කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරාට ලක්ෂ 696 කුත් ඥානක්කාට ලක්ෂ 280 කුත් ගෙවලා – අමාත්‍ය නලින් ද ජයතිස්ස

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරාට ලක්ෂ 696 කුත් ඥානක්කාට ලක්ෂ 280 කුත් ගෙවලා - අමාත්‍ය නලින් ද ජයතිස්ස

ගාලුමුවදොර අරගලට 2022 මැයි 09 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැරයෝ පහර දීමත් සමග කුපිත වු ජනයා ඊට සම්බන්ධ වු සහ ආණ්ඩුවට සම්බන්ධ මැතිඇමතිවරුන් ,පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සහ හිතවතුන්ගේ නිවාස හා දේපල ගිනි තබා විනාශ කිරිම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගෙවා ඇති වන්දි මුදල රුපියල් මිලියන 2346 ක් බව නලින්ද ජයතිස්ස ඊයේ (27) පාර්ලිමේනතුවේදී හෙළි කළේය.

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරාට රුපියල් ලක්ෂ 696 කුත් අනුරාධපුරයේ ඥානක්කා නැමති කාන්තාවට රුපියල් ලක්ෂ 280 කුත් එවකට පැවති ආන්ඩුව මගින් ගෙවා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරාට ලක්ෂ 696 කුත් ඥානක්කාට ලක්ෂ 280 කුත් ගෙවලා - අමාත්‍ය නලින් ද ජයතිස්ස

මෙම ජායාරූපය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි.

 පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් නොවන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, සභාපතිවරුන්ට, හිතවතුන්ට, ආධාරකරුවන්ට යනාදී පුද්ගලයින්ට රුපියල් මිලියන 1,125ක මුදලක් ලබාදී ඇති බවත් ඇමතිවරු සහ මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 1221 ක මුදලක් ගෙවා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙළි කළේය.

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලවකවානුවේ ජනාධිපති විමර්ශන කොමිෂම් වෙනුවෙන් රජයේ මුදල් වියදම් කළ ආකායර පිළිබඳවත් මෙහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

2016 වසරේ සිට ජනාධිපති විමර්ශන කොමිෂන් 14ක් ලබාදී ඇති බවත්, ඉන් රාජ්‍ය දේපොළ අවභාවිතාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙනුවෙන් රුපියල් ලක්ෂ 662.34ක් වියදම් කර ඇති බව කීය.

පාස්කු විමර්ශන වාර්තාවට රුපියල් ලක්ෂ 1,063 කුත්දූෂණ විරෝධී කාර්යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා රුපියල් ලක්ෂ 350කුත් 2015 සිට 2019 දක්වා වසරවල දේශපාලන පළිගැනීම් වාර්තා සඳහා රුපියල් ලක්ෂ 842 කුත් වියදම්කර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව සමස්තයක් ලෙස ජනාධිපති කොමිෂන් සභා 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5,301ක් වැයකර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

මෙම කොමිෂන් වාර්තා අතරින් වේගවත්ව ක්‍රියාත්මක වූයේ 13 වැනි කොමිසම වූ අරගල සමයේ විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා 2022 ස්ථාපිත කළ කොමිසම පමණක් බවත් මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed