අම්බලන්ගොඩ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් ඉඩම්තොට ප්‍රදේශයේදී අද (14) සවස වෙඩි තබා ඝාතනය කර පළා ගොස් ඇත.
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ගිරිමාදුර සමන් කුමාර් නොහොත් සුද්දා නැමත්තාවය. ඔහු වයස අවුරුද 45 ක් වන අතර සිව්දරු පියෙකි.
කුමාර් නැමත්තා නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදනෙකු මෙසේ වෙඩි තබා පළා ගොස් අත.
පොලිසියට තොරතුරු ලබා දුන්නා යැයි එම ඝාතනය සිදු කරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.