හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මාතර අධිකරණයට භාර වෙයි

පොලිස්පති ධුරයේ වැඩ අත්හිටුවා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අද(18) පෙරවරුවේ මාතර මහෙස්ත්රාත් අධිකරණයට භාර වී ඇත.
අධිකරණය මග හැර සිටි තෙන්නකොන්ව දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරේන්තුවක් ද නිකුත් කෙරිණ.
ඔහු අධිකරණ නියෝග වලට පිටුපාමින් 19 ක් සැග වී සිට ඇත.
මාතර පැලෑන ඩබ්ලිිිව් -15 හෝටලයට 2023 දෙසැම්බර් 31 සිදු වු වෙඩි තැබිමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩ බලන පොලිස්පති තෙන්නකොන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා වරේන්තු නිකුත් කරන ලදී.