වැඩ තහනමට ලක් වු පොලිස්පති සැගවිලා තියෙන්නේ, රජයෙන් ලබා දුන් ආරක්ෂකයාත් දමා ගොස් බව – ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි!

සෙව්වන්දිගේ අම්මා හෝ මල්ලි ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා නොවන බවත් පොලිස් බුද්ධී අංශ යොදවලා පොලිස්පතිගේ ගෙදරට ගිහිල්ලා බලන කොට පොලිස්පත් පි.එස් .ඔිව දාලා සැගවිලා බවත් පොලිසිය ඔහුව ඉක්මනට අත්අඩංගුවට ගනී වී කියලා හිතන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තූවේ අද (04) පෙරවරුවේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සෙව්වන්දීගේ අම්මාවයි මල්ලීවයි කියන පරක්කුවට පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ රටේ පොලිස්පතිවරයාට එරෙහිව උසාවියෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා පොලිසියට ඔහුව අත්අඩංගුවට අරගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුුයි. පොලිස්පතිවරයා එක්කෝ ඉදිරිපත් වෙන්න ඔ්නේ. නැතිනම් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මැදිහත් වෙලා ඔහුව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මේ රටේ නීති දෙකාක් ප්‍රභුවරුන්ට එක නීතියක් සමාන්‍ය ජනතාවට තවත් නීතියක් ද? යනුවෙන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.
ඔහු මෙසේද පැවසිය.
ප්‍රභු ආරක්ෂාව සපයලා තියේන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හරියටම විශ්ලේෂණය ,සමාලෝචන කළහොත් එම්.එස්.ඩි.කට්ටිය පීඑස් ඔ්ලා දලා යන කට්ටියගේ වාර්තාවක් හදන්න පුළුවන්. එක එක්කෙනාට පවතින ආරක්ෂාව ගැන හිතලා තමයි ආරක්ෂාව ලබා දීලි තියෙන්නේ. පාතාල කල්ලි අතර ගැටුම සමහර අය පාවිච්වි කළා ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නය මතු කරලා ප්‍රභු යැයි කියන කට්ටියට ආරක්ෂාව බලා දෙන්න ඔින් කියලා. සමාලෝචනයකට අනුව තමයි අපි ආරක්ෂා දෙන්නේ. ඔවුන්ම පෙන්නුම් කරනවා නම් පී.එස්.ඔ් නැතිව එම් .ඒස්.ඩි.එක නැතිව යන්න පුළුවන් කියන ඒකෙන්ම පෙන්නුම් කරනවා ආරක්ෂාවේ ප්‍රමානය කොයි තරම් ද? කියලා.
ප්‍රශ්නය – පොලිසිය පොලිස්පතිව සොයන තත්වයක් උදාවෙලා තියෙනවා. මේ ගැන කැබිනට් මණ්ඩලයේ අදහස් කුමක්ද?
පිළිතුර – කැබිනට් මණ්ඩලයේ තීරණය මේ සිද්ධියට ආදාළ සියලුම දෙනා අත්අඩංගුවට ගතයුතු කියන ස්ථාවරයේ ඉන්නවා.