ඉන්දියන් ගැති අතළොස්සක් , ඒ වගේම ඉන්දියාවට යටවෙන , කොන්ද පණ නැති නායකයෝ පිරිසක් අදත් මේ රට තුළ ඉන්නවා – ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ

කලින් ආණ්ඩු වගේ නොවෙයි අපේ ආණ්ඩුව කිසිම රාජයක් ඉදිරියේ දණ ගහන්නේ නැහැ. අපිට තියෙන්නේ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කිරීමයි.කලින් ජනාධිපතිවරු වගේ නොවෙයි අපේ ජනාධිපතිවරයා අපි අපේ මත බොහෝම පැහැදිලිව කියලා තියේනවා. දෙන ඔ්න දේයක් භාර ගන්න ලැස්ති ආණ්ඩුවක් නොවන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස් පවසයි
විශේෂයෙන්ම ආරක්ෂක ගිවිසුම් වල සදහන් වන්නේ අප දෙරටේ ආරක්ෂාවට බලපාන කරුනු වල දි එක් එක් රට වල ගුවන් භූමිය හෝ ජල තීරය අනෙක් රට එරෙහිව භාවිතා කරන්නට ඉඩ දෙන්නේ නැති බව පමනක් යැයි ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නිලින් ද ජයතිස්ස අවධාරණය කළේය.
මට ආණ්ඩුවට විධියට දෙන්න පුළුවන් සහතිකය තමා මේ ආරක්ෂිත ගිවිසුම් ඇතුලේ අපේ රට අපේ රටේ හමුදාව හෝ අපේ රටේ ආරක්ෂක අංශ පාවා දිමක් හෝ රටේ ස්වෛරීභාවය රටේ ස්වාධීනත්වය පවාදීමක් හෝ උල්ලංඝණය විමක් හෝ සිදු වන්නේ නැහැ.අපි තහවුරු කරලා තියේනවා.විමල් වීරවංශගේ දේශපාලන වාග් කෝෂය දිහ බැලුවාහම හැමදා කියන්නේ ඔය කතාවමයි. ඊට වඩා දෙයක් කියන්නට නැතැයි අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීම සදහා පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නයකට පිළිතරු දෙමින්ය.
ලංකා ස්කයි මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නය
මේ දැන් මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න වලට හේතුව විශේෂයෙන් ජවිපෙ ඉන්දියාව සම්බන්ධයෙන් දරපු ස්ථාවරයේ බරපතළ වෙනසක් වෙලා තියේන බව නරේනද්‍ර මෝදීගේ සංචාරයෙන් දැක ගන්නට ලැබිලා තියෙනවා. ලංකීය දේශපාලනය තුළ ඉන්දියානු මැදිහත් විම. ජවිපෙ පැහැදිලිවම කියලා තියෙන්නේ ඉන්දියාව දකුණු ආසියාවට කරන බල පෑම. විශේෂයෙන්ම නේපාලය , බංගලාදේශය ,භුතානය ,මාලදිවයින පාකිස්ථානය , මියන්මාර් ඇතුළු ලංකාවට කරන දේශපාලන සහ ආර්ථික බලපෑම ගැන.ස්වෛරීත්වයට වගේම භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කරනවා කියලා. ජවිපෙ තරම් අතීතයේ ඉන්දියාවට එරෙහිව සටන් කරපු සංවිධානයක් නැහැ. 1987 ඉන්දු ලංකා ගිවිසුම හරහා ඉන්දියාව ලංකාවට කළ බලපෑම .ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තමයි “ලංකීය දේශපාලනය තුළ ඉන්දියානු දේශපාලනය” යන දේශනය 2008 වසරේ පවත් වන්නේ.ඉන්දියන් ව්‍යාප්තවාදය කියන පංතිය 19977 කලිනුත 1987 නැවත කරළියට ආවා. ඉන්දියාව කළාපිය බලවතා හැටියට ලංකා ගිල ගන්න හදනවා කියපු ජවිපෙ අද මෝදී සමග රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරනවා කියලා විපක්ෂය චෝදනා කරනවා . ස්ථාවරයන් වෙනස් වෙන්න පුළුවන් නමුත් අංශක 180 න් වෙනස් වෙන්න බැහැ .එහෙම වෙනස් වෙනවා ඊට බලපෑම හේතු සාධක පදනම් තියෙන්න ඔ්නේ. විශේෂයෙන්ම ලංකාව ඉන්දියවේ රූකඩයක් බවට පත් වෙලා .පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා ජවිපෙ රටට පාවා දෙනවා කියලා. ආණ්ඩුව පැත්තෙන් රට පාවාදිමක්ද? අතීතයේ ඉන්දියාව ගැන දරපු මතයයි ආණ්ඩු බලය ගත්තාට පස්සේ ඉන්දියාව සම්බන්ධයෙන් දරණ මත අතර බරපතළ පරස්පරයක් තියේනවානේද? ඉන්දියාවට රට පාවා දෙන යටත් වන නායකයේ පිරිසක් අදත් රට තුළ ඉන්නවා කියලා සෝමවංශ සදහන් කරනවා? මේ කතාව අදටත් වංගුයි නේද? තමුන්නාසේලා විපක්ෂයේ ඉන්න කළේ කිව්වේ කිසියම් රටක් සමග ගිවිසුමක් අත්සන් කරනවා නම් ජනතාවට ඒ ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතුයි කියලා . එහෙම කියපු ඔබේ පක්ෂය අද ගිවිසුම් අත්සන් කරන්නේ ජනතාවට හොරෙන්නේද?
“විශේෂයෙන් 1980 ගණන්වල ශ්‍රී ලංකාවට එරෙහිව සිද්ධ වුණු අතපෙවිම් කොයිතරම් සහසික විධියට ශ්‍රී ලංකා ස්වෛරීභාවය උල්ලංඝණය කළා ද ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හානිකර වුණාද? ශ්‍රි ලංකාවේ නිදහසට කොයිතරම් හානි කර වුණාද කියන කාරණාව අවබෝධ කරගෙන නැති, ඉන්දියන් ගැති අතළොස්සක් , ඒ වගේම ඉන්දියාවට යටවෙන , කොන්ද පණ නැති නායකයෝ පිරිසක් අදත් මේ රට තුළ ඉන්න නිසා , මේ රට කරන නිසා ,අපට මේ ඉන්දියාවේ දකුනු ආසියානු කාලාපයට ආදාළ විදේශ ප්‍රතිපත්තියක් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එහි බල පෑමපිළිබදව සාකච්ජා කළ යුතුව තිබෙනවා.” ( ලංකේය දේශපාලනය තුළ ඉන්දියානු මැදිහත් වීම – පිටුව 13 )
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
පිළිතුර -ඉන්දියන් අගමැති නරේද්‍ර මෝදි මැතිතුමා ලංකාවට ඇවිල්ලා අවබෝධතා ගිවිසුම් 07 ක් අත්සන් කළා. සෞඛ්‍ය . බලශක්තී , ආර්ථික ,නැගෙනහිර පළාතේ සෞඛය ,අධ්‍යාපනය . වාරි මාර්ග , ග්‍රාමීය මාර්ග , පාලම් ඉදිකිරිම් ඇතුළු සංවර්ධනය සහ ආරක්ෂක කටයුතු. මම දැක්කා ගොඩක් අය කියනවා ආණ්ඩු රට පාවා දිලා කියලා.1815 ගිවිසුමට වඩා බරපතළ පාවාදිමක් වෙලා තියෙනවාලු. ඒවැනි චෝදන ඒන්න ඔිනි. ඒහෙම නොවුනොත් තමා පුදුම වෙන්නේ.මේ ගිවිසුම් 07 එකක් තමා ඉන්දියන් පාරිභෝගික අයිතිය පිළිගැනිම එකත් රට පවාදීමක් කිව්වා.ඉන්දියන් පෝපියා පොත ගෙනැල්ලත් පෙන්නුවා.අපි මේ සියලු ගිවිසුම් වලින් සමහර ගිවිසුම් කාලයක් තිස්සේ සාකච්ජා කරමින් පවතිනවා.සමහර ගිවිසුම් අපේ ආණ්ඩුවට කලින් පටන් ගත්ත එවා. අපි ආවාට පස්සේ සාකච්ජා කරලා ආරම්භ කරපු අවබෝධතා ගිවිසුම් තියෙන්වා.ඒ සියල්ලම කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා සාකච්ජා කළා.කවුරු හර කියනවා නම් කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ කියලා එක බොරුවක්. අපි ඒ ගිවිසුම් ගැන සාකච්ජා කළා .විශේෂයෙන් ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම්. ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලංකාවට වගේම ඉන්දියාවටත් වගවිමක් තියෙන්වා.ඒ අනුව දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය සදහා අපේ ආරක්ෂක හමුදාවන් වල විශේෂඥ භාවය පුහුනු හුවමාරු කර ගන්න. සමහර තොරතුරු හුවමාරු කර ගන්න. මේ සදහා තමයි ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් වලට එළඹිලා තියෙන්නේ.මේ ගීවිසුම් අපේ රටේ ආරක්ෂක ප්‍රධානීන්ගේ ආරක්ෂක අමාත්‍යංශය තුළ සාකච්ජාවට ලක් කරලා ඒ අයගෙනුත් අදහස් සංශෝධන එකතු කරලා තමයි ගිවසුම් අත්සන් කරලා තියේන්නේ. කිසිම කෙනෙක් භය විය යුතු නැහැ. මේ අවශ්‍ය පරිදි ඔබටත් අවශ්‍යය නම් තොරතුරු පනත හරහා ලබා ගන්න පුළුවන්.මේ බොහෝ ගිවිසුම් වල තියෙන්නේ එකගතා. යම් යම් ක්ෂත්‍ර සදහා එකගතාවයන් ඇවිල්ලා තියේනවා . ඒවා සාකච්ජා කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ.රටට අහිතකර දේවල් නොවෙයි. අහිතකර දේවල් වෙනස් කරලා වඩ ප්‍රතිලාභ අත්පත් කර දෙන අපේ රටේ ජනයාගේ ස්වෛරීභාවය රටේ ස්වාධිනත්වය ආරක්ෂා වෙන ආකාරයට තම අපි කටයුතු කරලා තියෙන්නේ.
ප්‍රශ්නය -ඔබට මේ අවබෝධතා ගිවිසුම් ගැන විශේෂයෙන් ආරක්ෂක ගිවිසුම් තැන කතා කරන්නට අවබෝධයක් තියේනවාද?
මට යම් අවබෝධයක් තියේනවා. නමුත් අද මහජන ආරක්ෂාව පිළිබද ඇමතිවරය පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරිමක් කළා. මම හිතන ඒ පැහැදිලි කිරීම ප්‍රමානවත් කියලා . ඒහෙම නැති නම් සවිස්තරව පසුව කතා කරමු.