ඩ‍ෑන් ප්‍රියසාද් වෙඩි තබා මරා දමයි!

ඩ‍ෑන් ප්‍රියසාද් වෙඩි තබා මරා දමයි!

සිංහල ස්වෝත්තමවාදියෙකු මෙන්ම රාජපක්ෂවාදියෙකු වන ඩෑන් ප්‍රියසාද්ට නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඊයේ (22) රාත්‍රියේ එල්ලකරන ලද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ජාතික රෝහලට දැඩි සත්කාකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.

යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදනෙකු විසින් එම වෙඩා තැබීම සිදු කර පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. එම වෙඩි තැබීම සදහා භාවිතා තර ඇත්තේ 9 එම් වර්ගයේ පිස්තෝලයක් බව පොලිසිය සිදු කළ මුලික විමර්ශන වල දී අනාවරණය කර ගෙන ඇත.

කොළොන්නාව සාලමුල්ල ලක්සද සෙවණ මහල් නිවාස සංකීරණයේ 6 වෙනි මහල් නිවාසයේ සාදයකට සහභාගිවෙමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කරන විට 39 වන වියේ පසු විය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කොළොන්නාව නගර සභාවේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ඔහු තරග වැදිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *