලියුම ගහනවා. ආණ්ඩු මේ ලියුම තවම අධ්‍යයනය කරමින් ද ඉන්නේ. 2018 අප්‍රේල් මාසයේ 23 වනදා එවකට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට ඇවිදින් කිව්වා සාක්කි වසං කිරීීම සම්බන්ධයෙන් ප්‍රසන්න නානයක්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට විරුද්ධව ප්‍රමානවත් සාක්කි ඇවිල්ලා තියෙනවා අපට තවදුරටත් විමර්ශනය කරන්නේ මේ ගොල්ලෝ ලසන්ත ඝාතනයටත් සම්බන්ධ කියලා. එහෙම කියලා ඊට අවුරුදු 7කට 8 කට පස්සේ නීතිපති දෙපාර්මේන්තුව සැකකරුවන්ට නඩු පවරන්නේ නැහැ කියද්දී, කොහොමද එක වෙනස් වුණේ කියලා ඔබතුමාලා සොයා බැලුවේ නැද්ද? ජනාධිපතිවරයාම අවස්ථා ගණනාවකදී ලසන්ත වික්‍රමතුංග පිළිබදව කතා කරලා තියෙනවා. ශානී අබේසේකරලා සහ රවි සෙනෙවිරත්නලා යටතේ තමා මේ පරික්ෂණ සිදු වුණේ. ඔවුන් දැන් මේ ආණ්ඩුවේ නිලධාරීන් විධියට ඉන්නවා. නීතිපති දෙපාර්මේන්තුව ලසන්ත ඝාතනයට ආදාළව සාක්කි තියෙන පුද්ගලයින් නිදහස් කරලා තියෙනවා. ආණ්ඩුව නීතිපති සමග සාකච්ජා කළා ද? මේක දැන් රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙලා. මේ ගැන ජනාධිපතිවරයා සමග සාකච්ජා කළේ නැද්ද?

1997හෝ 98 නීතිපති සරත් එන් සිල්වා සම්බන්ධයෙන් බරපතළ චෝදනා රාවය පත්‍රයෙන් සහ ජනමාධ්‍යවේදීන් නගද්දී හිටපු ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර නීතිපතිවරයා මේ වැනි මාධ්‍ය හමුවකට කැදවාගෙන ඇවිල්ලා මේ නගන ප්‍රශ්න වලට උත්තර දෙන්නැයි නීතිපතිවරයාට පැවසුවා . මේ ආණ්ඩුවත් එහෙම කරනවාද? යනුවෙන් මාධ්‍යවේදී තරිදු ජයවර්ධන ප්‍රශ්න කිපයක් නගන ලදි.

නිතිපතිවරයාගේ පැත්තෙන් මේ ප්‍රශ්න යොමු කරන්න අවස්ථාවක ගතහැකි ද කියන එක. මේතැන නීතිපතිවරය කෙටි ලියුමක් ඉදිරිපත් කරලා තියෙන්නේ ලසන්ත ඝාතනය සම්බන්ධ නඩුවෙන් අහවල් අය ඉවත් කර ගන්නවා කියලා. මේතැන තියෙන ප්‍රධාන කාරණය තමා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාරගෙන් ගල්කිස්ස උසාවියේදී වගේම අපරාධ පරික්ෂන දෙපාර්මේන්තුවේදීත් කියවෙලා තියෙන්වා ලසන්ත ඝාතනයට ගෝඨාභය සම්බන්ධ යැයි කියන කාරණය . ලුහු බැදීම ,ඝාතනය කිරීම සහ යටගැසීම කියලා අදියර තුනක් තිබිලා තියෙනවා. යට ගැසිම සිදු වුණේ ප්‍රසන්න නානයක්කාර සහ ප්‍රේම් උදලාගමෙන් උඩ නිලධාරීන්. තිස්ස සිරි සුගතපාල අපට තේරුම් ගන්න පුළුවන් ඔහු ලසන්ත ඝාතනයේ විමර්ශන කරගෙන ආවා සුගතපාල අතේ තිබුණු ලිපි ගොනු සහ ලසන්තගේ නෝට් පොත නානායක්කාර බාර ගත්තේ. නානයක්කාර එවා අරගෙන යට ගැව්වා. හොද වෙලාවට සුගතපාල අතේ පිටපත් තිබුණ නිසා ඒ පිටපත් සමග තමා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව පරික්ෂණ ආරම්භ කළේ. අපට පැහැදිව පෙනේවා යට ගැසිමේ උවමනාවක් . මේවා අධිකරණය හමුවේ සාකච්ජා කළ කරුනු. කෙටි ලිපියකින් ලසන්ත ඝාතනයේ සැකකරුවන් එම නඩුවෙන් ඉවත් කරනවා කිව්වාහම අපිට නීතිපතිගේ යට ගැසීමේ අභිලාෂය තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කාරණය සමාජ මාධ්‍ය හරහා වගේ වෙනත් මාධ්‍ය මගින් ආණ්ඩුව පැත්තට හැරෙමින් පවතිනවා .මේ කතා කිරීමට අවස්ථාවක් හදා ගන්න පුළුවන්න කියන එක තමා මගේ ප්‍රශ්න? යනුවෙන් තරිදු උඩුගෙදර සහ තරිදු ජයවර්ධන නැගු ප්‍රශ්න වලට ඇමතිවරයා උත්තර දෙමින් මෙසේ පැවසීය.

මම මේ කතා කරමින් ඉන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ගැන අධිකරණ ක්‍රියාවලිය ගැනත් හොද අවබෝධයක් තියෙන මාදධ්‍යවේදී හිතවතුන් සමග . මම එක හොදට දන්නවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල තිබෙන උනන්දුවත් ඉතාමත් වටිනවා. ඔබ කියන කරුනු වලින්ම පෙනේනවා ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ ලසන්ත ඝාතනය යට ගසන්න. මේ ගැන පරික්ෂණ කරපු නිලධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ තනතුරු වලට පත් කළේ යට ගසන ලද ඝාතන ඉදිරියට අරගෙන විමර්ශන කළ යුතු නිසා. විමර්ශන වල යම් ප්‍රමාදයක් සිදුවෙනවා නම් සිදු වෙන්නේ ඇත්තටම එවායේ තිබෙන තාක්ෂණික ප්‍රශ්න නිසා. තාක්ෂණික ප්‍රශ්න මග හැර ගන්න මිස ආණ්ඩුවේ බලප‍ැමකින් නොවෙයි. හොදම උදාහරණය මම කලින් කිව්වා වගේ පෝද්දල ජයන්තට පහර දීම පිළිබද ප්‍රශ්නයේදිත් සාක්කි තිබුණා. සාක්කි විනාශ කරලා දැන් එවා මුල ඉදලා සොයාගෙන යන්න වෙලා. එකට යම් කාලයක් ගත වෙයි. අපේ අධිෂ්ඨානය වෙලා තියෙන්නේ මේ ඝාතකයන් ලබා දීය හැකි උපරිම දඩුවම් ලබා දිමේ තැනට යොමු කරන එක. ආණ්ඩුව පැත්තෙන් කරන්න පුළුවන් ඉහල දේවල් කරමින් ඉන්නේ. නීතිපතිවරයාගේ ක්‍රියාව ආරක්ෂා කරන්න නොවෙයි. ජනවරමක් තියෙන්වා . ආණ්ඩුව පිහිටලා ඉන්නේ ඒ මත, ජනවරම් ලැබෙන්න කලියෙන් හැම තැනම මේ ගැන හඩ නගපු අය අපි. ආණ්ඩුව පැත්තෙන් මේ ඝාතන වලින් කිසිවෙකුටවත් ගැලවෙන්න දෙන්න උවමනාවක් නැහැ. අද මම මෙතැන දි මාධ්‍යවේදීන් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් ඇතුළු සියලුම දෙනාගෙන් කියලා යන්නේ නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සදහා අපේ පැත්තෙන් අමාත්‍යංශ, දෙපාර්මේන්තු මෙහෙවලා ඒ පසුබිම සකස් කරන එක අපි අනිව්‍යයෙන් කරනවා. ඒ නිසා තමයි මේක අධ්‍ය්‍යනය කරන්න කාලයක් අපි ගන්නවා. රට සාධාරණයක් වෙන දේයක් අපි කරනවා. මේ ආණ්ඩුව කිසිසෙත් ජනවරම හැල්ලු කරන්න සුදානම් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *