පොලිස් සහ හමුදා සමාජිකයින් පාතාලයට යෑමට ප්‍රධාන හේතුව දරිද්‍රතාවයයි – වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය

පොලිස් සහ හමුදා සමාජිකයින් පාතාලයට යෑමට ප්‍රධාන හේතුව දරිද්‍රතාවයයි - වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය

‍පොලිස් සහ හමුදා  සමාජිකයින් පාතාලයට සම්බන්ධ වීමට ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවය සහ ආදායම් අඩු විම බෙහෙවින් බලපෑ ඇති බව වැඩ බලන පොලිස්පති නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පවසයි.

පොලිසියේ සහ හමුදාවේ අය මේ සමාජයෙන් අරගෙන නිල ඇදුම් අන්දවා ගත් පිරිසක් බවත් ඔවුන්ව පොලිසියට බන්දවා ගැනීමේදී  පසුබිම් වාර්තා කැදවා පොලිසියට හෝ හමුදාවට බදවා ගත්තත් නැවත ඔවුන් සමාජය සමග ගැටෙද්දි විෂමාචාර වලට,මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ මතට ඇබ්බැහි වී ඇති බවත්  පොලිසිය තුළ මතට ඇබ්බැහි වු පොලිස් නිලධාරීන් 176 ක් හදුනාගෙන ඇති බවත් එම පිරිසෙන් මේ වන විට 40ක පමන පිරිසක් පොලිස් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

වැඩ බලන පොලිස්පතිවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (22) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයකට පිළිතරු ලබා දෙමින්ය.

මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නය

ඔබ පැහැදිලි කළා පාතාලය සමග දේශපානඥයන්ට තිබෙන සම්බන්ධතා ගැන. දේශපාලනඥයන් විසින් තමා පාතාලය නිර්මානය කළේ. විශේෂයෙන් 1977 පස්සේ. මේක සිඝ්‍රයෙන් වර්ධනය වුණා .හැබැයි ඒ වගේම පොලිසියටත් විශාල සම්බන්ධයක් පාතාලය සමග තියෙනවා. මිද්දෙනිය සිද්ධිය වගේම අලුත් කඩේ සිද්ධිටත් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ගනේමුල්ලෙ සංජිව ඝාතනය කරන සැකකරුත් යුධ හමුදාවේ හිටපු අයෙක් . පසුගිය කළේ සිදු ඝාතන සහ පහරදීම් වලට හමුවේ හිටපු ඉවත් වුණු අය සම්බන්ධයි. ඒවගේම පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානී වරුණ ජයසුන්දරටත් චෝදනා තියෙනවා. අලුත් නීති පනවලා හෝ ආයුද පෙන්වන්න කියලා අරගෙන ගිහිල්ලා මරදාලා හෝ මේ ප්‍රශ්නය විසදන්න බැරි බව ඔප්පු වෙලා තියෙනවා . මර්දනය කිරීමට අමතරව පාතාලය පැනනැගීම බලපෑ වෙනත් හේතු හදුනාගෙන තියෙනවා ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *