ආණ්ඩුවට අපහසුතාවයට පත් කරන්නේ කණ්ඩායම් තුනක් – ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්ස

විශාල පිරිසක් නැති අතර සෞඛ්‍ය සේවයේ ලක්ෂ එකහමාරක් පමන පිරිසක් සිටින බවත් එතැනින් වෛද්‍යවරුන්‌ගේ ,හෙදියන්ගේ ,පරිපුරක වෛද්‍ය සේවා සපයන වෘත්තීකයන්ගේ කණ්ඩායම් තුනක් සිටන බවත් එම කණ්ඩායම් තුන වර්ජන ක්‍රියාමාර්ග ගනිමින් නැතිනම් කරුනු ඉදිරිපත් කරමින් සිටින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස අනාවරණය කළේය.

තැපැල් සේවකයෝ දීමනා කප්පාදුවට එරෙහිව.
අමාත්‍යවරය විධියට සාකච්ජා වට කිපයක් පැවත්තු බවත් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය දවසේ වැඩ වර්ජනයක් කැදවලා තිබුනු අතර මා සමග පැවති සාකච්ජාවේදී මුදල් අමාත්‍යංශය සමග සාකච්ජාවත් අරගෙන දෙන බවට පොරෝන්දු වු බවත් ඊයේ එම සාකච්ජාව ලබා දුන් බව කී අමාත්‍යවරයා සාකච්ජාවට යන කොටත් ඔවුන් වර්ජනය පිළිබද තින්දුවක් රැගෙන තිබුනු බවත් අමාත්‍යවරයා පැවසිය.
ඔහු පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ කැබිනට් තිරණ දැනුම් දීම සදහා අද (18) දහවල් පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
ස්කය් නිව්ස් මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නය
රෝහල සේවකයෝ පමනක් නොවෙයි විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ සහ රාජ්‍ය අංශයේ අනිකුත් සේවකයෝ පාරට එන්න පටන් අරගෙන වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන. ආණ්ඩුව ෙඑතිහාසික වැටුප වැඩිවීමක් කළා කියලා පැවසුවත් කම්කරුවෝ පාරට ඇවිල්ලා .කම්කරුවෝ කියන්නේ ආණ්ඩුව මුලික වැටුප වැඩි කරලා දීමනා කොල්ලකාලා කියලානේද?

මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක එකාබද්ධ කමිටුව විරෝධතාවයේ නියැලි සිටින අයුරු.
ආණ්ඩුවට තවම මාස හතරයි වෙන්නේ. අදට මේ මාස හතර ඇතුළත අප දැනෙන මුලික වැටුප් වැඩිවිමක් ලබා දී තිබියදී මුලික වැටුප මත පදනම් වෙමින් මේ අප්‍රේල් මාසයේ සිට අත්තිකාල දිමනාව පීඑච් එක ,වෛද්‍යවරුන්ට දෙන සහ අමතර දිමනාව හැදෙනවා.
ඔහු වැඩිදුර අදහස් දක්වමින් මෙසේ පැවසීය
මුලික වැටුප වැඩි වෙද්දී ණය ලබා ගැනීමේ පහසුකම් වැඩි කර ගන්න පුළුවන්. සෞඛ්‍ය සේවය අඩපන වන විධියට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය නැහැ. අපි මේ වැටුප් වැඩිම ලබා දීලා තියෙන්නේ මේ වේලාවේදි රටේ පවතින ආර්ථික තත්වය සරිලන ආකාරයට .අපට සීමාවන් තියේනවා .
ප්‍රහ්නය – වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්ෂත්‍රයේ වෘත්තීය සමිති අද දිනයේ සකේත වැඩ වර්ජනයක් නිරත වෙනවා. ඊයේ දිනයේ මුදල් අමාත්‍යංශය සමග පැවති සාකච්ජා අසාර්ථක වුණා කියලා තමයි වර්ජනයට අවතිරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා විධියට ඔබගේ ස්ථාවරය?
පිළිතුර – මෙවර අයවැයෙන් අපි බිලියන 110 වෙන් කරනවා වැටුප් වැඩිම සදහා පමනක්.2027 ජනවාරි මාසයේ ඉදලා තව මාස 17 කින් රුපියල් බිලියන 330 වැටුප් වැඩි කිරීම සදහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ යුතුයි. එක ලෙසි පහසු වැඩක් නොවෙයි. ඒ සියල්ල සලකා බලමින් තමයි වැටුප් වැඩිවිම කරලා තියෙන්නේ. කාටවත් පෙනවා ඇති වැඩවර්ජනය කණ්ඩායමේ කිපදෙනෙක් වැටුප් කියන්නම්, රුපියල් 31.190 ක වැටුපක් ලැබෙන කෙනෙකුට 63.310 දක්වා කෙටි කාලයකින් වැඩි වෙනවා නම් රුපියල් 44520 ගන්න කෙනා රුපියල් 76.500 කින් වැඩි වෙනවා නම් රුපියල් 58800 ගන්න කෙනාට 100.500 වැඩි වෙනවා නම් මම හිතනවා ඒ මුලික වැටුප් වැඩිවීම කියන්නේ මේ මොහොතේ ලබා දෙන්න පුළුවන්. සාධාරණ වැටුප් වැඩිවිමක් .හැබැයි විශේෂයෙන් අද වැඩ වර්ජනය කරන පරිපුරක වෛද්‍ය සේවාව සපයන අය ඒගොල්ලන්නේ නායකයෝ කියන්න උත්සහ කරමින් ඉන්නේ. මුලික වැටුප් වැඩි නොවුනත් කමක් නැහැ රේට් එක තියා ගත්තෝ ඇති කියලා. හැබැයි සමාන්‍ය කෙනෙක් වැදගත් වන්නේ මුලික වැටුප වැඩිවීමයි තමන් ගෙදර ගෙනි යන ප්‍රමානය පීඑච් එක අත්තිකාල දීමනාව , Free tax සමාන්‍ය කෙනෙක් ලොකු සහනයක්. ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන්න කියලා දේශපාලන වැඩ වර්ජනය කරනවා නම් ඒ සාධාරණ නැහැ’ මේ නිසා අපහසුතාවයට පත් වන්නේ සමාන්‍ය ජනයා කියන එක තේරුම් ගන්න. මතක තියා ගන්න මේ වෘත්තීකයන් තමන්ට ලැබෙන අවසාන රුපියල දක්වා ගණනය කරලා සමහර අසාධාරණ ඉල්ලීම් ඉල්ලන කොට ඒ අයට මේ රුපියල් ලබා දෙන්නට බදු ගෙවන මිනස්සු කොච්චර බදු ගෙවනවා ද කියලා දන්නෙත් නැහැ. ඒ බදු වලින් තමයි මේ වැටුප් වැඩි කරලා තියෙන්නේ. දෙන්න පුළුවන් ගාන තමා ලබා දිලා තියෙන්නේ .ක්ෂත්‍රයේ වෙනත් ප්‍රශ්න තියේනවා නම් වැඩ වර්ජන වලට යන්නේ නැතිව විසදා ගැනිම සාකච්ජා දීලා තියෙනවා. නමුත් අපට පෙනවා සමහර කණ්ඩායම් මේවා කරන්නේ දේශපාලන උවමනාවන් මත කියලා.