ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති

ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති

මාධ්‍යවේදීන් ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් අත්තනෝමතිකව නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කර අද (06) පෙරවරුවේ කොළඹ අලුත් කඩේ නීතිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළ බවට සැකපිට අත්අඅඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ,උප පොලිස් පරික්ෂකවරයෙකු සහ යුද හමුදාවේ හිටපු සැරයන්වරයෙකුට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවෙන් ඉවත් කරනනැයි නීතිපතිවරයා විසින් දී ඇති ලිඛිත නියෝගය වහාම හකුළා ගන්නැයි ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට බල කරමින් එම උද්ඝෝෂණය පැවැත්විය.

මෙම විරෝධතා උද්ඝෝෂණය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කැදවා තිබු අතර එම උද්ඝෝෂණය සදහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් සංගමය ,මාධ්‍ය සේවක සමිති සම්මේලනය ,වෘත්තීය සමිති ,නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වල නියෝජිතින් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

නීතිපති විතර ද වගකිව යුත්තේ, ජනාධිපති වගකිව යුතු නැද්ද? නීතිපති වහාම ගෙදර යවනු ! යුක්තිය සමග සෙල්ලම් කරන නීතිපති ! ලසන්තට යුක්තිය ඉටු කරනු! මහර බන්ධනාගාර රැදවියන්ට , ඉන්දික ප්‍රභාත්ට අත්වුණු ඉරනම ලසන්තටත්! නීතිපති විතර ද වගකිව යුත්තේ ජනාධිපති බාබාද? යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ගෝකයෝ විරෝධතාවයේ නිරත වුහ.

විරෝධතාවයේ අවසානයේ උද්ඝෝෂකයින් නීතිපති කාර්යාලය හරස් කරමින්, නීතිපති හමු වී ලියුමක් භාරදීමට නියෝජිතයින් පිරිසකට අවස්ථාව ඉල්ලු අවස්ථාවේ පොලිසිය ඊට බාධා කිරීම උණුසුම් තත්වයක් නිර්මානය විය. පසුව නියෝජිතයන් පිරිසක් ගොස් නීතිපතිවරයා වෙනුවට නිලධාරියෙකු මුණ ගැසී ලියුම භාර ඇති අතර එහි දී ීතිපතිවරයා සමග සාකච්ජාවක් දෙන්නැයි ඉල්ලදී උසාවියට ගොස් ප්‍රශ්නය විසද ගන්නැයි චන්ඩි කතාවක් කියා ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරා වන ලාල් වික්‍රමතුංග එම විරෝධතාවයට සහභාගී වී සිටියේය.

ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති
ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති
ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති
ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති
ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *