ඇහැළියගොඩ පාරක් මැද පතල් කපලා – බලධාරීන් ද සම්බන්ධ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති

ඇහැළියගොඩ ආසනයේ ඉද්දමල්ගොඩ මිටිහෙල ඇති මාර්ගයක් හරස් කර පතල් කැපීම නිසා යතුරු පැදියක් හෝ ත්‍රිරෝද රථයකට හෝ ගමන් කළ නෙහැකි බව ප්‍රදේශවාසිහු පවසති.
පවුල් දහයකට අධික පිරිසක් එම මාර්ගය භාවිතා කරති.
එම පතල් කපන ප්‍රදේශය ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ප්‍රාදේශීය සභාවටත් ඇහැළියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයකි.
මෙම නීති විරෝධී සහ අත්තනෝමතික පතල් කැණිම සම්බන්ධයෙන් ඉද්දමල්ගොඩ හිටපු විශ්‍රාමික ග්‍රාම සේවක සිරිපාල සමරතුංග පොලිසියට, මැණික් සංස්ථාවට ,ප්‍රදේශීය ලේකම් කාර්යාලයට , ප්‍රදේශීය සභාවේ ලේකම්ට සහ සබරගමු පළාත් ආණ්ඩුකාරවරියව ලිඛිතව දැනුවත් කර ඇතත් පතල් කැණිම නතර කරවා වෙනුවට අලුත් පතලක් ආරම්භ කොට ඇත

මෙය පොදු දේපල වලට හානි කිරීමට යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිව තිබියදීත් පොලිසිය නඩු පවරා ඇත්තේ අනවසර පතල් කැණීම යටතේය. එම පතල් කැණීම් මෙහෙය වන්නේ කසිප්පු රංජි නැමැත්තාය. මොහු පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකි.
එම පතල් වල රාත්‍රි 09යේ සිට පාන්දර දක්වා වැඩ කරන අතර පතල් කැණීම සදහා විදුලිය ලබාගෙන ඇත්තේ පාරේ සවිකර ඇති විදුලි කණුවලින් නීති විරෝධීවය.
රදාගේ කුඹුරු නමින් හැදින්වෙන මෙම ෙඑතිහාසික වෙල්ලයාය ආරක්ෂිත වේල්ලක් ලෙසින්ද පවතින අතර එම පාර අත්තනෝමතිකව කැණීම නිසා නැවත තිබුණු තත්වයට පත් කිරීම සදහා මහජනයාගේ මුදල් නාස්ති වන බව පැවසු ප්‍රදේශවාසියෙකු ඇහැළියගොඩ ස්ථානාධිපතිගේ සහ කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ ද සම්පුර්ණ සහාය ලැබෙන බවත් කීය.
