සැකයක් තියා ගන්න එපා මාධ්‍යවේදීන් ඝාතන වලට සම්බන්ධ සියලුම දෙනා තරාතිරමක් නොබලා නීතිය හමුවට පමුනුවනවා – ජනමාධ්‍ය ඇමති

සැකයක් තියා ගන්න එපා මාධ්‍යවේදීන් ඝාතන වලට සම්බන්ධ සියලුම දෙනා තරාතිරමක් නොබලා නීතිය හමුවට පමුනුවනවා - ජනමාධ්‍ය ඇමති

ඔබ බලාපොරෝත්තු වන යුක්තිය ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් සදහා ඉෂ්ට කර බවත් ඒ ගැන සැකකයක් ඇති කර නොගන්නා ලෙසත් ඝාතන වලට ආදාළ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එම සදහා කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රජයේ ස්ථාවරය බවත් ඝාතන වලට ආදාළ චුදිතයන් ආරක්ෂා කිරිමට රජයට කිසිම උවමනාවක් නැති බවත් අධිකරණ ඇමතිවරයාට කවුරු හෝ චෝදනා කරන්නේ නම් අපි එක සලකන්නේ රජයට කරන චෝදනාවක් විධියට බව පැවසු අමාත්‍යවරයා රජයයේ ඉන්නේ ඝාතන වලට සම්බන්ධ සියලුම ඝාතකයින් හෙළිදරව් කරන පරික්ෂණ ශක්තිමත් කළ යුතු කියන ස්ථාවරයේ බවත් කීය‍.

පරික්ෂණ වලින් හෙළිදරව් වන විධියට චුදිතයන්නඩු පැවරීම සිදු වෙන බවත් ඝාතකයන්ට ආදාළව නිවැරැදිව නඩු පැවරිය යුතු කියන ස්ථාවරයේ රජය සිටින බව අමාත්‍ය පැවසීය.

ඔබ අහපු ප්‍රශ්නයට රජයේ ස්ථාවරය, විශේෂයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ආදාළ පරික්ෂණ තවම අවසන් වී නැති බවත් පරික්ෂණ දියත් වෙමින් පවතින අතර ඒ පරික්ෂණ වල හෙළිදරව් වන ආකාරයට විමර්ශන සිදු වන බවත් නීතිපතිවරයා පුවත්පත් නිවේදනයක් නිකුත් කළේ ඒ අනුව බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍ය ජයතිස්ස එසේ අවධාරණය කළේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම දීම සදහා අද (11) පස්වරුවේ පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මාධ්‍යවේදී ලසන්ත ඝාතනයට නඩුවට ආදාළ විත්තිකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා පියවර ගැනීම නිසා එම සිද්ධිය රට තුළ අන්දොලාත්මක සිදු විමක් වුණා. නීතිපති මෙන් අධිකරණ ඇමති මහජන අභිලාෂ වලට එරෙහිව තම පන්තිය ආරක්ෂා කිරීම සදහා කටයුතු කරනවා. අධිකරණ ඇමති නීතිපති දෙපාර්මේන්තුවේ හිටපු රජයේ නීතිඥයෙක්. “පොහොසත් රටක් ලසන්න ජිවිතයක් ” ජාජබ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අභිචෝදක කාර්යාලයක් පිහිටු වන බවට පොරොන්දුවක් දිලා තියෙනවා . නමුත් නීතිපති සිද්ධිය සමග අ‍ධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය එම කාර්යාලය පිහිටුවන්න කටයුතු කරමින් සිටිනවා. අභිචෝදක කාර්යාල පිහිටුවිමේ අරමුණ කුමක්ද? ඝාතනය කරන මාධ්‍යවේදීන්ට සහ රජයේ හමුදා උතුරේ මරා දමන ලද ජනයාට මේ මගින් යුක්තියක් ඉෂ්ට වේද? අභිචෝදක කාරයාලයේ කාර්ය භාර්ය කුමක්දැයි නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින්ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

ස්වාධීන අභිචෝදක කාර්යාල පිළිබද පිහිටුවිමේ කාරණාව පැහැදිලිවම ජාජබ ප්‍රතිලත්ති පුකාශනයේ සදහන් වෙනවා. ඒ අනුව අභිචෝදක කාර්යාල පිහිටුවිම අධිකරණ හා එකාබද්ධ අමාත්‍යංශය කටයුතු කරමින ඉන්නවා. එහි සමාජිකයින් හැටියට නීතිපති හෝ නිතිපති නම් කරන දෙදනෙක්. අධිකර‍ණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය ගැන ප්‍රමානික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ සභාපති නම් කරන නියෝජිතයෙක්. සංකල්ප කොටුම්පත සකස් කිරීමෙන් අනතුරුව මහජනයාගේ සිවිල් සංවිධාන වල අදහස් ලබා ගැනීමට සැලසුම් කරලා තියෙනවා.

මේ සිදු විම සම්බන්ධයෙන් න‍ීතිපතිවරයා මා‍ධ්‍ය නිවේදනයක් නිකුත් කළා.මට කියන්න තියෙන්නේ විමර්ශන කරන නිලධාරීන් කවදාද විමර්ශන කරනනේ කියලා.මිට වඩා මෙම ඝාතන වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන කරනවා.ඒ අයට ආදාළ වන ආකාරයට නඩු පවරනවා.

ඔබ කිව්වා පරික්ෂණ අවසන් නැහැ කියලා එහෙනම් කොහොමද නීතිපති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කළේ. සමාන්‍ය ක්‍රමය පොලිසිි විමර්ශන කරලා විමර්ශන අවසන් වුණාට පස්සේ තමයි සැකකරුවන් නිදහස් කරන්නේ. ඔබ කියන විධියට විමර්ශන අවසන් නැති නම් කොහොමද ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කළේ? ස්වාධීන අභිචෝදක කාර්යාල පිහිටුවන බව ජාජබ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා .ප්‍රශ්නය තියෙන්නේ ආන්ඩුව පිහිටු වන්න යන අභිචෝදක කාර්යාල සංයුතියේ නීතිපති හෝ නීතිපති විසින් පත් කරන නියෝජිතයෝ දෙන්නෙක් ඉන්නවා . අභිචෝදක කාරයාලය පිහිටු වන්නේ න‍ීතිපති සමග පැනනැගිලා තියෙන ප්‍රශ්නයට විසදුමක් විදියට නම් පලමුවෙන් රස්සාව නැති වෙන්නේ නීතිපතිගේ . නීතිපති වැනි ප්‍රශ්න සහගත පුද්ගලයෙකුගෙන්බි කොහොමද චෝදක කාර්යාලයට සහයෝගය ලබා ගන්නේ යනු ප්‍රශ්න දෙකාක් ප්‍රංශ පුවත්පත් සේවයේ මාධ්‍යවේදි අමල් ජයසිංහ අමාත්‍යවරයාට යොමු කළ අතර ඊට පිළිතරු දෙමින් ඔහු මෙසේ පැවසීය

නිතිපති හෝ නීතිපති දෙපාර්මේනතුව ආහෝසි වෙන්නේ නැහැ. ස්වාධීන අභිචෝදක කාර්යාල පිහිටු වන්නේ නීතිපති කාර්යාලයට වඩා කාර්යක්ෂම ලෙස යුක්තිය පසිදලීම අරමුණින්.ජනතාවට උපරිම සේවයක් කරන්න තමා අභිචෝදක කාර්යාල පිහිටු වන්නේ. නීතිපතිවරයගේ ධුරය අහෝසි වෙන්නේ නැහැ. අභිචෝදක සංයුතියට නීතිපති හා නීතිපති දෙපාර්මේන්තුව නියෝජනය වෙනවා. මේ කාර්යාලයට පුළුවන් නීතිපති කාර්යාලයට එල්ල වෙලා තියෙන චෝදනා වලින් මිදිලා ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දෙන්න.

1980 සිට මේ දක්වා ජන මා‍ධ්‍යවේදී 125 පමනක් මරාදමලා තියෙන්වා. එම මාධ්‍යවේදීන් පවුල් ජිවත් වන්නේ කොහොමද කියලා රජය දන්නවාද? මෙතෙක් බලයේ සිටි කිසිම ආණ්ඩුවක් ඔවුන් ගැන අවධානයක් යොමු කරලා නැහැ. ජාජබ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ එම පවුල් වලට ආර්ථික වැඩපි‍ලිවෙලක් සකස් කර දෙන්නැයි මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ඒ වැනි වැඩ පිළිවෙලක් නැහැ .අදහස් හා යෝජනා ඇවිල්ලා තියෙනවා . ඉදිරියේදී ඒ වැනි වැඩ පිළිවෙක් හදනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *