පලස්තීනය ඇදා ගැනීම ගැන අපි දැනට ප්‍රකාශයක් කරලා නැහැ ,ඉදිරියේදී කරන්න බලාපොරෝත්තු වෙනවා -ජනමාධ්‍ය ඇමති

පලස්තීනය ඇදා ගැනීම ගැන අපි දැනට ප්‍රකාශයක් කරලා නැහැ ,ඉදිරියේදී කරන්න බලාපොරෝත්තු වෙනවා -ජනමාධ්‍ය ඇමති

පලස්තීන ජනතාවගේ සාධාරණ ජිවත්විමේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි දිගටම පෙනි සිටි බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය විධියට ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත් අවශ්‍ය වුනොත් ඉදිරියේදී රජයේ අදහස ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ අද (11) සවස පොල්හෙන්ගොඩ රාජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය ඇමරිකා එක්සත් ෆැෂිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ වෙසෙන සංක්‍රමණිකයන් සහ සමරිසි ප්‍රජාවට ඒරෙහිව යුද්ධයක් ආරම්භ කර ඇතුවා පමනක් නොව පලස්තීනය බලහත්කාරයෙන් ඇදා ගන්නා බවට ප්‍රකාශයක් කරලා තියේනවා. ජනතා විමුක්ති පෙරමුණ පිඑල්ඔ් සංවිධානය සමග කටයුතු කරලා තියේනවා. පලස්තීන සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති ලෙස අමාත්‍ය බිමල් රත්නායක කටයුතු කරනවා . අමරිකාව පලස්තීනය ඇදා ගැනීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය ගැන ඔබේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළොත්?යනුවෙන් නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින්ය.

කාගේ වුනත් මානව හිමිකම් කඩ විමක් වුනොත් රජය විධියට මැදහත් වෙනවා. වත්කම් ආදාළා වන්නේ නැහැ. මට රජයට විධියට දෙන්න පුළුවන් සහතිකය තමා මාධ්‍යවේදී ලසන්ත ඇතුළු ඝාතන වලට ආදාළ පරික්ෂණ රජය කඩිනමින් කරනවා . විමර්ශන කටයුතු වේගවත් කරනවා පමනක් නොව නව සක්කි මත නැවත නඩු ගොනු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යා නලින්ද ජයතිස්ස පවසයි.

ඔබම ලියු මාධ්‍ය වාර්තා අමල් ජයසිංහ නැගු ප්‍රශ්න දිහා බැලුවාහමත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කවුද? මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කවුුද? ඔවුන්ගේ උවමනාවන් කුමක්ද? මේ පරික්ෂණ කටයුතු ඉක්මන් කරන්න සහ ආදාළ චුදිතයන් අධිකරණය හමුවට කැදවන්නත් විමර්ශන නිලධාරින් ඇපකැප වී වැඩ කරන බවට රජය විධියට මම සහතිකයක් ඔබට දෙන බව අමාත්‍යවරයා කීය.

ඔහු එසේ පැවසුවේ රජයේ ප්‍රව‍ෘත්ති දෙපාර්මේන්තුවේ අද (11) සවස කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දිම සදහා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදිය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නය.

මේ ආණ්ඩුවට බලයට ගෙන ඒමේදී ගාමක බලය වුණේ විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන්. චෝදනාවක් තියේනවා ජාජබ ආණ්ඩු කියන්නේ රණවිරු ආණ්ඩුවක් කියලා. මේ ඝාතන වලව සැකකරුවන් වන්නේ හමුදාවේ හිටපු නිලධාරීන්. නීතිපති මෙන්ම ආණ්ඩුවත් රණමිනීමරුවන් ආරක්ෂා කරනවාද යන සැකය අපට තියේනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව මානව හිමිකම් කඩ කළා යැයි නඩු 17 ක් තියේනවා. පසුගියදා එම බලකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර හමුදවේ ඉහළ නිලධාරින් කිප දෙනෙකු සමග ජනාධිපතිවරයා හමුවෙලා එම බලකායට එරෙහිව පනවා ඇති නඩු ඉවත් කර දෙන්නැයි ඉල්ලිමක් කරලා තියේනවා. පසුව ජනාධිපතිවරයා නීතිපතිවරයාට ඒ ගැන සොයා බලා කටයුතු කරන්නැයි පවසා තියේනවා. නීතිපතිවරයා විශේෂ කාර්ය බලකායට එරෙහිව බලපිටිය උසාවියේ විභාග වෙමින් පවතින නඩු වසා දමන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් නියෝග කරනවා . මේ නඩුවට පෙනී සිටිනනේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ . ලසන්තගේ නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව විරෝධයක් පැනනැගුනේ ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙකු නිසා .බලපිටිය මහේසත්‍රාත් අධිකරනයේ විභාග වු නඩුව වසා දමන්නට නීතිපති හැකි වුයේ මරණකරු සමන්‍ය පුද්ගලයෙකු විම නිසා . ඉන්දික ප්‍රභාත්ගේ බිරිදට මුදල් තිබුණ නිසා තමයි නඩු ඇදගෙන යන්නේ. නීතිපති නඩුව පවත්වාගෙන යෑම අනවශ්‍ය කියලා වහද්දී රිට් එකාක් දා ගන්න ඉන්දිකගේ බිරිදට සල්ලි කිබුණ නිසා හොදයි. සමාන්‍ය කම්කරුවෙක්ට වුණා නම් බඩුම තමයි ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *