යළිත් ආගම් සහ ජාතිවාදී මතයකට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ , සියලුම ශ්‍රී ලංකීකයන් බද්ධ කර ගන්නවා – ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස

ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට, ආරක්ෂක සැලසුම් වලට අනුව දෙමළ ජනයාගේ ඉඩම් නිදහස් කරන්න රජය කැපවෙන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස පවසයි.
එම ඉඩම් නිදහස් කිරීමෙන් හෝ ඒ ඉඩම් වල ඉදිකිරීම් කිරිමෙන් යම් ආකාරයට ආගම්වාදී ජාතාවාදී ගැටුමක් ඇති වෙනවා නම් එකට රජය ඉඩ දෙන්නේ නැති බවත්. ඔබ දන්නවා මේ රජයට සතරදිග් භාගයේ විශේෂ ජනවරමක් ලැබිලා තිබෙන බවත් .සමගිය සංහිදියාව ආරක්ෂා කරගන්නට අවශ්‍ය පියවර අරගෙන තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ ඊයේ (04) පෙරවරුවේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
මාධ්‍යවේදීය නැගු ප්‍රශ්නය
යාපනෙය් තිස්ස විහාරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නැගීලා තියේනවා . ඔබත් දන්නවා මමත් දන්නවා යුද්ධය අවසන් වුණාට පස්සේ දෙමළ ජනයාගේ ඉඩම් වල බලහත්කරයෙන් අපනශාලා වගේම පන්සල් ඉදි කළා. තිස්ස විහාරය ඉදි කරලා තියෙන්නේ දෙමළ ජාතිකයන් 14 දෙනෙකුට අයිති ඉඩම් වල කියලා. එක පැත්තකින් සිංහල ජාතිවාදය අනෙකු පැත්තෙන් දෙමළ ජාතිවාද මේ ප්‍රශ්නය හරහා ආගමික වගේම ජාතික ප්‍රකෝපකරනයක් අවුලමින් යනවා. ජනාධිපතිවරයා යාපනයේ දිස්ත්‍රික් කම්ටුව සභාගි වෙච්ච වෙනවා . එම කම්ටුව ඇතුළේ මේ ප්‍රශ්නය මතු කරපු අවස්ථාවේ ජනාධිපතිවරයා ප්‍රශ්න මගහැරපු බවක් තමා වාර්තා වෙන්නේ.මේ භායනක තත්වයක් අවුරුදු 26 ක යුද්ධයකින් පස්සේ නැවත වර්ගවාදයකට මේ හරහා පාර කැපෙන්න පුළුවන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ඔබේ ආණ්ඩුවත් හමුදා අත්පත් කරගෙන ඉන්න දෙමළ ජනයාගේ ඉඩම් කිපයක් මුදා හැරීයත් හමුදාව අල්ලාගෙන ඉන්නවා. යුද්ධය කාලයේ හමුදා මිලිටරි බලයෙන් අල්ලා ගත් ඉඩම් වල ඉලහත්කාරයෙන් පන්සල් හදනවා නම් ඒ බරපතළ තත්වයක් . මේ පන්සල් හදන්නේ දෙමළ ජනයාගේ නිජබිම තුළ. ඒක සමාන්‍ය සිංහල හෝ දෙමළ බෞද්ධයෝ විසින් කරන වැඩක් නොවෙයි. මුලින්ම මිලිටරිය මැදිහත් වෙලා කරන වැඩක්. ජනාධිපතිවරයා කිව්වේ සියලුම ආගම්ව වලට සහ ජාතීන්ට සමානව සලකනවා කියලා. දැන් ආණ්ඩුව මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසදිය යුතුයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය දැන ගන්න පැහැදිලි කළොත්ද?
ඔහු තවදුටත් මෙසේ පැවසීය.
ඒ අනුව මෙවර අයවැයෙන් සැලකිය යුතු මුදල් ප්‍රමානයක් වෙන් කරලා තියෙනවා .සමහර එවා මුදලට වඩා වඩා සකේතීයව බලපාන විසදුම් . යළිත් කිසිම තැනක ආගම හෝ ජාතිය පදනම් කරගෙන අන්තවාදී මතවාදයන්ට හිස ඔසවන්න නොදී සියලු දෙනා ශ්‍රී ලංකීකයන් හැටියට බද්ධ කර ගන්නවා .ශ්‍රි ලංකන් දිනය හැටියට නොවැම්බර් හෝ ඔක්තෝම්බර මාසයේ දියත් කරන්නට බලාපොරෝත්තු වෙනවා. ජාතික සමගියට බාධා කරන සියලුම සිදුවිම් වලට ආණ්ඩුව ප්‍රතිචාර දක්වනවා.