හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට වෙඩි තබා ඝාතනය කරයි

ගාල්ල බුස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරවරයෙකු වන අහංගම වලවගේ සිරිදත් ධම්මිකව ඊයේ (13) සවස නාදුනන තුවක්කු කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
ඝාතනය කරවිට ඔහුගේ වයස අවුරුදු 61 ක් වන අතර විශ්‍රාමිකයෙකි.
ධම්මිකට වෙඩි තබා ඇත්තේ අක්මීමන තල්ගහවත්තේ පිහිටි ඔහුගේ නිවසේ වැඩ කරමින් සිට ඇති බවත් යතුරු පැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් ඔහුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
එම වෙඩි තැබිම සදහා වෙඩික්කරු පැමින ඇත්තේ යතුරු පැදියකිනි. එම යතුරු පැදිය තල්ගහවත්ත ප්‍රදේශයේ සීතදොළ ආරණ්‍ය සේනාන්සනයේ පරේ කටුපොල් වත්තක දමා ගොස් තිබියදී හමු වී තිබේ.
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීයාගේ හිසට වෙඩි වැදී ඇති අතර හිසෙන් රුධිරය වාහනය වී ඇත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු අධිකාරීවරයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ගෙන එන විටත් ඔහු මිය ගොස් සිට ඇත. මොහු එක් දරු පියෙකි.

අධිකාරීවරයාට වෙඩි තබා ඇත්තේ මිලිමිටර් 09 ගිනි අවියකින් වන අතර ඔහු ඝාතනය කිරීමට පෙර අධිකාරීවරයාගේ හාඩ්වෙයාර් එකට ගිනි තබා තිබේ.