මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ අවම වැටුප 40.000 දක්වා වැඩි කරයි

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ අවම වැටුප 40.000 දක්වා වැඩි කරයි

රාජය සේවයේ අවම වැටුප රුපියල් 15,750 සිට රුපියල් 40,000 දක්වා වැඩි කරන බවත් වැටුප් වැඩි කිරිම අදියර වශයෙන් ලබා දෙන බවත් 2025 වර්ෂය සදහා වැටුප් වැඩි කිරීමට රජය රුපියල් බිලියන 110 ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.

පොෟද්ගලික අංශයේ වැටුප් අප්‍රේල් මාසයේ සිට වැඩි කරන බවත් එය රුපියල් විසිහත්දාස දක්වා වැඩි කරන බව කී ජනාධිපතිවරයා ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 30.000 දක්වා වැඩි කිරීමට සේවා යෝජකයන් එකග වී ඇති බවත් පැවසීය.

රාජය සේවයේ පුරප්පාඩු පිරවිම සදහා තිස්දාහසක් බදවා ගන්නා බවත් රජ්‍ය සේවයට දේශපාලන හිතවතුන් බදවා ගන්නේ නැතැයි කී ජනාධිපතිවරයා රැකියා විරහිත උපාධීධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගෙන් තිස්දාසක් රාජය සේවයට බදවා ගන්නා බව කීවේය.

වර්ෂ 2020 ජනවාරි පලමුදා සිට විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපට අදියර තුනකින් වැඩි කරන බබත් රුපියල් 250 ක වාර්ෂික වැටුප් වර්ධකය රුපිය්ල 450 දක්වා ඉහල දමන බවත් රාජ්‍ය පෞද්ගලික හවුකාරීත්වය සදහා නව නීති සම්ප්‍රාදනය කරන බව ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *