බටලන්ද කොමිසම් වාර්තාව සතියක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස

ඊයේ (10) කැබිනට් මණ්ඩලයෙදී ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කළ බවත් අපි ඒ ගැන සාකච්ජා කරලා කැබිනට් මණ්ඩලය තීන්දුවකට ආ බවත් මේ සතිය තුළ දී බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින් ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසසේ එතැනින් එහාට ගනු ලබන තීන්දු ගැන පසුව ප්‍රකාශයට පත් කරන බවත් මේ සතිය තුළ දී බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය. බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් බලාපොරෝත්තු වන්නේ එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා ද? කුමන පදනමකින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ?
පලමු අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා . කොමිසම් සභාවක් නිර්දේශ ඉදිරිපත් කළාහම ඊට ඊලග ක්‍රියා මාර්ග ගැනීම සදහා නීතිපති දෙපාර්මේන්තුව මගින් ආදාළ ආයතන ක්‍රියාකාරීත්වය ගෙන එමේ ඔ්නෑමක් තියේනවා . පලමු කළ යුතු වන්නේ වාර්තාව ඉදිරිපත් කිරීමයි.
ප්‍රශ්න – බටලන්ද කොමිසම් වාර්තාව ගැන ඊයේ කැබිනට් මණඩලයේදී කතා වුණාද එහි නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විවිධ පාර්ශ්ව වලින් ඉල්ලීම් තියේනවා ඒ ගැන ආණ්ඩුවේ අවධානය යෙමු කරලා තිබෙනවද?
ප්‍රශ්න – බටලන්ද සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ ලොකු සාකච්ජාවක් ආරම්භ වෙලා තියෙන්වා .විශේෂයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා කුමර් ගුනරත්නම් සහ එහි ප්‍රධාන ලේකම්වරයා මාධ්‍ය සාකච්ජාවත් පවා අදහස් සමාජගත කළා . ඒ වගේ අපි දැක්කා අල්ජාසීරා මාධවේදියෙකු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව බටලන්ද සිද්ධිය සම්බන්ධායෙන් ප්‍රශ්න කරනවා .බටලන්ද සාකච්ජාව. මේ මොහොතේ පැන නැගුනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා . රනිල් වික්‍රමසිංහ බටලන්ද සිද්ධියට ආදාළව දඩුවම් කළ යුතුයි. හැබැයි මේ සාකච්ජාව මතු වන්නේ වික්‍රමසිංහ කෙන්ද්‍ර කරගෙන. දකුණේ හැටදාහක් මරා දැම්මා වගේම උතුරෙත් ලක්ෂයක් පමන පිරිසක් ඝාතනය කළා . උතුරට ආදාළව වධකාගාර පවත්වගෙන යෑමට සහයෝගය දුන්නා කියලා ජනතා විමුක්ති පෙරමුණටත් චෝදනා තියේනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරලා තිබුණා . රනිල්ට එරෙහිව කොමිසම් වාර්තාව ක්‍රියාත්මක නොකළේ අම්මාගේ ප්‍රජා අයිතිය අහෝසී කිරීමට දේශපාලන පලිගැනීමක් ලෙස කළා යැයි කියා සමාජය සිතාවී යැයි කියන තැනකින්. ඇය එය මග හරිනවා. මේක රනිල් පිළිබද පමනක් ප්‍රශ්නයක් නොවේ . දකුණේ හෝ උතුරේ ඝාතන සිද්ධ වුණේ පැවති ආණ්ඩු මහජනයාගේ අති මුලික ප්‍රශ්න විසදීමට අපොහොසත් විම නිසා පැන නැගුන කැරැලි නිසා. මේ වන විටත් උතුරේ අම්මලා තමන්ගේ දරුවෝ සොයා දෙන්න කියලා දින 3000 ක සිට ආණ්ඩ විරෝධතාවයක් ගෙන යනවා. මේ ආණ්ඩුවට පැහැදිලි වැඩ පිළිවෙක් තියෙනවාද සමස්ත ඝාතන වලට ආදාළ කරුනු අනාවරණය කරන්න. කවුද මේවා කළේ පවත්වානෙ ගිය වධකාගාර ප්‍රමානය කොපමනද? ඒවා මෙහෙවුයේ කවුද? යන්න හෙළි කිරීමට ආණ්ඩු සුදානම්ද?
ප්‍රශ්න – මේ කොමිසම් වාර්තාව සහභාගත කරන්න කොච්චර කාලයක් ගන්නවාද කියලා ආණ්ඩුව දින වකවානු හරියට දිය යුතුයි
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
අපේ රටේ දශක ගනණාවක් තිස්සේ දකුණේ උතුරේ කදුකරයේ හතරදිග් භාගයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම් මානවහිමිකම් කඩ කිරීම් ඔ්න තරම් සිද්ධ වෙලා තියේනවා. ඒ ගැන අපි කවුරුත් දන්නවා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි.මානවහිමිකම් ආරක්ෂා විය යුතුයි. මහජනයාට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය ආරක්ෂා වෙන්නට ඔ්නේ. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දිලා ජනතාවගේ විශ්වාස දිනාගෙන බලය ගත්ත ආණ්ඩුවක්. ආදාළ චෝදනා වලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දැන් මතු වෙලා තියෙන්නේ බටලන්ද කොමිසම් වාර්තාව ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා . පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසසේ දී ඒතැනින් ඒහාට ගනු ලබන තීන්දු ගැන පසුව ප්‍රකාශයට පත් කරන්නම්. මේ සතිය තුළ දී බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ප්‍රශ්න – බටලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් බලාපොරෝත්තු වන්නේ එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා ද? කුමන පදනමකින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ?
පලමු අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා . කොමිසම් සභාවක් නිර්දේශ ඉදිරිපත් කළාහම ඊට ඊලග ක්‍රියා මාර්ග ගැනීම සදහා නීතිපති දෙපාර්මේන්තුව මගින් ආදාළ ආයතන ක්‍රියාකාරීත්වය ගෙන එමේ ඔ්නෑමක් තියේනවා . පලමු කළ යුතු වන්නේ වාර්තාව ඉදිරිපත් කිරීමයි.
ප්‍රශ්න -කොම්සම් සභා පනත අනුව ජනාධිපතිවරයාට පුළුවන් නිර්දේශ ක්‍රියා ක්‍රියාත්මක කරන්න. ගුවන් අනතුර සම්බන් අශ්රොප් කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා එවකට හිටපු ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග අරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට බාර දුන්නා. එකොට කෙලින්ම ජනාධිපතිවරයාට හැකියාව තියේනවා නේද? ආදාළ ආයතන වලට නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි නියෝග කරන්න.
පිළිතුරු -පාර්මේනතුවට බටලන්ද කොමිසම් සභා වාර්තා ඉදිරිපත් කරන එක වඩා ස්ථාවරයි. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ ජනාධිපතිවරයාට තීන්දුවක් ගන්න පුළුවන්.