නාදුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියයි

නාදුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියයි

නාදුනන තුවක්කුකරුවන් දෙදනෙකු යතුරු පැදියකින් පැමිණ කොටහේන බෙනඩික් මාවතේ ඊයේ (10) සවස 7 ට පමන සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

කාලයක සිට කල්ලි දෙකාක් අතර පැවති අරවුලක් දුරදිග යාමේ ප්‍රතිපලයක් බව පොලිසිය කීය.

වෙඩි තැබිමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ , සංවි‍ධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි පොලිසිය හදුන්වන ජම්පාටා විදීයේ පදිංචි පලනි ශිරාන් ක්ලෝරියන් ගේ සමීපතමයෙකු වන කැනිස්ටන් නේටෝ නැමැත්තාය. ඔහුටද මත්ද්‍රව්‍ය චෝදනා ඒල්ල වු අයෙකි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් ටී,56 යේ ස්ව්‍යං ක්‍රීය ගිනි අවියක් භාවිතා කර එම වෙබ් තැබිම සිදු කර ඇතැයි මුලික විමර්ශන වලින් අනාවරණය වු බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *