පාස්කු ඝාතකයෝ රජ්‍ය බලය උපයෝගී කරගෙන සාක්කි වසන් කරලා – ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති

පාස්කු ඝාතකයෝ රජ්‍ය බලය උපයෝගී කරගෙන සාක්කි වසන් කරලා - ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති

හිටපු අපරාධ පරික්ෂණ නිලධාරීන් ඇතුළු විශේෂඥ භාවයක් තිබු පුද්ගලයන් සීසිකඩ කරපු තත්වයක් තිබු බවත් එවැනි තත්වය තුළ ආණ්ඩුවක් හැටියට පසුගිය මාස හතරේදී විශේෂයෙන් මේ පරික්ෂණයේදී අත්කර ගෙන තියෙන ප්‍රගතිය සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක්ම විධියට සැහීමකට පත් වෙන බවත් තවත් විසදා ගත යුතු තැන් කිපයක් තිබෙන අතර එවා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් කරගෙන යන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස පවසයි.

මම හිතනවා පරික්ෂණ වල ප්‍රගතිය කියනවාට වඩා ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු දුරක් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මේ වෙන කොට ගමන් කර තියේන බවත් ඊට ආදාළ නීතිමය ක්‍රියාමාර්ග ඔබට බලා ගැනීමට හැකි වන අතර මතක තියා ගන්න අප ආණ්ඩුව ගත්තේ සිද්ධිය වෙලා සාක්කි හොදට පෙන්න තියෙන, වරදකරුවන් හදුනා ගැනීමට පහසු පරිසරයක නොවෙන බවත් ඝාතකයන්ම සිදුවිම උපයෝගි කර ගෙන රාජ්‍ය බලය ලබා ගෙන සාක්කි වසන් කළ තත්වයක් ඇතුළත‍ බව අමාත්‍යවරයා කීය.

ඔහු එසේ කීවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (18) දහවල් පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

මාධ්‍යවේදීය නැගු ප්‍රශ්නය

ප්‍රශ්නය -පල්ලිය මතු ඛලා ගිය ඉරිදා ඔබතුමා කිව්ව පයිල් 19.000 ගානෙන් එකාක් තමයි පාස්තු පයිල් එක. ඒ පිළිබද අප්‍රසාදයක් තමයි කාඩිනල් තුමා කතා කළේ. මන්දගාමී විධියට පරික්ෂණ පැවත්වෙනවා කියලා තමයි පැවසුවේ .උන්වාහන්සේ ප්‍රකාශ කළා . මේ පරික්ෂණ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමර්ග ගත්තේ නැත්නම් පාරට බහිනවගේ කතාවක් . පාස්කු ප්‍රහාරයේ ඊලග සැමරුම ලගයි. විද්‍යා හා තාක්ෂණ ඇමති කියලා තියෙනවා ඔහුත් පාරට බහින්න ලෑස්ති කියලා පාරට බහිනවා නම් . මොනවා හරි වෙනවානම් පල්ලිය හරි සංවේදී . හෙට අනිද්දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිදරව්වක් වෙනවාද?

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්.

කාදිනල්තුමාගේ ප්‍රකාශ කිසියමාකාරයක ඝෘණ ප්‍රකාශයක් ලෙස අපි දකින්න සුදානම් නැහැ. ඇත්ත ඔ්නෑම ප්‍රශ්නයකදී එම ප්‍රශ්නයේ ඝෘජු වින්දිතයන් බවට පත් වන අයට සමාන්‍ය සමාජයට වඩා කම්පනයක් තියෙන බව අපි පිළිගත යුතුුුයි. කාදිනල් තුමාට කතෝලික ක්‍රිස්තියානි භක්තිකයන්ට ඝාතනය විම සම්බන්ධයෙන් ඔවුන් වෙච්ච හානි සම්බන්ධයෙන් ඒ තියෙන හැගිම හරිම සාධාරණයි. ඒ වගේම රජයක් හැටියට අප වගකිමක් තියෙනවා ඒ කටයුතු කරගෙන යනවා . ඒ වගේම මේ සාක්කි පිළිබදව විමර්ශනය කරමින් ඉන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *