පොලිසිය හයිජැක් කළ සංජිවගේ ඝාතකයෝ

සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජිව නැමති සැකකරු අත්තනගල්ලේදී හෝ වෙනත් අධිකරණයක් වෙත රැගෙන යෑමේදී ටී .56 ගිනි අවි කිපයක් යොදාගෙන මරා දැමීමේ සැළැස්මක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇති බවත් එම සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නැයි ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත භාර කේ.පී.මහින්ද ගුනරත්න බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වෙත යවන ලද ලිපිය ලංකා ස්කයි නිව්ස් සතුව ඇත.
එම ලිපියේ සදහන් පරිදි සංජිව ඝාතන පිළිබද සැලැසුම් සකස් කර ඇත්තේ මහර ආර් 2 වාට්ටුවේ රදවා සිටි සකකරුවන් තුන් දෙනෙකු සහ පොලිසිය විසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හදුන්වන විදේශ රටටක ජිවත්වන කෙහෙල්බද්දර පත්මේ සමග වට්ස්ඇෆ් තාක්ෂණය ඔස්සේය. එම ලිපියේ මහර බන්ධනාගාරයේ සිට සංජිව ඝාතනය කිරීම සදහා සැලසුම් කරන සැකකරුවන්ගේ නම් සදහන් කර ඇතත් එම සැකකරුවන්ට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් එල්ල විය හැකි ජිවිත තර්ජන නිසා එම නම් සදහන් කරන්නේ නැත.





බස්නාහිර පළාත උතුරු දිසාව පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය විසින් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකට යවන ලද ලිපියේ අත්තනගල්ල හෝ වෙනත් අධිකරණයකට සැකකරු රැගෙන යන අවස්ථාවක වෙඩි තබා ඝාතනය කිරීමේ හැකියාවක් ඇති බවත් සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගෙන ආදළ වගකිය යුතු නිලධාරීන් දැනුවත් කර සුදුසු ආරක්ෂිත වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් කිසිදු සිදුවිමක් ඇති නොවීම සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකර ප්‍රගතිය 2024 සැප්තැම්බර් 21 දිනට ඔහු වෙත දැනුම් දෙන්නැයි නියෝග කොට ඇත.
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක එ.පී.ජේ. පුෂ්පකුමාර නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත උතුරු දිසාව පෑලියගොඩ කපිල කඩුපිටිය වෙත උතුරු අපරාධ කොට්ඨාශය මගින් කඩිනම් විමර්ශනයක සිදු කරන ලෙසට උපදේස හා නියෝග ලබා දී ඇති බවත් මහර බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් භාරයේ ඇති ජංගම දුරකතන අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සදහා ඔහු වෙත ඉදිරිපත් කරන්න ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මෙහෙයුම් දැනුවත් කර විමර්ශණ කටයුතු සිදු කිරීමට ක්‍රියා කර ඇති අතර සැකකරුගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි ගම්පහ කොට්ඨාශ භාර නිලධාරී,ආදාළ අධිකරණ කලාප වල මුලස්ථාන පොලිස ස්ථානාධිපතිවරු හා බුද්ධී අංශ නිලධාරීන් දැනුවත් කර වැඩිදුර සාර්ථක තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බවට සදහන් ලිපියක 20124 09 17 වන යොමු කර තිබිණි.
මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්. එරික් පෙරේරා දැන ගැනීම සහ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සදහා යොමු කරමි යනුවෙනු සියලුම දිස්ත්‍රික් නිලධාරීන් ස්ථානභාර නිලධාරීන් සහ කොට්ඨාශ බුද්ධී නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇත.
බුද්ධී අංශ මගින් ගනේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතැයි හෙළිදරව් කර තිබියදිත් මුල දි ආරක්ෂක අංශ දැනුවත් කිරීම් කළ ද පසුව ඒ ගැන අවධානය බිදි යෑම නිසා කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට ඔහුව ඝාතනය කිරීමට හැකි විය. අත්තනගල්ලේදී හෝ වෙනත් උසාවියකදි සංජිව ඝාතනය කිරීමට ඔහුගේ විරුද්ධ පාර්ශ්වය සැලසුම් කරමින් සිටින බව බුදධි තොරතුරු මගින් කලින්ම අනාවරණව කෙරිණ.
මහර බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවන් තුන්දෙනා සහ කෙහෙල්බද්දර පද්මේ සංජිව උසාවියකට රැගෙන යද්දී ඝාතනය කිරීමට ආදාළව කළ සැලසුම් පිළිබදව මේ වන තෙක් අනාවරණය කරගත් තොරතුරු පිළිබදව කරුනු මහජනයාට දැන ගැනීමට සලස්වා නැත. එම සැකකරුවන් සතු ජංගම දුරකතන විමර්ශන කටයුතු සදහා තමන් වෙත ලබා දෙන්නැයි බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක පුෂ්පකුමාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මෙහෙයුම්ව දැනුවත් කළත් ඊට අවශ්‍ය සහයෝගය ලැබුනාද විමර්ශන වලින් අනතුරු අනාවරණය කරගත් තොරතුරු මෙනවාද යන්නත් මේ වන තෙක් අනාවරණ වි නැත. විමර්ශන නිසි පරිදි සිදු වුයේ නම් සංජිව අධිකරණ ශාලාවක විත්ති කුඩුවක් තුළ ඝාතනය වීම වැළැක්වා ගැනීමට හැකියාව තිබුණි. අපරාධ නඩුවක් සම්බන්ධයෙන් රජයේ භාරයේ සිටි සැකකරුවෙකු අධිකරණ භුමීය තුළ ඝාතනය කිරීම ජාතික ආරක්ෂාව නැමති පල්ල ගැලවි යාමකි.
පාස්කු ප්‍රහාරයේ දී මෙන්ම සංජිව ඝාතනයේදී බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් වගේම ඊට අවශ්‍ය ඒ මොහොතේ පියවර නොගැනීම නිසා මහජනයාට සහ සංජීවට ජිවිත වලින් වන්දි ගෙවිමට සිදු විණ. පාස්කු ප්‍රහාරය සංජිව ඝාතනය මෙන්ම සමාන්‍ය සිදුවිමක් නොවන අතර එය කලාපීය භු දේශපාලනය සමග ඇදුණු සිද්ධියකි.
ගනේමුල්ල සංජිව වෙඩි තබා ඝාතනය කරන්නේ කොළඹ අලුත් කඩේ අංක පහ අධිකරණ ශාලාවේ විත්ති කුඩුවට නැග සිටියදීය. වෙඩික්කරු නීතිඥයෙකු මෙන් වෙස් වලා ගෙන පැමින වෙඩි තබා පලා ගියේය. පසුව වෙඩික්කරුව අත්අඩංගුවට ගන්නේ පුත්තලම ප්‍රදේශයට පලා යමින් සිටියදීය. වෙඩික්කරු සංජිවට වෙඩි ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ එම ශාලාවේ පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇත. අංක පහ අධිකරණ ශාලාවට ඇතුල් වන ස්ථානයේ පොලිස් විශේෂ බලකායට අයත් සෙබළුන්ද පිරිසක් එහි රැදී සිටි බව වාර්තාවේ. වෙඩික්කරු සංජිවට වෙඩි තබා ආරක්ෂක නිලධාරීන් පසුකර අධිකරණ භුමියෙන් ඔහු පලා ගිය කෙසේද? මෙම කොන්ත්‍රාත්තුව වෙඩික්කරුට ලබාදුන්නා යැයි කියන බටුවත්තේ චාමර සංජිව ඝාතනය පෙර වෙඩික්කරුට වට්ස්ඇෆ් මාර්යෙන් කතා කොට “ඇතුලේ වැඩෙි හරි ඔයා බය නැතුව ගහන්නැයි” පවසා ඇතැයි පොලිසිය හෙළි කළේය. පොලිස් විශේෂ කාර්ය බලකාය වගේම බන්ධනාගාර නිලධාරීන් ද සංජිව ඝාතනයට හවුල් වි ඇති බවට චෝදනා එල්ල වී ඇත.
සංජිව ඝාතනය මෙන්ම මිද්දෙනිය කජ්ජා ඇතුළු දරුවන් දෙනගේ ඝාතනයට පොලිස් නිලධාරීන් කිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සංජිව ඝාතනයට පොලිසිය මෙන්ම ආරක්ෂක අංශ සම්පුර්ණයෙන්ම වගකිව බව ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය දැඩිව කියා සිටිමු.