පොලිස්පති දේශබන්දු පමනක් නොව ඔබ දන්න නොදන්න අයත් පොලිසිය සොයමින් සිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

පොලිස්පති දේශබන්දු පමනක් නොව ඔබ දන්න නොදන්න අයත් පොලිසිය සොයමින් සිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

දේශබන්දු තෙන්නකොන් පමනක් නොව ඔබ දන්න ඔබ නොදන්න තවත් කිපදෙනෙකුත් පොලිසිය සොයමින් ඉන්නවා. මට එතැනින් එහා කියන්න දේයක් නැහැ. දැන් එක දේය තියෙන්නේ දේශබන්දු වෙනුවෙන් ලංසුවක් තියලා නැහැ. සෙව්වන්දි සොයා දෙන අයකුට තැග්ගකුත් ලැබෙනවා යැයි ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

තවමත් ඔහුව සොයාගෙන නැහැ. අපිටත් අවශ්‍ය අපේ බුද්ධි අංශ පොලිසිය කාර්යක්ෂමව කටයුතු කරලා අත්අඩංගුවට  අරගෙන උසාවියට ඉදිරිපත් කර ගන්න එක.  ආණ්ඩුවේ බලාපොරෝත්තුව ඔහු අත්අඩංගුවට ගැනීම බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

අමාත්‍යවරයා එසේ පෙන්වාදුන්නේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තවේ අද (11) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිවිස් මාධ්‍යවේදීයා ඇතුළු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් හැංගිලා අදට දවස් 12 ක් වෙනවා. හැබැයි තවම ඔහුගේ වැඩ තහනම් කරලා හෝ අනිවාර්ය නිවාඩු යවලා නැහැ. පාස්කු ප්‍රහාරයෙන් දවස් කිපයක් ඇතුළත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පති පුජිත ජයසුන්දරව අනිවාර්ය නිවාඩු යැව්වා. ඇයි ආණ්ඩුව දේශබන්දු සම්බන්ධයෙන් ඒ වැනි පියවරක් නොගන්නේ ඇයි?

පොලිස්පතිගේ නීතිඥයෝ අභියාචනාධිකරණයට රිට් එකාක් දාලා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලුවා. නියෝගය නිකුත් කරනවා වෙනුවට අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆා  පැවසුවා දැන් සතියක් විතර හැංගිලා හිටියා නම් , දැන් නියෝග නිකුත් කරලා වැඩක් නැහැ .12 වෙනිදා ගිහිල්ලා උසාවියට ඉදිරිපත් වෙයි කියලා පැවසුවා . විනිසුරුවරයාගේ ප්‍රකාශයෙන් පවා අපට පෙන්නේ ඔහු නොකියා කියන්නේ නීතියේ අධිපත්‍ය බිද වැටි ඇති බවක් . මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කියනවා දේශබන්දු ඉන්න තැන දන්නවාලු. ඉන්න තැන දන්නවා නම් අත්අඩංගුවට ගන්නේ තැත්තේ ඇයි? ජනාධිපතිවරයා ටිරාන් අලස්ට පිටින් ගිහිල්ලා දේශබන්දුව අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා හිටපු අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කරලා තියෙනවා . දේශබන්දු නාටකයෙන් ආණ්ඩුව ජෝක් වෙලානේද? 

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

හොදයි ඔබ කියන කරුනු ඔබ කියන තොරතුරු මත ඔබ දෙන ඔත්තු අනුව පොලසිය කටයුතු කරයි. ගෙවල් පරික්ෂා කරයි. අපේ අරමුණ කොහොම හරි දේශබන්දුව අත්අඩංගුවට ගන්නවා. ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කරනවා . ඒවැනි තොරතුරු මත පදනම්ව සමහර ගෙවල් පරික්ෂා කරලා තියෙනවා. තවමත් ඔහුව සොයාගෙන නැහැ. අපිටත් අවශ්‍ය අපේ බුද්ධි අංශ පොලිසිය කාර්යක්ෂමව කටයුතු කරලා අත්අඩංගුවට  අරගෙන උසාවියට ඉදිරිපත් කර ගන්න එක.  ආණ්ඩුවේ බලාපොරෝත්තුව එක. තොරතුරු පොලසියට ලබා දෙන ජනතාව විධියටත් මාධ්‍යවේදීන් විධිටත් ඔබේ වගකිමක්. පොලිසිය දන්න තැන් පිළිබදව පොලිසිය දිව රාත්‍රි නොබලා පරික්ෂා කරමින් ඉන්නේ. මොනම මොහොතක හෝ අතුඅඩංගුවට ගනී වි කියලා විශ්වාස කරනවා.

පොලිස් කණ්ඩායම් ගනාවක් යොදවලා තියෙනවා දේශබන්දු ඇතුළු අයව අත්අඩංගුවට ගන්න.සමහර තැන් පරික්ෂා කළා ඒ අය මාධ්‍යයට ඒ ගැන ප්‍රකාශ කරලා තිබුණා ඔබට පෙනවා ඇති පොලිසිය මේ ගැන උනන්දුවෙන් කටයුතු කරන බව.

ප්‍රශ්නය -දේශබන්දුට කල් දීලි තියෙනවා කියලා බාර වෙන්න නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කළා . කල් දිලා කියන්නේ කලින් එකගතාවයකට ඇවිල්ලා තියේනවාද?

පිළිතුරු– කිසිදු කල් දීමක් නැහැ. ඒ ප්‍රකාශයේ අදහස් කළේ මොකක්ද කියලා. පොලිස් කණ්ඩායම් ගණනාවක් යොදවලා තිබෙනවා ඔහු යන එන තැන් පරික්ෂා කරන්න.ඔබ දන්නවා ඇති සමහර තැන් පරික්ෂා කරලා තියෙනවා. ඒ අය මාධ්‍ය ප්‍රකාශ කළා පොලිසියෙන් අවිල්ලා අපේ ගෙවල් දේශබන්දු ඉන්නවාද කියලා අහලා පරික්ෂා කළා කියලා. ඔබට හැගේනවා ඇති පොලිසිය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා කියලා. කල් දීමක් හො ඔහු බාර වෙනකම් බලා සිටිමක් හෝ නැහැ. අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – පොලිස්පත් දේශබන්දු පමනක් නොව තවත් හත් දෙනෙක් සම්බන්ධයෙනුත් අධිකරණ තින්දුවක් තියෙනවා.ඒ අයගේන එක් අයෙකුවත් අද වෙනකම් අත්අඩංගුවට අරගෙන නැහැ. අට දෙනෙක්ට පුළුවන්ද පොලිසිය මග හැරලා ඉන්නවා . පොලිස්පති නොවෙයි අනෙක් හත් දෙනා අත්අඩංගුවට ගත් බවක් අපට වාර්තා වෙලා නැහැ. ඒ ගැන ඔබ සතුව තොරතුරු තියෙනවාද?

දැනට නැහැ. ඉදිරියේදී ඔබට පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා ඒ පිළිබදව දැන ගන්නට සලස්වන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed