අලුගෝසුවෙකු වීරයෙකු කිරීමේ ධනපති මාධ්‍ය මෙහෙයුම

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානියා ලෙස කටයතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා නීිතිඥ වරුණ ජයසුන්දරව එම ධුරයෙන් ඉවත් කර, නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.
පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පමනක් නොව ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙකු ස්ථාන මාරු කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානියා ලෙස කිලිනොච්චිය සහ මුලතිව් දිසාව භාරව කටයුතු කළ ඩි.පි.චන්දන සිල්වාව පෙබරවාරි 12 වනදා ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලදී. ඒ වෙනුවට මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එස්.ඩි. විරසේකර පත් කෙරිණ.
නැගෙනහිර භාරව කටයතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා නීතිඥ අජිත් රෝහණ වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති අතර වයඹ භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.
දකුණ භාරව කටයුත කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .කේ ජයලත් ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කර පත් ඇත.
ජයසුන්දර අවුරුදු හතරක පමන කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු ඇති අතර එම කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් කුලී ඝාතකයන් යැයි හංවඩු ගසා පවතින ධනපති නීතිය පවා මායිම් නොකර පුද්ගලයන් 15 පමන පිරිසක් අමානුෂික ලෙස ඝාතනය කිරීමට අනුබල දුන්නේය.
බල්ලෝ බළල්ලු නොමරන අන්දමින් ධනපති ක්‍රමය විසින් මංමුළා කර දමන ලද තරුණය මහා පරේ මරා දැමීම සහ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධබන්ධනයට ලක් කිරීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් නඩු 17 ක් අධිකරණයේ හමුවේ විභාග වෙමින් පවති.
ධනපති මාධ්‍ය නියෝජ්‍ය පොලිස්පතිගේ ජයසුන්දරගේ අලුගෝසු වැඩ වීරකම ලෙස හුවා දක්වමින් ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නොකමැත්ත මෙන් අසතුට පල කර තිබුණි.
ජනාධිපතිට බලපෑම් කිරීම
ජයසුන්දර සහ හමුදාවේ ඉහල නිලධාරීන් කිපදෙනෙකු ආරක්ෂක මණ්ඩලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මුහුණ ගැසී සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්විමට නම් පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව පනවා ඇති සියලුම මානව හිමිකම් නඩු 17 ඉවත් කර දෙන්නැයි ඔවුන් ජනාධිපතිවරයගෙන් ඉල්ලති.
ජයසුන්ද ජනාධිපතිවරයාගෙන් කළේ ඉල්ලීමක් නොව කේවල් කිරීමකි. විශේෂ කාර්ය බලකයේ මිනිමරුවන්ට එරෙහිව පනයා ඇති නඩු ඉවත් කර නොගහොත් අපරාධ මැඩලිමේ කටයුතු වල නියලෙන්නේ නැතැයි ඔවුන් ජනාධිපතිවරයාට තර්ජනය කලෝය.
එම ඉල්ලීම ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයගේ උපදෙස් පරිදි නීතිපතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබු නඩුව වසා දමන ලදි. ඊට සති කිපයකට පසුව මහර බන්ධනාරයේ රැවියන් සහ සිරකරුවන් 11 දෙනෙකු මරා දැමීම සම්බ්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුව ද වසා දැමීමට නීතිපතිවරයා කටයුතු කළේය.
ගලේ පැරූ බළලෙකු වු නීතිපති
ඉන් අනතුරු මැතකදි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා කොළඹ අපරාධ දෙපාර්මේන්තුවට ගොස් නැවත එමින් සිටියදී පැහැරගෙන ගොස් අඩම්තෙට්ටම් කළ ප්‍රේම් උදලාගමට සහ වික්‍රමතුංගගේ වාහනයේ තිබු දින පොත සහ අනෙකුත් ලියවිලි අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෙට්ටිආරච්චි දොන් තිස්ස සිරි සුගතපාලට සහ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානයක්කාරට චෝදනා ගොනු කිරීමට ප්‍රමානවත් සාක්කි නැතැයි නීතිපතිවරයා විසින් ඔවුන්ව නිදහස් කරන්නට ගොස් ඇන ගත්තේය.
ජනවාරි 06 වනදා නීතිපති කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව ලිපියක් බාර දීම සදහා එම කාර්යාලයට ගිය පිරිස පැහැදිලි උත්තරයක් ඉල්ලා සිටි අවස්ථාවේ උසාවි ගොස් බේරා ගන්නැයි එහි නිලධාරියෙකු චන්ඩි කතාවක් කියා තිබුණි.
එදිනම සවස ජනාධිපතිවරයා නීතිපතිට සහ අධිකරණ ඇමතිවරයා කැදවා සාකච්ජා කර තිබු අතර පසුදා නීතිපති කාර්යාලය මහජන විරෝධය ඇවිලෙතැයි බියෙන් කඩිමුඩියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එම මාධ්‍ය නිවේදනයේ අවසානයේ මෙසේ සදහන් කර ඇත.
“නිදහස් කිරීම , නව සාක්කි හෙළිදරව් විම මත අපරාධ ගොනු කිරීම සලකා බැලිමට බාධාවක් නොමැති බවයි”.
.මහර සහ බලපිටියේ මහේස්ත්‍රාත් අධිකරණ දෙකේ විභාග වෙමින් පැවති නඩු වසා දමන්නට නීතිපති හැකි වුයේ ප්‍රබල මහජන විරෝධයක් අවුලවා ගැනිමට අපොසත්විම නිසාය. ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය අවස්ථා කිපයකදි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයන් සංවිධානය කළ ද සමාජ ක්‍රියාකාරීන් එම ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීමත් මරණකරුවන ඉන්දික ප්‍රභාත්ගේ ඥාතීන් ජයසුන්දරලාට භයේ පසුබැසිමත් නිසා එම උත්සහය අසාර්ථක විය.
ඉන්දික ප්‍රභාත් පාතාල අවශ්‍යතාවය මත මරා දැමීම
කටුවන ගම් ආරච්චිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දිකව නො -213 වෙලේගෙදර බෙලිදෙනිය කෝට්ටේගොඩ නිවසේ සිටියදී 2022 ඔක්තෝම්බර 12 වනදා රාත්‍රියේ එම නිවස පොලිස් විශේෂ කර්ය බලකය මගින් වටලා ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණ. පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු ඉන්දික ප්‍රභාත්ගේ දැත් පිටුපසට කර මාංචු දමා අමානුෂික ලෙස පහර දී ඇත. ඔහුට පහර දුන් සෙබලෙකුගේ දුරකතනයට ආ ඇමතුමක් ඉන්දික ප්‍රභාත්ගේ කන මත තබා අහන්නට සලස්වා ඇත. එහිදි ඔහු මුහුණේ ඉරියව් බරපතළ ලෙස වෙනස් වු බව ප්‍රභාත්ගේ බිරිද වන පියුමි වත්සලා අප සමග පැවසුවාය.
ඉන්දික ප්‍රභාත්ව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔය ප්‍රියන්තගේ කොන්ත්‍රාත් එකාක් මත බව වාර්තාවේ. විශේෂ කාර්ය බලකාය මගින් ඔහුව ඝාතනය කරන්නට දින කිපයකට පෙර වැලිඔය ප්‍රියන්ත දුරකතනයෙන් ඉන්දික ප්‍රභාත්ව මරා දමන බවට තර්ජනය කළ බව ඔහුගේ බිරිද අප සමග කීවාය. මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව උසාවියේ පවරා ඇති නඩුවේ ඉන්දික ප්‍රභාත් සහ වැලිඔය ප්‍රියන්ත විත්තිකරුවෝ වෙති.
ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ අහුන්ගල්ලේ RAW සංචාරක හෝටලය ඉදිරිපිට 20022 ඔක්තෝම්බර් 12 වනදා සිදු වු වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය. එදින රාත්‍රීයේ ඔහුව අත්අඩංගුව ගෙන ආයුධ පෙන්වන්නැයි අහුංගල්ලට රැගෙන ගොස් දනිස් අතපය සහ අත් වල ඇගිලි එස් ලොන් බටයක දමා ඇගිලි විරුද්ධ පැත්තට නමා කඩා වධහිංසා පමුනුවා නළලට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගත් 2022 ඔක්තෝම්බර 12 වන දින රාත්‍රියේ නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර ද කෝට්ටේගෙඩ තම නිවසට පැමිණ සිටි බව වත්සලා අධිකරණයේ හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.
ඉන්දික ප්‍රභාත්ව ඝාතනය සම්බන්ධයෙන් ඒආර් 2049/22 නඩු අංකය යටතේ බලපිටිය මහේස්ත්‍රත් අධිකරණයේ හමුවේ පොලිසිය මගින් නඩුවක් ගොනු කෙරිණ.
විශේෂ කාර්ය බලකායේ සෙබළුන් මරණකරුට වෙඩි තබා ඇත්තේ ඔහු පෙවන්නට ගිය තුවක්කුවක් රැගෙන විශේෂ බලකා සෙබළුන්ට වෙඩි තැබීමට උත්සහ කළ අවස්ථාවේ ආත්මාරක්ෂාව සදහා බව පවසති.
ඇගිලි කඩා දමා දනිස් වලට පොලු වලින් ගසා කඩා දමා ,අත් පිටුපසට කර මාංචු දමා තිබියදී පොලිසියට වෙඩි තබන්නට උත්සහ කළා යැයි කියන සිනමා පටයකදි පමනක් දැකිය හැකි අභව්‍ය ජවනිකාවකි.
බලපිටිය මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරිනියගේ සහ අනෙකුත් සාක්කි විමසා බලා මරණකරුගේ මරණය ආත්මාරක්ෂාව සදහා තැබු වෙඩි තැබිමකින් සිදු වු මරණයක් නොව,චේතාන්විතව සිදු කළ මරණයක් යැයි තීන්දු කළේය. ඒ අනුව පැ.සා දෙක වන පොලිස් පරික්ෂක ලක්ෂ්මන් අමරතුංග දොන් කොළඹගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කළේය.
උණ්ඩය මරණකරුගේ නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය පසාරු කරගෙන ගොස් උදර කුහරය තුළ තිබි සොයාගෙන ඇති බවයි.තවද වෛද්‍ය වාර්තාවට අනුව පිටවිමේ තුවාලයක් ද නැති බව තහවුරු වී තිබේ. ස්ව්‍යං ක‍්‍රීය පිස්තෝලය නළලට සමීප කර වෙඩි තැබිම නිසා නළලේ හම සහ කෙස් පිච්චි ඇති බව ද වෛද්‍යවරිය වාර්තාවේ සදහන් වේ.
පොලිසිය අධිකරණය කෙළසීම
ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා වන පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි.ජානක නියෝග කළේ 2024 ජුලි 09 වෙනිදාය. මාස පහක කාලයක් මහේස්ත්‍රාත්වරයා ඇන්දු පොලිසිය නීතිපති නඩුව වසා දමන්නැයි නියෝග කරන තෙක් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය කොළඹගේව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නට කටයුතු කළේ නැත. අධිකරණ ගරුත්වය පොලිසිය කෙළසද්දී මහේස්ත්‍රවරයා නිහඩ විය. නීතිපතිවරයාගේ නියෝගයට අභියෝග කරද්දි ,මහේස්ත්‍රාත්වරයාට මහජනයාගෙන් සහයෝගය නොලැබි යෑම නිසා , ඔහුට නීතිපති නියෝගයට ස්වයංක්‍රීයව යටත් විණ. ජයසුන්දර අධිකරණ නියෝගයට අභියෝග කරමින් කොළඹගේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම වැළැක් විය. ලංකා ස්කයි නිවිස් අපි ඇල්පිටිය කොළඹගේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් ඇල්පිටිය උසාවියට අපහාස කළා යැයි අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලුවෙමු. ධනපති නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නැතැයි පෙන්නු තවත් එක් සිද්ධියකි.
STF මිලේච්ජත්වය දොරේ යෑම
දිලන්ත ලක්මාල් රාජපක්ෂ 20024 මාර්තු 09 වනදා පාදුක්ක මිරියගල්ලෙ නිවසේ නිදාගෙන සිටියදී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහුව පැහැරගෙන යන ලද්දේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු විසින් බව රජපක්ෂගේ පියා අප සමග පැවසීය.ඔහු ගුවන් භටයෙකු වන අතර ගුවන් හමුදා රගර් සංචිතයට අනුයුක්තව සේවය කළ අයෙකි. තිස්තුන හැවිරිදි ඔහු අවිවාකයෙකි .

දිලන්ත ලක්මාල් රාජපක්ෂ (ගුවන් භටයා)
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් රාජපක්ෂව මරා දමන්නේ මොරගහහේන මාලෝසඇ හන්දිය හරහා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි රූපසිංහ ආරච්චිගේ නයනානන්ද සහ වසන්ත පෙරේරා යන ඝාතනය කිරීමට අනුබල දුන්නා යන සැකය මතය.
මෙම දිත්ව ඝාතනය සිදුකර ඇත්තේ පාතාල නායකයෙකු යැයි පොලිසිය හදුන්වන හදයා විසින් බවත් රාජපක්ෂ ඔහුගේ සමීපතමයෙකු බව පොලිසිය පවසයි.
රාජපක්ෂගේ බාප්පා එස්.ටී.එෆ් .10 වන කණ්ඩායමේ හිටපු ප්‍රබලයෙකු වන අතර රාජපක්ෂගේ බාල මල්ලි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කරයි.
වසන්තව සහ නයනානන්දව ඝාතනය කරන්නේ මාර්තු 07 වන වන අතර මාර්තු 08 වනදා පාන්දර එම දිත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැකකර රාජපක්ෂව පැහැරගෙන ගොස් ඝාතනය කෙරිණ. එම සිද්ධියට ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන සැකහැර දැන ගැනිමෙන් පසු රාජක්ෂ දඩුවම් කිරීමේ බලය තියෙන්නේ අධිකරණයට මිසක් ජයසුන්දරලාට නොවෙයි.
මොරගහහේන ලාෆ් ගෑස් එක ඉදිරිපිට මාර්තු 23 වනදා රතුපාට ත්‍රිරෝද රථයක් ඇතුලේ පුද්ගලයින් දෙදනෙකු වෙඩි තබා මරා දමා තිබුණි. මෙසේ මරා දමන ලද්දේ සුරාජ් ප්‍රබෝධ ආදි හෙට්ටි හෙවත් මත්තේගොඩ සුද්දා සහ ඉමේෂ් මධුෂාන් දර්ශන හෙවත් අප්ප යන අයවලුන් වෙති. මොහුන් මර දැමුවේ ඇයි ද යන්න පොලිසිය කිසිවක් ප්‍රකාශ කර නැත. ඔවුන් ත්‍රිරෝද රථයේ ගමන් කරද්දී පැහැරගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කර පසු වෙඩි තබා මොරගහහෙන ලාෆ් ගෑස් එක ඉදිරිපිටට ගෙනැවිත් දමා ඇත. ඔවුන්ගේ ඇගේ මඩ තැවරි ඇති අතර ඝාතනය කර ඇත්තේ ඔලුවට වෙඩි තබාය.

සුරාජ් ප්‍ර ආබා්ධ ආදිහෙට්ටි හෙවත් මත්තේගොඩ සුද්දා

ඉමේෂ් මධුෂාන් හෙවත් අප්පා
පාතාල රජවරු සහ ජයසුන්දර අතර ඇයි හොදැයි කම් හෙළි වෙයි.
අහුන්ගල්ල කරවල වාඩියේ රංග ත්‍රිරෝද රථයකින් ගමන් කරද්දී එම ප්‍රදේශයේ මාර්ග බාධකයක ඔහුගේ ත්‍රිරෝද රථය පරික්ෂා කරද්දි එම ත්‍රිරෝද රථයේ මන්නයක් තිබි හසු වී ඇත. එම පරික්ෂාව කළ විශේෂ කාර්ය බලකායේ මධුසංඛ සහ කරවල වාඩියේ රංග අතර දුරදිග යන කතා බාහක් සිදු වී ඇත. කරවල වාඩියේ රංග යනු පාතාල නායකයෙකු යැයි පොලිසිය හදුන්වන කොස්ගොඩ සුජිගේ සමීපතම ගෝලයා වන රංගගේ පවුලගේ ඥාතියෙකි.
කොස්ගොඩ සුජි මේ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර දුරකතනයේ කතා කර පැවසු පසු ඔහු කරවල වාඩියේ රංගගේ ගෙදරට ගොස් මධුසංඛට වැද සමාව ගන්නැයි නියෝග කොට ඇත.
මෙම සිද්ධිය සිදු වී ඇත්තේ 2022 නොවැම්බර් 22 වෙනිදාය.
පසුව මධුසංඛ, නියෝජ්‍ය පොලිස්පති විදුර දිසානායක , සහකාර පොලිස් අධිකාරී කුමාර සහ අහුන්ගල්ලෙ ස්ථානාධිපති සමග කරවල වාඩියේ රංගගේ ගෙදරය ගොස් ඇති බවත් එහිදී ජයසුන්දර ,රංග සහ කොස්ගොඩ සුජි වස්ඇප් මර්ගයෙන් සම්බන්ධ වී සිටි අතර කරවල වාඩියේ රංගට වැද සමාව ගන්නැයි මධුසංකට ජයසුන්දර අණ කර ඇත.
ඩි.අයි.ජි. දිසානයක සහ එ.එස්.පි. කුමාර නිහඩ සිට ඇති අතර අහුන්ගල්ලෙ පොලිසියේ සථානාධිපති පමනක් පොලිස් නිලධාරීන් ලවා පාතාලයන්ට වන්දන් එපා යැයි විරෝධය පල කර අති බව සාලිය ටී යුටියුබ් නාලිකාවක් පවසයි.
ධනපති සමාජය මොන තරම් කුණු වී යත් මානව සමාජය විනාශ මුඛ්‍යට ඇද දමා ඇත. සුරාකෑම ,කොල්ල කෑම ,හොරකම , මුදල් වලට මිනී මරණ සහ පාදඩකම් එහි සංස්කෘතිය වේ. නීතිය යනු එම සංස්කෘතියේ ආරක්ෂකයාය. ධනපති පන්තිය මිනිහෙකු මිනිහෙකු අතර නග්න ස්වාර්ථකාමය හැර අනුකම්පා විරහිත මුදල් ගෙවීම හැර වෙන කිසිදු සම්බන්ධතවයක් ඉතිරි කර නැත. සංඛ්‍යා විරහිත උදුරා ගත නොහැකි, වර සහිත නිදහස් අයිතීය වෙනුවට හෘද සාක්කිය කොහේමත් එකග නොවන එකම නිදහස වන වෙළදාම් කිරීමේ නිදහස පිහිටුවාලීය යැයි මාක්ස් කොම්යුනිස් පක්ෂ ප්‍රකාශනයේ සදහන් කළේය.
හෘද සාක්කියට කොහේතම එකග නොවන වෙළදාම් කිරීමේ නිදහස් පමනක් ඇති සමාජ ක්‍රමයක හොරකම ,මැරකම් ,සුරාකෑම සහ පාදඩකම් එහි අනිවාර්ය ප්‍රතිපලයක් වේ. ප්‍රාග්ධන අධිපත්‍ය පෙරළා දැමිමෙන් මෙපිට හොරකම, මැරකම, සුරාකෑම හෝ කුලී ඝාතකයන් බිහි වීම වෛෂික තත්වයන් අහෝසි කළ නොහැක. ධනපති හමුදා යොදාව එම ක්‍රියා නතර කරන්නට යෑමෙන් නව ප්‍රතිවිරෝධතා නිර්මානය වී හැර ධනපති සමාජයට වෙනත් විසදුමක් නැත.